Categories

World

ජපන් සමාව | I’m Sorry

846views

ස්තූති කිරීම හා ඕනෑම මොහොතක සමාව ගැනීම සම්බන්ධව ජපන් ජාතිකයින් තුල ඇති හැකියාව හා නිහතමානිත්වය ලොව කිසිම ජාතියක් තුල නැති තරම්. ඉංග්‍රීසි බසින් සමාව ඉල්ලීමට “sorry” හෝ “excuse me” වැනි ආකාර පමණක් භාවිතා වුවත්.ජපානයේදී මෙවැනි ආකාර 20ක් පමණ භාවිතා වේ.

සාමාන්‍ය ලෙස “gomen” ごめん භාවිතා වුවත් එහි ආකාර කිහිපයකි “gomen-nasai” ごめんなさい හෝ “gomen-ne” ごめんね . තවද “Warui warui” 悪い悪い භාවිතා වේ , ඒ අතර
“Sumimasen” すみません කෙලින්ම සමාව ගැනීම සඳහා භාවිතා වේ. “Yurushite” 許して යනු තවත් එවැනිම වචනයකි. “kanben” 勘弁 භාවිතා කිරීමෙන් අනුකම්පා සහගත සමාවක් ලබාගත හැක.වෙළඳමය හා පාරිභෝගික කටයුතු වලදී සමාව ඉල්ලීමට “moushiwake nai” 申し訳ない හෝ “shazai” 謝罪 යන වදන් කෙටි වාක්‍ය ලෙස භාවිතා වේ.

මේ ආකාරයට තවත් විවිධ ආකාර වලින් සමාව ඉල්ලීමට ඔවුන්ට හැකිය.රාජතාන්ත්‍රික කටයුතු වලදී ජපන් අග්‍රාමාත්‍යවරයා සමාව ඉල්ලීම සඳහා භාවිතා කල වචනය වන්නේ “owabi” お詫び යන්නයි.එය බොහෝ නිහතමානී ගරුකටයුතු සමාව ඉල්ලීමේ ක්‍රමයකි.දෙවන ලෝක සමයේදී ජපානයෙන් සිදුවූ වැරදි වෙනුවෙන් ඔහු මෙසේ ජාත්‍යන්තරය ඉදිරියේ සමාව ඉල්ලා තිබුනි.කුමන ආකාරයකට සමාව ඉල්ලූවත් , ස්තූති කලත් එය හිස නමා ප්‍රකාශ කිරීම ජපන් ජාතිකයින්ගේ අනිවාර්‍ය සිරිතකි.

හසිත හේරත් | Athirasa [ World ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker