Categories

Life

හුස්ම | Soul

942views

හුස්ම !!

අපි පිරිමි !! රැවුල වැවෙන , හැඩිදැඩි මස්පිඩු එක්ක හයිය හත්තිය ලැබිලා හැමතැනකදීම පෙරමුණ ගන්න අපි පිරිමි.තාත්තාගේ ආදරය අම්මාගේ කුසේ පැළපදියම් වෙද්දී අපිව රැගත්තේ ඒ උත්තුංග කාන්තාව අපේ අම්මා.අපි මෙලොව එළිය දකිද්දි අපේ අම්මාගේ උදවුවට වින්නඹු අම්මා හිටියා. දොස්තර නෝනා හිටියා , හෙදිය හිටියා. අගක් මුළතේ තේරුනේ නැතත් ලෝකේ එළිය දැක්ක දවසේ ඉදං අපිට අම්මා හිටියා. දශමෙන් දශමේ අපි ලොකුවෙනකොට අම්මාගේකිරි බොනකොට , අම්මා එහෙ මෙහෙ වෙන වෙලාවට අපිව බලාගන්න අපිට නැන්දා හිටියා , පුංචි අම්මා හිටියා , ලොකු අම්මා හිටියා , ඒ හැමෝටම අපිව බලාගන්න හැටි කියලා දෙන්න අපේ ආච්චි අම්මා හිටියා.

ටිකෙන් ටික අපිව ලොකු වෙද්දි අපිට පාසටල ඇතුලත් කරාම අපිට ආදරේ බෙදලා දෙන්න , අපිව බලාගන්න , අකුරු කියලා දෙන්න ගුරුතුමිය හිටියා. ඒ කාලේ ගෙවිලා යද්දී , අපි ටික ටික ලොකු වෙද්දී අපේ තනිකම මකන්න අපේ අක්කා හිටියා , නංගී හිටියා.රණ්ඩු වෙවී මරාගත්තත් ඒ ආදාර් සදාතනික වුනා. ඉස්කෝලේ ලොකු පන්ති වලදී පාඩම ලියවා ගන්න , පොත ඉල්ලාගන්න , කෑම ටිකක් කන්න , රණ්ඩු කරගන්න යෙහෙළියෝ හිටියා. ඒ හැමෝම අස්සේ සමහරුන්ට පෙම්වතියෙක් හිටියා. ටික ටික වැඩිවියට ඇවිත් රස්සාවටක ආවම අපිට උපදෙස් දෙන්න ආයතනයේ ඉහළ නිළධාරීවරියන් හිටියා.ඒ එක්කම රාජකාරියට උදවු කරන , හැම වෙලේම අපිව දිරිගන්නපු යෙහෙළියෝ හිටියා.

තනිකම රජකරනකොට අහම්බෙන් හමුවෙලා දුකසැප බෙදාගත්තු පෙම්වතියෙක් හිටියා. අම්මාගේ ආදරේ මහා කන්දක් වගේ රජ කරනකොට අම්මාට පස්සේ අපිට දෙවැනි අම්මා වගේ “බිරිඳ“ හිටියා. පෙරුම්පුරපු මහා කන්ද උඩින් ඉර පායනවා වගේ ඒ බිරිඳ අපිව අප්පච්චිලා කරාම හුරතල් කරන්න , ලස්සනට හදා ගන්න , වඩාගන එහේ මෙහේ දුවන්න අපිට අපේ දූවරු හිටියා. අපිව වයසට යද්දී ඕනම ගැටලුවක් ලස්සනට විසඳලා දෙන්න එදා වගේම වෙනසක් නැති අම්මා හිටියා.

හැම දුකක් පසුපස්සේම “ඇය“ සිටියා , හැම සතුටක් පසුපස්සේම “ඇය“ සිටියා. මේ මහා පෘතුවි තලයේ ආදරය උපන්දා සිටම අද වෙනකම් ඇය අපේ පසුපස්සේ සිටියා !!

අපේ හුස්ම පස්සේ ඇගේ හුස්ම තිබුනා
අපේ කඳුලු අස්සේ ඇගේ කඳුලු තිබුනා
සතුටු සිනා අස්සේ ඇගේ සතුට තිබුනා
අපේ දිවිය පස්සේ ඇගේ දිවිය තිබුනා

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker