Categories

Art & Entertainment

The 3D Magician | Indula

1.14Kviews

කලාකරුවකුට තමා හුරු වූ ඕනෑම උපකරණයක් තම කලා කෘතියකට උත්පාදකයක් ලෙස භාවිතා කිරීමට හැකියි. පැන්සල, පින්සල, සංගීත භාණ්ඩය මෙන්ම පරිගණකයත් වර්තමානයේදී හොඳ කලා මෙවලමක් විදිහට භාවිතාවට ඇවිත්. අන්න ඒ පරිගණකය භාවිතා කරලා ඉතා සෞම්‍ය කලා කෘතියක් නිර්මාණය කරන්නට නම් මනා හික්මීමක් මෙන්ම පුහුණුවක්ද තියෙන්නම ඕන. ඉන්දුල ජයසේකර කියන්නේ අන්න ඒ වගේ හික්මීමක් පුහුණුවක් ඇතුළේ හරි අපූරු කලා නිර්මාණ බිහිකරමින් ඉදිරියට ආ කලාකරුවෙක්. පරිගණකය භාවිතා කරලා නිර්මානය කරන ත්‍රිමාණ සජීවීකරණ නිර්මානයෙන් ටිකක් ඔබ්බට ගිහින් තාත්වික ත්‍රිමාණ රූප සංකලනයටත් ඔහු අත තබලා. ඉතා අපූරු භූමි දර්ශන වගේම දැකුම්කලු රමණීය පරිසර දර්ශනත් ඔහු දැන් පරිගණකයත් එක්ක එකතු වෙලා නිර්මාණය කරනවා.

ඉන්දුල ජයසේකර වෘත්තියෙන් ත්‍රිමාණ නිවාස හා ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙක්. තමන්ගේ වෘත්තිය සිදුකරන අතරතුර ලැබෙන නිදහස් කාල සීමාවේ තමන්ගේ පරිගණකය සහ එහි මෘදුකාංග ඉතා සංයමයෙන් හසුරුවමින් ඉන්දුල නිර්මාණය කල භූමි දර්ශන හා පරිසර දර්ශන නම් ඉතා අපූරුයි. වරක් සීගිරි ආලකමන්දාව තම පරිගණක ඔස්සේ නැවත ප්‍රථිනිර්මාණය කරමින් එකල සීගීරි පර්වතය මත තිබූ දසුන අප වෙත ගෙන එන්නටද ඔහු සමත් වුනා. ඉතිං අපි දැන් නරඹමු ඔහුගේ අපූරු නිර්මාණ කිහිපයක්

– හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker