2001 වසරේ සැප්තැම්බර් 11 අමෙරිකානු වැසියන්ට මෙන්ම ලෝක වාසී සියලුම ජනයාට අමතක නොවන දිනයක් විය. ඒ අල්කයිඩා ත්‍රස්ථයින් විසින් අමෙරිකාවේ ලෝක වෙළඳ සංකීර්ණ ගොඩනැගිලි යුගළට එල්ල කළ දැවැන්ත ප්‍රහාරය නිසයි. අල්කයිඩා ත්‍රස්ථයින් අමෙරිකානු ගුවන් සේවයට අයත් විශාල ගුවන් යානා හතරක් පැහැරගෙන තිබූ අතර එයින් දෙකක ලෝක වෙළඳ ගොඩනැගිලි දෙක වෙත ගැටෙන්නට සැලැස්වීය. තවත් එකක් ලෝකයේ ආරක්ෂාකාරීම ස්ථානය වූ පෙන්ටගනය වෙත කඩා වැට්ටවීය. අනෙක ධවල මන්ධිරය වෙත ගමන් කරමින් සිටියදී පෙන්සිල්වේනියාව ආසන්නයේ භූමියකට කඩා වැටී තිබිණ.
මෙම ප්‍රහාරය සඳහා පුහුණුවූ මරාගෙන මැරෙන අල්කයිඩා ත්‍රස්ථයින් 19 දෙනෙකු සහභාගී වී තිබූ අතර මහ මොළකරු වූයේ මොහොමඩ් අට්ටා නම් ත්‍රස්ථවාදියාය. 2001 සැප්තැම්බර් මස 11 වනදා උදෑසන 7.59 ට මගීන් 59ක් හා කාර්ය මණ්ඩලය 11 සමග පැහැරගත් ඇමරිකානු ගුවන් සේවයට අයත් බෝයිං 767 Flight 11 යානාව උදෑසන 8.46 වන විට උතුරු කුළුණ වෙත ගැටෙන්නට සැළැස්වූ අතර, එදින උදෑසන 8.14 ට මගීන් 51ක් හා කාර්ය මණ්ඩලය 9 ක් සමග පැහැරගත් බෝයිං 767 Flight 175 යානාවා 9.03 ට දකුණු කුළුණ වෙත ගැටෙන්නට සැළැස්වීය.
ඊට අමතරව මගීන් 53 ක් හා කාර්ය මණ්ඩලය 6 ක් සමග පැහැරගෙන තිබූ බෝයිං 757 Flight 77 යානාව උදෑසන 9.37 වන විට පෙන්ටගනයට කඩා වැට්ටවීය. අනෙක් ගුවන් යානාව මගීන් 33 ක් හා කාර්ය මණ්ඩලය 7 ක් සමග පැහැරගෙන ධවල මන්ධිරය දෙසට යමින් සිටියදී පෙන්සිලවේනීයාව ආසාන්නයේදී වගුරුබිමකට කඩාවැටී තිබිණ.
ගිණිගෙන දැවෙමින් තිබූ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිළි දෙක පිළිවෙළින් එකා පසුපස අනෙකා ලෙස පොළවට කඩා වැටෙන්නට පෙර ගොඩනැගිලි වලින් පැන මිය ගිය පිරිසට අමතරව ගොඩනැගිලි පොළවට කඩාවැටීමෙන් මිය පිරිස 2606 දෙනෙකු වීය. පැහැරගත් ගුවන්යානාවල සිටි පිරිස් හා ගොඩනැගිලි තුළ සිටිමින් මියගිය සියලුම පිරිස 2,977 ක් විය. එයට ත්‍රස්වාදීන් 19 දෙනාද ඇතුළත් විය යුතුය.ඊට අමතරව තුවාළ ලැබූ පිරිස 6000කට අධිකය. මෙම ප්‍රහාර හතර නිසා ඇමරකාවට සිදුවූ පාඩුව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2 කට අධික වූ අතර 2001 සැප්තැම්බර් මාසයෙන් පසුව ඇමරිකානු ආර්ථිකයේ විශාල පසුබෑමක් දිස්වූ අතර කොටස් වෙළඳ පොළද ඉතා සීග්‍රයෙන් කඩා වැටෙන්නට විය. මෙම සිදුවීමෙන් පසු කුපිත වූ ඇමෙරිකානු හිටපු ජනපති ජෝර්ජ් ඩබ්ලිවු. බුශ් අල්කයිඩා නායක ඔසාමා බිල් ලාඩ්න් සොයා අති දැවැන්ත මෙහෙයුමක්ද ආරම්භ කළේය.
ඇමරිකානු ඉතිහාසයේ කළු පැල්ලමක් ඉතිරිකරමින් නිවුයෝර්ක් අහසෙන් නොපෙනී ගිය ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිලි යුගළ වෙනුවෙන් පසු කලකදී වෙනත් ගොඩනැගිල්ලක් ඉදිවුවද, මීට වසර 17 කට පෙරදී නගරය පුරා විසිරීගිය දූවිළි හා දුක් අඳෝනා අතර දුක්බර මතකයක් තවමත් නිවුයෝර්ක් අහසේ රැඳී පවතීවි !




හසිත හේරත් | Athirasa [ World ]