පාට පාට කලා පවුල | Adobe Systems Incorporated
මේ ලෝගෝව මතකයිනේ ?? පරිගණකය එක්ක වැඩදාන කාටවත් මේ ලෝගෝ එකෙන් බේරෙන්න බෑ. මේ තියෙන්නේ ඇඩොබ් Adobe කොම්පැණියේ ප්‍රධාන කාර්යාලය. මේක පිහිටලා තියෙන්නේ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ. නමින් Adobe Systems Incorporated .
ඇඩෝබ් ආයතයනය ආරම්භකරන්නේ 1982 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකාවේ කැලිෆෝනියා වල.ආයතනය ආරම්භ කරන්නේ ජෝන් වර්මොක් සහ චාර්ල්ස් ගෙස්කේ විසිනුයි.කුඩා ආයතනයක් ආරම්භ කරන්නට කල්පනා කරමින් සිටි ජෝන්ගේ සහ චාර්ස්ගේ ගෙවල් පිටිපස්සෙන් ගලාගෙන ගියපු ඇඩෝබ් නම් වූ කුඩා ගඟේ නම යොදාගනිමින් ඔවුන් තම කුඩා මෘදුකාංග ආයතනය ආරම්භ කරා. ඉංග්‍රීසී A අකුර හැඩේට නිමැවුනු ඇඩෝබ් ලෝගෝව නිර්මාණය කලේ ජෝන්ගේ ආරණීය බිරිඳ වූ මාර්වා වර්මොක් විසිනුයි. ඇය වෘත්තියෙන් ග්‍රැෆික් නිර්මාණ ශිල්පිණියක්.
ඇඩෝබ් ආයතනයේ මූලික නිෂ්පාදන වූයේ Vector Graphics සදහා වූ PostScripts හා ඩිජිටල් අකුරු නිර්මාණයයි..අද අපි පාවිච්චි කරන TrueType Font වර්ගය හැදුනේ අන්න ඒ විදිහට.ඇඩෝබ් හිමි ජෝන් සහ චාල්ස්ගේ පළමු මෘදුකාංගය වූයේ Adobe Illustrator.පරිඝනක ආශ්‍රයෙන් වෙක්ටර් ග්‍රැෆික්ස් නිර්මාණය කරන්නට හැකි පළමු සාර්ථක මෘදුකාංගය එසේ බිහිවූවා.1989 දී අප කාටත් නැතුව බැරි ලොව පළමු Photoshop මෘදුකාංගය එළිදැක්වූවා.එය නමින් Photoshop 1.0.
1991 දී ඔවුන් වීඩියෝ සංස්කරණය කල හැකි Adobe Premiere මෘදුකාංගය එළිදැක්වූවා.මේවන විට ISO 32000-1:2008 තත්ව සහතිකයද ලබා සිටින PDF ලේඛණ නිර්මාණය කල හැකි Adobe Acrobat and Reader මෘදුකාංගය නිර්මාණය කලේ 1993 දීයි.1994 දී ඔවුන් Adobe Page Maker සහ අද අප කාටත් නැතුවම බැරි වූ Adobe After Effect මෘදුකාංග දෙක එළිදැක්වූවා.
1997 දී Adobe Indesign ද QuarkXpress ද එළිදැක්වූවා.2003 දී ඔවුන් විසින් ශබ්ද සංස්කරණ මෘදුකාංගයක් එළි දැක්වූවා එය නමින් Adove Audition වූවා..2005 දී මැක්රෝමීඩියා ආයනය සමග ඇතිවූ ගිවිසුමක් මත මැක්රෝමීඩියා ආයතනයේ Flash හා Dreamveiwe සහ සෙසු සියලු නිෂ්පාදන Adobe ආයතනය විසිනි ඇ.ඩෝ බිලියන 3.4 කට මිළට ගනුලැබූවා.ඒ අනුව Adobe Master Collection පද්ධතිය කරළියට පැමිණියා.අද අප පාවිච්චි කරන Adobe Master Collection පද්ධතිය වැඩිදියුනු වන්නේ ඒ ආකාරයටයි.
2007 දී ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී වූ බෘෘස් චින්සෙන් ඉවත් වීමෙන් පසුව නව ප්‍රධාන විධායකවරයා ලෙස පතවන්නේ ඉන්දියානු ජාතික ශන්තානු නාරායන් මහතායි.ඉන්දියානු ජාතිකයෙකු වන නාරයාන් කලින් Apple හා Dell ආයතන වලද ප්‍රධාන තනතුරු කීපයක් දරා තිබෙනවා.12,500 කට ආසන්න පිරිසක් සේවය කරන ඇඩෝබ් ආයතනයේ වත්කම් මේවනවිට ඇමරිකානු ඩොලර් බිලියන 12 කට ආසන්න වී තිබෙනවා.
ඔක්සිජන් හා දිය නැති ලෝකයේ අපට ජීවත් විය නොහැකි සේම ඇඩෝබ් නිෂ්පාදන නැති පරිඝණක ක්ෂේත්‍රයකද අපට ජීවත්විය නොහැක..දිනෙන් දින වැඩිදියුනු වන ඇාඩෝබ් නිෂ්පාදන සමග සිය රාජකාරි කරන සියලු පිරිස් එයට සාක්ෂි දරණු ඇත..
හසිත හේරත් | Athirasa [ Cyber & IT ]