Categories

Health

කෑමෙන් පසු ඔබ නිදියනවාද | Don’t Do After Meals

1Kviews

කෑමෙන් පසු ඔබ නිදියනවාද ?

කුසගින්නට ලබාගන්නා ආහාර ගත් මොහෝතේ සිට අප එදිනෙදා ක්‍රියාකාරකම් වල නිරත වනවා.අප නොදන්නවා වුවත් ඉන් සමහර ක්‍රියාකාරකම් ආහරයක් ගත් විගස හෝ පැය කිහිපයක් යනතුරු නොකල යුතු දේවල්.නමුත් අප ඒවාම කරමින් අපගේ ජීවිතය තව තවත් අනතුරේ දමාගන්නවා.ඔබත් ආහාර ගත් විගස මේවා නොකර සිටීමට වග බලාගන්න.

01 නිදාගැනීම
ආහාර ගෙන මොහොතකට පසු අපිට යම්කිසි නිදිමතක් දැනෙනවා.එසේ වන්නේ ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රේඩ් දහනයේදී නිපදවෙන ග්ලූකෝස් සෛලගත කිරීම වෙනුවෙන් නිපදවෙන ඉන්සියුලින් හෝමෝනයේ වැඩිවීම නිසා ශරීරය මගින් නිපදවන “මෙලටොනින්“ සහ “සෙරොටොනින්“ නම් අපගේ ශරීරයේ නින්ද පාලයන කරන හෝමෝන(මොළය මගින්) ශ්‍රාවය වන්නට පටන් ගැනීම නිසායි.එහෙත් එය දිගුනින්දකට ඇරයුම් කිරීමක් නොවේ.කෙටි නින්දක් ලබා ගැනීම විනා ඇඳකට වැටී රිසි සේ පෙරළෙමින් නිදා ගැනීම සුදුසු නොවේ.එවිට ශරීරයේ ඇතිවන විවිධ නැමීම් නිසා ආහාර මාර්ගය විවිධ ආකාරයට සංකෝචනය වෙමින් ජීරණය සඳහා අවශ්‍ය පහසුව නැති කර දමයි.එවිට ආහාර ජීරණය නිසි පරිදි සිදුනොවේවි.රාත්‍රියට වුව ආහාරගෙන පැය දෙකක් පමණ වන තුරු නින්දට නොයන්න.

02 දුම්පානය
ඔබ දුම්පානයට ඇබ්බැහි වූවෙක් නම් ආහාර ලබාගෙන අඩුම වශයෙන් පැයක් හෝ දෙකක් පමණ කාලයක් ගතවෙන තුරු සිගරට්ටුවක් පානය නොකරන්න.ඔබ එසේ කල හොත් ඔබ නොදැනුවත්වම සිදුවන්නේ අතිශය භයානක දෙයකි.ආහාර ලබාගත් මොහොතේ සිට ජීරණය ඇරඹේ එවිට ශරීරයේ ඔක්සිජන් ක්‍රියාකාරීත්වය අධික වේ.ඔබ සිගරට් පානය කරන විට ඒ සමග ශරීරගත වන නිකොටීන් නම් පිළිකා කාරකය පෙරට වඩා ඉක්මනින් ඔක්සිජන් සමග එකතු වී කරිසිනෝජෙනිසිස් නම් පිළිකා මූලය පෙනහළු තුල ඇතිකරන්නට පෙළඹේ.ඔබ ආහාර ගත් විගසම සිගරට්ටුවක් පානය කලහොත් එය සිගරට් 10 ක් එක්වර පානය කලා හා සමානව ශරීරය වෙත අනතුරු ගෙන ඒවි.( කෙසේ කලත් දුම්පානය කල්ගතවී හෝ ඔබව පෙනහළු පිළිකා වෙත රැගෙන යාවි)

03 ස්නානය
ආහාර ගෙන පැය දෙකක් පමණ යන තුරු ජල ස්නානය නොකල යුතුයි.ඔබ එසේ කලහොත් සිසිල් වන ඔබේ ශරීරය උනුසුම් කිරීමට රුධිර ගලනය වැඩි වශයෙන් දෑත්වලට පාද වලට හිසට ගමන් කිරීම නිසා ආහාර ජීරණ පද්ධතිය වෙත පොම්ප වන රුධිර ප්‍රමාණය අඩුවී ආහාර ජීරණය අඩාල විය හැක.එවිට පද්ධිතිය තුල ආහාර ඉතුරුවීම හෝ එය බොහෝ වෙහෙසට පත්වීම නිසා බඩේ කැක්කුම් ඇතිවේවි.

04 පළතුරු කෑම
ඔබ සිතනවා ඔබට ඕනෑම වේලාවක පළතුරු කෑ හැකි බව.පළතුරු කනවා නම් ඔබ හිස්බඩ පළතුරු කෑම බොහෝ ගුණදායකයි.එහෙත් ඔබ සිතන පරිදි ආහාර ගැනීමෙන් පැයක් පමණ වනතුරු පළතුරු නොකා සිටිනවා නම් බොහෝ හොඳය. පළතුරු ජීරණය සඳහා උදව් වන එන්සයිම වර්ග ප්‍රධාන ආහාර ජීරණය සඳහා උදව් වන එන්සිම වර්ග වලට වඩා වෙනස් ස්වරූප ගනී. ප්‍රධාන ආහාරය හා පළතුරු ජීරණය කරන එන්සයිම එකතුවීමෙන් ප්‍රධාන ආහාරය නිසිපරිදි ජීරණය නොවේ.වඩා හොඳ ප්‍රතිපල සඳහා පළතුරු “හිස්බඩ“ කන්න.

05 තේ පානය
ආහාර ගැනීමෙන් පැය දෙකක් පමණ වන තුරු තේ පානය කිරිමෙන් වළකින්න.ඔබ එසේ කලහොත් ආහාරයේ ඇති යකඩ උරාගැනීම සම්පූර්ණයෙන් නැවතී යනු ඇත.තේ කහට වල ඇති ටැනික් අම්ලය ආහාරයේ ඇති ප්‍රෝටීන් හා යකඩ සමග එකතුවීම නිසා ඒවා ශරීරගත නොවී අපතේ යනු ඇත.සාමන්‍යයෙන් ආහාර ගැනීමෙන් පසු තේ පානය නිසා අපතේ යන ප්‍රෝටීන් හා යකඩ ප්‍රතිශතය 87% ක් පමණවේ.මිනිස් සිරුරට යකඩ ඉතා අත්‍යාවශ්‍ය ඛනිජයකි.යකඩ අඩුවීමෙන් රුධිරය හා ඔක්සිජන් සම්බන්ධ නොවීමේ ඇනීමියාව නම් තත්වය ඇතිවේ.ඊට අමතරව රුධිරයේ රතු රුධිරාණු විනාශ වීම සිදුවේ.එවිට පසුකාලීන්ම රක්තහීනතාව නම් තත්වය පවා ඇතිවෙිවි.

නිවැරදි සෞඛ්‍ය පුරුදු ඇති කරගනිමින් අකල් මරණ වලට ගොදුරු නොවීමට අද සිටම උනන්දු වන්න.

අන්තර්ජාලය හා පොතපත ඇසුරිණි.

හසිත හේරත් | Athirasa [ Health ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker