Categories

FeatureWorld

ඇමසන් යෝධයා | Amazon

1.6Kviews

පරක් තෙරක් නොදන්නා මේ මහා විශ්වයේ අපි කොතැනද? විශ්වයේ කෙතරම් ක්ෂීරපථ ප්‍රමාණයක් තිබේද? එයිනුත් අපි යන්තම් හෝ අගමුල සොගයාගෙන තිබෙන්නේ අපගේ ක්ෂීරපථයේ අපි දන්නා ග්‍රහලෝකවල පමණි.අප ජීවත් වන මේ මහපොළවේ වයස අවුරුදු බිලියන 4.54 පමණ කාලයක් වන අතර, පෘථිවියේ බර කිලෝ ග්‍රෑම් 5.972x10x24 ප්‍රමාණයක් වේ.ලෝකයේ පළමු ජීවියා බිහිවී අද වන විට විවිධාකාර ජීවී වර්ග ඇතිවී අවසානයේ ලොව බුද්ධිමත්මජීවියාද බිහිවිය. නමින් හෝමෝ සේපියන් සේපියන් වන වත්මන් “මිනිසා“ හා නොයෙකුත් දිය, ගොඩ, උභය ජීවී වර්ග බොහෝ මේ ලොව තුරු පැතිරී ජීවත් වෙති.ඒ අතර ඇතිවී වඳවී ගිය ජීවී විශේෂද අනන්තය, අප්‍රමාණය. තවමත් ජීවත් වෙමින් නුදුරු අනාගතයේදී වඳවීමට නියමිත ජීවීන්ද අප්‍රමාණය.

මේ ලොව දිවි ගෙවන සියලු ජීවීන්ගේ පැවැත්ම රඳාපවතින්නෙ මේ මහපොළවේ සදාතනික පැවැත්ම මතයි. හිරු එළිය, ජලය හා ඔක්සිජන් ඒ අතර ප්රහධානතම ජෛව සාධක වේ. ශාඛ ඇතිවීම මේ මහපොළවේ සිදුවූ පළමු ආශ්චර්යමත් සිදුවීමයි. ඒ උපතින් පසුව මේ මහපොළව තුල සිදුවූවේ අප කාටත් සිතාගත හැකි ආශ්චර්යමත් සිදූවීම් නොවේ. ඔබ හා මගේ ඇතිවීමට සිදුවන්නේ ලොව පළමු ශාඛයේ ඇතිවීමෙන් පසුවය.

ගස් !! ඔබට හා මට නොව මේ මහපොළවටම බලපෑම් ඇතිකරන ප්‍රධානතම ජෛව සාධකය වේ .වර්ශාව හා සුළං ඇතිවීමට උදවු කිරීම , වායුගෝලයේ උණුසුම පාලනය , පාංශු ඛාදනය වැළැක්වීම, ආහාර ලබාදීම සහ ජීවී පැවැත්මට අත්‍යාවශය ඔක්සිජන් වායුව වායුගෝලයට මුදාහැරීමද ගස් මගින් සිදුවේ. ලෝකයේ බොහෝ රටවල වනාන්තර බොහෝ ප්‍රමාණයක් තිබේ. ඒවා තනි තනිව නොව එකතුවක් වශයෙන් මේ මහාපොළවේම ජෛව තත්ව පාලනය කරනුලබයි. අප දන්නා නොදන්නා සියලු වනාන්නතර අතර අප දැන ගතයුතු ලොව විශාලතම තෙත් සදාහරිත වනාන්තරය වන්නේ දකුණු ඇමරිකානු මහද්වීයේ “ඇමසන්“ වනාන්තරයයි. එය තනිව ගත්කල ලෝකයේම තෙත් හා සදාහරිත වනාන්තර වලින් භාගයක ප්‍රමාණයකි.

ඇමසන් වනයේ පිහිටීම
ඇමසන් වනයේ පිහිටීම

දකුණු ඇමරිකානු මහද්වීපයෙන් 1/3 න් එකක් පමණ භූමියක පැතිර ඇති මෙම වනාන්තරය රටවල් 9ක් පුරා පැතිර තිබේ. බ්‍රසීලය, පේරු රාජ්‍යය, කොළොම්බියාව, වෙනසියුලාව, ඉක්වදෝරය, බොලීවියාව, ගයනාව, සුරිනාමය හා ප්‍රංශ ගිනියාව එම රටවල් වේ.ඇමසන් වනය වසාගත් මුලු භූමියේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් මිලියන 5.5ක් වේ.එය එංගලන්තය හා අයර්ලන්තයේ භූමිප්‍රමාණය මෙන් 17 ගුණයක ප්‍රමාණයකි. ආර්ජන්ටිනාව මෙන් දෙගුණයක ප්‍රමාණයකි. ලෝකයේම ඇති ඔන්සිජන් වායු ප්‍රතිශතයෙන් පහෙන් එකක් එහෙමත් නැතිනම් 20%ක් උත්පාදනය කරන්නේ ඇමසන් වනය “තනිවමය“. මෙම වනය තුළ ඇති ශාක විශේෂ වර්ග ප්‍රමාණය 40,000 කි. කුරුළු විශේෂ වර්ග ප්‍රමාණය 1‍,300 කි. මසුන් විශේෂ ප්‍රමාණය 3,000 කි.ක්ෂීරපායි සත්ව විශේෂ ප්‍රමාණය 430 කි. තවද කෘමි විශේෂ වර්ග මිලියන 2.5 ක් වන අතර මාරාන්තික උරග(ඇනකොන්ඩාවන්) , ගෙඹි හා කූඹී විශේෂ ගණනාවක්ද ඇමසන් වනය නිවෙස කරමින් ජීවත් වෙති. ඊට අමතරව ශාක ගෙඩි වර්ග 3000 ක් පමණ ඇමසන් වනයෙන් සොයාගෙන ඇත. වනය තුල ඇති සමහර දුලබ ශාක වර්ග අතිශය ඖෂධීය ගුණ ඇති පිළිකා පවා නැසිය හැකි ඒවා බව දත්ත සටහන් වේ. ලෝකය පුරා විසිරී ඇති අදටත් අපි ගන්නා බොහෝ ආහාර වල නිජබිම(80% ක් පමණ ආහාර) වන්නේ මෙම ඇමසන් වනයයි. කෙසෙල්, කෝපි, හාල්, අර්තාපල්, කොකොවා, තක්කාලි, අන්නාසි, බඩඉරිගු, ගම්මිරිස්, තේ, රටකජු, අලිගැටපේර , බෙරීස් වර්ග ඒ අතර ප්‍රධාන වන අතර මෙකී නොකී බොහෝ ආහාර වර්ගවල නිජබිම ඇමසන් වනයයි.

මෙම ඇමසන් වනයට අවශ්‍ය ස්වභාවික පොහොර ලැබෙන්නේ සහරා කාන්තාරයෙනි. සුළං රැල් මගින් අප්‍රිකාවේ සිට රැගෙන එන දූවිලි තුල ඇති බොහෝ ඛනිජ මෙම ශාඛ වර්ධනයට උපකාරී වන බව සොයාගෙන ඇත. වසරකට ටොන් මිලියන 50 ක පමණ දුහුවිල්ලක් අත්ලාන්තික් සාගරය හරහා සුළං මගින් ඇමසන් වනය වෙත ගෙන එනු ලබනවා. ඇමසන් වනය හා අප්‍රිකාවේ කොංගෝ වනය බොහෝ සමාන වනාන්තර දෙකකි. මීට වසර බොහෝ ගණනකට පෙර පැවති සුපිරි මහද්වීපය කැබලි වලට කැඩීයාමෙන් අද පවතින මහද්වීප ඇතිවී ඇති අතර අප්‍රිකා මහද්වීපයට කොටසක් හා දකුණු ඇමරිකා මහද්වීපයට කොටසක් ලෙස මෙම මහා තෙත් වනාන්තරය මැදින් කැඩී බෙදීගොස් ඇත.

වසර මිලියන 55 ක් පමණ වයස වූ මේ මහා සදාහරිත වනය ග්‍රීක මිත්‍යා කථාවක සිටි ග්‍රීක යුධ වීරවරියක වූ ඇමසෝනා නමින් නම්කොට ඇත්නේ ස්පාඤ්ඤ දේශගවේශකයෙකු වන ෆ්රැන්සිස්කෝ ඔරිලානා විසිනි. ඇමසෝනා පිරිමින් පරයා යුධවැදී ජයග්‍රහණය ලබාගත් අති දක්ෂ වීරවරියක් බව ග්‍රීක කතාවල සඳහන් වේ. වසර 11,200 කට පෙරදී ඇතිවූ මුල්ම මානව ක්‍රියාකාරකම් සිදුවූ ප්‍රෙද්ශය වන්නේද මෙම ඇමසන් වනයයි.වනයේ බොහෝ අභ්‍යන්තරයේ ගල්ගුහා තුලින් එකල මානවයාගේ චිත්‍ර සොයාගෙන තිබීම එය සත්‍ය බව පසක් කරයි. අදටත් ඇමසන් වනය තුල විවිධ ගෝත්‍ර වර්ග 400 ක් පමණ භාශා 170කින් පමණ සන්නිවේදනය කරමින් ජීවත් වෙති. පුද්ගලයින් ප්‍රමාණ වශයෙන් මිලියන එකක් පමණ වේ. ඔවුන් භාහිර ලෝකය සමග කිසිම සම්බන්ධතාවක් නැත. ඈත අතීතයේ වනයෙන් එළියට පැමිණි මානවයා ලොව බොහෝ ශිෂ්ඨාචාර බිහිකරගනිමින් දියුණු මානව කොටසක් බවට පත්වූවත් මුතුන් මිත්තන් තවමත් වනය තුල දැකීම බොහෝ විට පුදුම සහගත කාරණාවකි.

ලොව දිගම ගංගාව වන නයිල් නදියට(කිලෝමීටර් 6650) පමණක් දෙවෙනි වන ඇමසන් වනය හරහා ගලා යන ඇමසන් නදිය කිලෝමීටර් 6400 ක් පමණ දිගය. තත්පරයකට ඇමසන් නදිය අත්ලාන්තික් සාගරයට මුසුකරන ජල ප්‍රමාණය ගැලුම් මිලියන 55කි. එක් දවසකදී පමණක් ඇමසන් නදිය අත්ලාන්තික් සාගරයට මුදාහරින ජල පරිමාව ඇමරිකාවේ නිව්යෝරක් නගරය වසර 12ක් තිස්සේ භාවිතා කරන ජල පරිමාවට සමාන වේ. මේ වන විට ඇමසන් නදිය ගලා බසින්නේ බටහිර සිට නැගනහිර දෙසට වුවත් ඇන්ඩීස් කඳුවැටිය මතුවීමට පෙර(පෘතුවි තල වල ගැටීමෙන් ඇන්ඩීස් කඳුවැටීය මීට වසර දහදහස් ගණනකට පෙර බිහිවිය) ඇමසන් නදිය ගලා බැස ඇත්තේ නැගෙනහිර සිට බටහිරට වන අතර ජලය මුදාහැර ඇත්තේ පැසිපික් සාගරයටයයි. ලොව වැඩිම ජල පරිමාව මුහුද වෙත ගෙන යන ඇමසන් නදිය වසරේ සෑම දිනකම එකම ආකාරයෙන් දිය රැගෙන එයි.

ඇමසන් වනය හරහා දිවෙන ඇමසන් ගංඟාාව
ඇමසන් වනය හරහා දිවෙන ඇමසන් ගංඟාාව

ඇමසන් වනය විසින් අත්පත් කරගත් රටවල නගර වලට ගොඩබිමි මාර්ග නැත.ඇත්තේ ගුවන් මාර්ග හා ගංගාවේ බෝට්ටු මාර්ග පමණි.ඇමසන් වනයේ මධ්‍යෙය් පිහිටා ඇති පේරු රාජයේය අග නගරය එවැනි එකකි.එහි ජීවත් වන පුද්ගල ප්‍රමාණය 400,000 කි. මෙවැනි ප්‍රධාන නගර කිහිපයක් ඇමසන් වනයට වටවී පිහිටා තිබේ.මේ වන විට වගාවන් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමසන් වනය එළිකිරීම අතරින් පතර අරඹා ඇත.මේ වන විට සිදුවන ඇමසන් වන විනාශය තවදුරටත් මෙම වේගයෙන්ම සිදුවුවහොත් තවත් වසර 40කදී ඇමසන් වනය සම්පූරණයෙන් අතුරුදහන් වියහැකි බව රතුදත්ත වාර්ථා වල සඳහන් වේ.

“ලෝකයේ පෙනහලු“ නමින් නම් කොට ඇති ඇමසන් වනය කපාදැමීමට රටවල් බොහෝ ගණනක් තම විරෝධය දක්වා ඇති අතර එය රැකගැනීම සඳහා එකතුවී ඇති බවද දැනගන්නට ලැබිනි. අපගේ මෙන්ම අපගන්නා ආහාරයේද නිජබිම වන්නාවූ “ඇමසන් යෝධයා“ විනාශ වීමට ඉඩනොදී රැකගැනීම පෘතුවිවාසි සියලුම දෙනාගේ පරම යුතුකම වේ.

හසිත හේරත්  | Athirasa [ World ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker