Categories

World

කුහුඹුපුරය | The Ants Land

2.64Kviews

“පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි කූඹියෝ” අප කුඩා කලදී එකමුතු කම ගැන ඉගෙන ගන්නා විට අප ඉගෙන ගත් ඒ ගී කණ්ඩය කෙසේ නම් අමතක වන්නද. සමහර වෙලාවට බොහෝ දෙනෙක්ට වදයක් වන කූහුඹු සතුන් එක්තරා ටෙලි නාට්‍යයක් නිසා පසුගිය දිනවල බොහෝ දෙනාගේ සිත් තුළ පැළ පදියම් වී ඇත. මේ ලියැවිල්ල ඒ ටෙලි නාටකය ගැන නම් නොවේ. කළු කූඹි , නයි කූඹි , තෙල් කූඹි , රතු කූඹි වැනි කූඹින්ගේ සැබෑම ජීවිතය පිළිඹඳවයි මේ ලියැවිල්ල.

මේ මුළු මිහිතලය පුරා විහිදී ඇති සෑම ගොඩබිමක් මතම කූහුඹුවන් වාසය කරති. විවිධ කුහුඹු විශේෂ 22,000 කට අධික ප්‍රමාණයක් මේ පෘථිවිය පුරා ජීවත් වන අතර ඒ කුහුඹුවන් සියලුම දෙනාගේ බර ප්‍රමාණය ලෝකයේ දැනට ජීවත් වන බිලියන 7.6 වන මිනිසුන්ගේ බරට වඩා වැඩි වේ. සරලව කිවහොත් ලෝකයේ ජීවත්වන සෑම පුද්ගලයෙකුටම කුහුඹවන් මිලියන 1ක් හිමිවන ලෙස අවශ්‍ය නම් බෙදා දිය හැක. ලොව තුළ සිටින සියලු විශේෂ වල කුහුඹුවන් ප්‍රමාණය ට්‍රිලියන 10 කට ආසන්නය.

කුහුඹු කොළණියක්

කුහුඹුවන් ජීවත්වන්ගේ විශාළ කුහුඹු රාජධානි තුළය.ඒවා පොළව අභ්‍යන්තරයේ , විශාල ශාඛ තුල, ගොඩනැගිලිය පාදම් තුළ ඉදිවී ඇත. සේවක කුහුඹුවන් සහ කුහුඹු රැජිණන් ජීවත් වන මෙම රාජධානි බොහෝවිට පොළව අභ්‍යන්තරය දක්වා දිවේ.කුඩා ප්‍රමාණයේ රාජධානි වල සිට අති විශාල රාජධානි දක්වා මෙවා විහිද යයි. ලොව විශාලතම කුහුඹු රාජධානිය පිහිටා ඇත්තේ ආර්ජන්ටිනාවේ වන අතර එය කිලෝමීටර් 6000ක් දක්වා විහිදී ඇත.ඒ තුළ කුහුඹු රැජිණන් මිලියන ගණනක්ද , සේවක කුහුඹුවන් බිලියන ගණනින්ද ජීවත් වන බව ගණනය කොට ඇත. ඔබ සෑම තැනම දකින මෙම සියළු කුහුඹුවන් ගැහැණු කුහුඹුවන් වේ. බර ඉසිලීම , ආහාර ගෙන යාම , රාජධානි සැකසීම හා බිත්තර දැමීම වැනි සියළු දේ සිදුකරන්නේ මෙම ගැහැණු කුහුඹුවන් අතිනි. පිරිමි කුහුඹුන් වැඩි වශයෙන් දැකිය නොහැක. ඔවුන් හැඩයෙන්ද නිතර දකින කුහුඹුන්ගේ හැඩයට හාත්පස වෙනස්වේ(ඔවුන්ට පියාපත් දෙකක් හිමිය). පිරිමි සතුන් කුහුඹු රාජධානිය තුළ කිසිඳු රාජකාරියක් නොකරන අතර ඔවුන්ගේ එකම රාජකාරිය සංසේචන සමයේ රැජිණියන් සමග ලිංගිකව එක්වීම පමණි. සංසේචන කාලය අවසානයේ ඔවුන් මිය යනු ඇත.එමෙන් සමහර කුහුඹු විශේෂ ” අලිංගිකය” ඔවුන් තමා විසින්ම සංසේචනය වී බිත්තර උපදවයි.

කුහුඹුවන්ගේ ආයු කාලය ඉතා දීර්ඝ වන අතර එය වසර 30 ක් දක්වා දිවේ. මොවුන් ඉතා කඩිසර සතුන් කොටසක් වන අතර ඔවුන්ට ඔසවාගෙය යා හැකි බව ඔවුන්ගේ ශරීර බර මෙන් පනස් ගුණයක් දක්වා වැඩිවේ.සමහර විටක වහළය මත උඩු අතට ඇලී සිටින කුහුඹුවෙක් මත තම බර මෙන් සිය ගුණයක බරක් පහළට රඳවාගෙන සිටිය හැක. ලොව වේගවත්ම ජීවියාට හිමි සම්මානයද ලබා දිය යුතු වන්නේ කුහුඹු විශේෂයකටමයි. මැන්ඩිබ්ලස් නම් දළ කඩි විශේෂයක් වන මොවුන්ට තම සිරුරේ බර මෙන් 300 ගුණයක බර ඔසවාගෙන පැයට කිලෝමීටර් 230 ක වේගයෙන් ගමන් කළ හැක. සාමාන්‍යයෙන් කුහුඹුවන් වසරක් තුළ පොළව මතුපිට වර්ග සැතපුමක් තුළදී පස් ටොන් 50 ක් පමණ එහේ මෙහේ කරනු ලබති.

වගා කරමින් තමා පෝෂණ වන ලොව සිටින එකම ජීවී විශේෂ දෙක වන්නේ මිනිසුන් හා කුහුඹුව්න පමණි. කුහුඹුවන් තමා රැගෙන පැමෙිණෙන කුඩා සතුන් විවිධ ශාඛ මත තම කෙළ වලින් අලවා පාත්ති දමා රඳවා තබනු ලැබේ. කුහුඹුවන්ට ආමාශ දෙකකි. එකක් තමාට ජීවත් වීමට සේවය ලබා දෙන ආමාශය වන අතර අනෙක අනෙක් කුහුඹුවන් වෙනුවෙන් භාවිතා කරයි. ඔබ දැක තිබෙනවාද කුහුඹුව්න අතර මඟදී මුහුණුට මුහුණ හමුවූ වී එකිනෙකාට හාදු දෙන ආකාරයක් ? එහිදී සිදුවන්නේ දෙවන ආමාශයේ තිබෙන ආහාර අනෙක් කුහුඹුවා වෙත ප්‍රධානය කිරීමේ අවස්ථාවයි. මෙම ක්‍රියාවලියට අප ට්‍රොපලක්සිස් Trophallaxis යැයි කියමු.

ආමශගත ආහාර හුවමාරු කරගන්නා Trophallaxis අවස්ථාව

කුහුඹුවන් තවත් කුහුඹුවන්ගේ සේවකයින් ලෙස සිටිමින් ඔවුන්ට ආවතේව කරන අතර , අනෙක් කුහුඹුවන්ගේ ආරක්ෂාවද සපුරයි. කුහුඹුන්ගේ පරම සතුරන් වන්නේ මිනිසුන් හෝ විශාල සතුන් නොවන අතර තවත් එවැනිම වෙනත් ක්‍රියා පටිපාටියක් හිමි කුහුඹු වර්ගයක්මය. කුහුඹුවන්ට පෙනහළු නොමැත සිරුර දෙපස ඇති සිදුරු තුළින් ඔවන් ඔක්සිජන් උරාගනී. ශ්‍රවණ ඉන්ද්‍රිය පවා පිහිටා නොමැති කුහුඹුවන් තම අඬු පිරිමදින කම්පන තරංග මගින් සන්නිවේදනය සිදුකරගනිති. තවද ඔවුන් එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට සිරුරෙන් නිකුත් කරන රසායනික සංයෝග පවා භාවිත කරති.සමහර විටක දෑස් පවා නොමැති මෙම කුහුඹුවන් තත්පර කිහිපයක් තුල අතිවිශාල කුහුඹූ රාජධානියක සිටින සියළුම කුහුඹුවන් වෙත පණිවුඩයක් ගෙනයාමට මෙම රසායනික සංයෝග භාවිතා කරයි.

 

ඉතා විශ සහිත කුහුඹුවන් විශේෂයක්

 

කුහුඹු රැජිණක්

කුහුඹුවන් ලොව අඩුම වේලාවක් නින්ද ලබාගන්නා ජීවින් විශේෂයකි.දළ වශයෙන් ඔවුගේ නින්දේ දිග විනාඩි 8 ක් පමණ වේ.මුළු ජීවිත කාලයටම ඔවුන් නිදාගන තිබෙන්නේ පැය 4ක් වැනි කාලයක් පමණි.එහෙත් කුහුඹු රැජිණ තම මුළු ජීවීත කාලයටම පැය 6ක නින්දක් ලබයි.එක්තරා කුහුඹු විශේෂයක් සපා කෑ වීට මී මැස්සන් 12 දෙනෙකු දශ්ඨ කල වේදනාව දැනෙන අතර.ඇමසන් වනයේ ජීවත් වන බුලට් ඈන්ට් නම් කුහුඹුවා ලොව විශ සහිතම කුහුුඹුවා වේ. කුහුඹුවන් ඉතා ඉක්මනින් පවතින තත්වය අවබෝධ කරගනිමින් ඉක්මනින් “ඉගෙන ගන්නා” කෘමි විශේෂයකි. මිනිස් මොළයේ සෛල මිලියන10,000 ක් පමණ තිබෙන අතර කුහුඹු මොළයක සෛල මිලියන 25,000 ක් පමණ තිබේ.එයින් ඔබට සිතාගැනීමට හැකිවෙීවි කුහුඹුවන්ගේ උගෙන ගැනීමේ තරම !

තවත් කුහුඹු වර්ග

ලොව විශාලතම කුහුඹු විශේෂය අගල් 2.5 ක් පමණ විශාල වන අතර කුඩාම විශේෂය මිලිමීටර් 2ක් පමණ වේ. ඩයිනෝසර් යුගයේ සිට මේ වනතුරුත් වසර මිලියන 100 කට පෙර සිටම නොවෙනස්ව නොකඩවා පැවත එන එකම ජීවී විශේෂය වන්නේද කුහුඹුවන්මය. ඉතා කඩිසර කුහුඹුවන් පිළිඹඳ නොයෙක් කතා ගොතා තිබුනද ලොව පුරාම විසිරී සිටින විවිධ කුහුඹුන් පිළිබඳ වූ මෙම විස්තරය ඔබටත් කිසියම් දැනුමක් එක් කරදුන්නා යැයි සිතමි.

පායනා කාලෙදී රෑ දවල් මහන්සි වී කන්න දේ රැස් කරයි “කූඹියෝ”

හසිත හේරත් | Athirasa [ World ]

 

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker