ASUS ZenBook Pro15
ASUS සමාගම විසින් 2018 වසරේ සැප්තැම්බර් මසදී වෙළඳ පොළට නිකුත් කරනු ලැබූ නවතම ලැප්ටොප් පරිගණකයයි ASUS ZenBook Pro 15 පරිගණකය. මෙම පරිගණකය ASUS ආයතකය විසින් මේ වන තෙක්ම නිපදවූ ලැප්ටොප් වලට වඩා සුවිශේෂී අයුරකින් නිපදවා ඇත. මෙහි ඇති මූලිකම විශේෂාංගය වන්නේ යතුරු පුවරුවේ ඇති ටච් පෑඩයයි. වෙනත් ලැප්ටොප් පරිගණක මෙන් නොව මෙම ටච් පෑඩය මෙම පරිගණකයේදී තවත් දර්ශණ තිරයක් ලෙස ක්‍රියාත්මක වේ. ඊට අමතරව මෙය මවුස් පෑඩය ලෙසද ක්‍රියාත්මක කොට ගත හැක.
පරිගණකයේ ස්ථාපනය කරනු ලබන මෘදුකාංග වල කෙටි දර්ශණ පාලකයක් මෙම කුඩා තිරය මතට ගත හැකිය. එය මගින් පරිගණකයේ සමහර තත්ව ක්‍රියාත්මක කරගැනීමට හැකිය. ඊට අමතරව පරිගණකයේ යෙදවුම් හැසිරවීමටද මෙම ටච් පෑඩය පාලකයක් ලෙස භාවිතා කොටගත හැකිය. තවත මෙම නවතම ටච් පෑඩය තුල Voice Controlling තාක්ෂණය අන්තර්ගත කොට ඇත. මෙම අධිතාක්ෂණික ටච් පෑඩයට “Hello” යනුවෙන් ආමන්ත්‍රණය කිරීමෙන් එය ක්‍රියාත්මක කොට ගත හැකිය. ඉන් පසුව අවශ්‍ය පරිදි පරිගණකය හසුරුවා ගත හැකිය.
මෙම පරිගණකයේ මහත 18.9 වන අතර බර කිලෝග්‍රෑම් 1.8 ක් පමණ වේ. වින්ඩෝස් 10.1 Pro මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කොට ඇති මෙම පරිගණකයේ මධ්‍යම සැකසුම ඒකකය Corei9(8th Gen Intel) වන අතර RAM ධාරිතාවය 16GB වේ. ග්‍රාෆික මතක (VGA) පත වන්නේ නවතම කාණ්ඩයට ඇතුලත් වන GeForce GTX 1050 Ti(4GB) ග්‍රාෆික මතක පතයි. දර්ශන තිර විභේදනය(Resolution) 3840X2160(4K) වේ. තවද මෙම තිරය ස්පර්ශ පාලක තිරයකි.තන්ඩර්බෝල්ට් හා USB 3.1 සම්බන්ධක කිහිපයක්ම ඇති මෙම ලැප්ටොප් පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධතා වේගය ඉතාමත් ඉහළ වේ. පැය 9 කට අධික බැටරි ආයුකාලයකින් හෙබි මෙම පරිගණකය ඔබේ ඇගිළි සළකුණ මගින් අගුළු ලෑම හෝ අගුළු ඉවත් කිරීමට තාක්ෂණය යාවත්කාලීන කොට ඇත.
හසිත හේරත් | Athirasa [ Gadgets ]