රස රහස් | Secret of The bag
ඔබ මෙම පිංතූරයේ සිටින තැනැත්තිය හඳුනනවාද ?? ඔවු ඔබ හරි මේ සිටින්නේ එංගලන්තයේ දෙවන එලිසබෙත් රැජිණයි. වයස අවුරුදු 91 වන ඇය අවශ්‍ය අවස්ථාවලදී තවමත් සවි ශක්තියෙන් යුතුව මහජනතාව ඉදිරියේ පෙනී සිටියි. මේ සටහන ඇයගේ ඉතිහාසය හෝ ඇගේ රාජකාරි පිළිබඳව නොවේ.
ඔබ අන්තර්ජාලයේ ඇගේ නම සඳහන් කරමින් සෙවුමක් කරන්න. ඔබ වෙත දර්ශණය වන ඇගේ බොහෝ පින්තූර වල ඇයත් සමග සෑම විටම එක්තරා උපකරණයක් රැඳී පවතී. ඔබ හඳුනාගත්තාද ? බලන්න මේ පින්තූරය ඔවු ඇය සතුව සෑම විටම කාන්තා අත් බෑගයක් රැඳී පවතී. ඔබට අවශ්‍යද මේ බෑගයේ ඇති දේ දැනගැනීමට ?? ඇත්තෙන්ම මෙම බෑගය තුල කිසිවක් නැත !!
විලාසිතාවකට මෙන් ඇය මෙම බෑගය රැගෙන ගියත් මේ බෑගය පිටුපස ඇත්තේ ඇයත් ඇගේ ආරක්ෂක නිළධාරීන් පමණක් දන්නා රහසකි (මෙතැන් සිට ඔබත් එය දැනගන්නවා ඇත).මෙම බෑගය ඇය භාවිතා කරන්නේ ඇගේ ආරක්ෂක නිළධාරීන් හට රහස් සංඥා කිහිපයක් ලබා දීමටයි.සොයාගන්නට ලැබුනු තොරතුරුවලට අනුව ඇය මෙම බෑගය හරහා සංඥා 12 කට අධික ප්‍රමාණයක් තම ආරක්ෂක නිළධාරීන් වෙත ලබා දෙනවා.
ඇය බෑගය වමතේ ඇඟිලි වලින් එල්ලාගෙන සිටීනම් ඇයට දැන් ගමන නැවතීමට අවශ්‍ය නැති බවත් අවසානය තෙක් යාමට අවශ්‍ය බවත් කියා සිටී. අතර මැද ඇතිවන බාධක ඉවත් කර දෙන්න. එය දකුණු අතේ නම් වෙනත් පණිවුඩයකි. ඇය බෑගය පින්තූරයේ ආකාරයට එල්ලාගෙන සිටීනම් තමාට කෙටි වේලාවක් නැවතී සිටිය හැකි බව පෙන්වයි. ඇය බෑගය අතකින් අතකට මාරුකර පෙන්වූවේ නම් ඇයට කියා සිටින්නේ දැන් මට මෙතැනින් සෙමින් පිටවීමට(මාරුවීමට) අවශ්‍ය බවයි. තමාට ආචාර කිරීමට තමා වෙත යමෙක් පැමිණෙන විට එම පුද්ගයලා ඈතින් තබාගත යුතු බව ඇය බෑග් සංඥාවක් මඟින් දැනුම් දේ. ඇයට මෙතැනින් “වහා ඉවත්වීමට” අවශ්‍ය බව පෙන්වීමට නම් ඇය බෑගය දකුණතට ගනී.
මෙවැනි සංඥා 12 කට අධික ගණනක් ඇය තම බෑගය හරහා තමාගේ ආරක්ෂක නිළධාරීන් වෙත ලබාදේ.මෙවැනි සංඥා ඇය පමණක් නොව රුසියානු ජනාධිපති පුටිං හා හිටපු ඇමරිකානු ජනාධිපති ඔබාමා පවා තම ටයි පටිය ඔරලෝසුව හා මුහුණේ සිනාව හෝ අත ඔසවන පාත දමන අයුරින් තම ආරක්ෂක නිළධාරීන්ට ලබාදෙනු ලබනවා.
හසිත හේරත් | Athirasa [ Feature ]