බෙංගාලි පූසා | Bengal Cat
ඔබ මින් පෙර මෙම සතා දැක ඇතිද? පෙනුමෙන් පුල්ලි කොටියෙකු ලෙස පෙනුනත් ඇත්තෙන්ම මේ සිටින්නේත් සාමාන්‍ය පූසෙකි. බෙංගාලි පූසා(Bengal Cat) නමින් හැඳින්වූවත් මෙම බළල් වර්ගයෙහි උපත සිදුවූයේ බෙංගාලයේ නම් නොවේ. ඇත්තෙන්ම මේ පූස් වර්ගය සාමන්ය ලෙස ලොව පැවති වර්ගයක් නොවේ. ඇමරිකානු ජාතික බළල් විශේෂඥවරියක් වන ජීන් මිල් විසින් “නිපදවූ” බළල් විශේෂයකි.
TomCat යනුවෙන් හඳුන්වන සාමාන්‍ය බළලෙකුගේත් Asian Leopard Cat යන ආසියානු මහ කැළෑ පූසා යනුවෙන් හඳුන්වන බළලෙකුගෙත් ජාන එකට එකතුකොට “නිර්මාණය” කළ පූසෙකි. ජීන් විසින් මෙම වර්ගයේ පළමු පූසා නිර්මාණය නරන්නේ 1970 වසරේදි ඇමරිකාවේදීයි. සාමාන්‍ය බළලෙකුට වඩා දිගු පසුපස දෙපා සහ වළිගය මෙම වර්ගයේ දැකිය හැකි තවත් විශේෂත්වයකි.
ඉතා සෞඛ්‍ය සම්පන්න හා පෙනුමෙන් කුඩා කොටියෙකු සේ දිස්වීම නිසා මෙම බළල් විශේෂය ලෝකයේ පූස් ලෝලීන් අතර ඉතා වේගයෙන් ජනප්රිය වුනා. එමනිසා 1975 වසරේදී මෙම වර්ගය ලෝක ජාත්‍යාන්තර බළල් සංගමයේ(The International Cat Association – TICA) ලියාපදිංචි කරනු ලැබූවා. මේ වනවිට ලොව පුරා මෙවැනි බෙංගාලි පූසන් 2000කට ආසන්න ප්රමාණයක් ජීවත්ව සිටිනවා.
මෙම අලංකාර පෙනුමැති හා සුරතල් බෙංගාලි පූසා මෙලොවට හඳුන්වා දුන් බළල් වර්ග විශේෂඥ ජීන් මිල් 2018 වසරේදී තම දිවියෙන් සමුගත්තා.