කාල් බෙන්ස් | Carl Benz
934views
ලොකයම උඩුයටිකුරු කළ “internal combustion engine” එහෙමත් නැතිනම් ඉන්ධන දහනය කරමින් ශක්තිය නිපදවන ලොව පළමු මෝටර් එන්ජිම නිපදවූ කාර්ල් බෙන්ස් මැතිතුමා 1844 නොවැම්බර් 25 දිනක මෙළොව එළිය දුටුවේය.
ජර්මන් ජාතිකයකු වූ මෙතුමා පසුකාලීනව වෘත්තියෙන් මෝටර් රථ ඉංජිනේරුවරයෙකු විය.ගොට්ලිබ් ඩේම්ලර් හා විලියම් මේබෙච් නම් ඉංජිනේරු දෙදෙනාද ඉන්ධන වලින් දහනය වන මෝටර් එන්ජිමක් නිපදවූ අතර කාල් බෙන්ස් ලොව පළමු දහන එන්ජිමට අදාල පේටන්ට් බලපත්‍රය ලබාගත්තේය.පසුකාලීනව ගොට්ලිබ් ඩේම්ලර් හා කාර්ල් බෙන්ස් එකතුවී මෝටර් කාර් නිපදවීමට ආයතනයක් ඇරඹීය. පෙනහළුවල ඇතිවූ ආබාධයක් නිසා අවුරුදු 84 ක් ආයු වළඳා මෙතුමා 1929 අප්‍රේල් 04 වෙනිදා මෙළොවින් සමුගත්තේය.
©හසිත හේරත්