බිම් සුවඳ | Rain
778views
අඹරා ගසුත් සුළගත් ආ හැටි බෝමා
කලුවක් අරන් අඹරත් කැලතුන ලීලා
වරදක් නැතත් කලකින් දිය බුං පේනා
වැස්සක් ඇවිත් මැණිකේ රෙදි ගෙට ගේනා
අතරින් පතර පෙරලුණු දිය බිඳු අතරේ
ගලමින් වතුර කන්දෙන් පහළට බේරේ
තෙමුනත් ටිකක් ගේ තුළ සිදුරෙන් වහළේ
අහසින් ගෙනත් දුන්නේ මිණිකැට සාරේ
නහයට දැනුණු බිම් සුවඳේ රස වෑහේ
ගස් යට දිගට වැසි සම්පත පිස නෑරේ
බාගෙට තෙමුනු ටොමියා ගෙට දිව ආවේ
මැණිකේ හනික දොර වහපන් පිළිකන්නේ
නිම්නය පුරා උතුරා මල් පිපෙන්නට
අටුකොටු සරුව පිරි සම්පත ලැබෙන්නට
ගඟ දිය සතර මැද ගම්බිම තෙමන්නට
වැහැපන් වැස්ස මහ කඳුගැට තෙමෙන්නට
හසිත හේරත් | Athirasa [ Kavi ]