නපුරා | Black Holes
ගුරුත්වාකර්ෂනය නැති ලොවක ජීවයක් පවතින්නේ නැත. පෘතුවියේ ජීවය ඇතිවන්නනට හේතුවූ ප්‍රභල සාධකයකි ගුරුත්වය. විශ්වය අමුතු ස්ථානයකි එහි අගමුලක් සොයාගන නැත. තොරතුරු සෙවීමෙහි ඉතා රසවත් විශ්වයේ ඇති බොහෝ දේ ගැන අප දන්නේ කොපමණ ස්වල්පයක්ද. කළුකුහර එහෙමත් නැතිනම් black holes විශ්වයේ ඇති එලෙස හඳුනාගත යුතු වැදගත් සංසිද්ධියකි.

ඉතා වේගයෙන් චලනය වන අතිදැවැන්ත ශක්ති පදාසයක් අධික ගුරුත්වාක්රණයකින් යුතුව එක්රැස් වී තිබීමෙන් මෙම කළු කුහර සෑදී ඇත. මෙම කළුකුහර ආසන්නයෙන් ගමන් ගන්නා ඕනෑම ආකාශ වස්තුවක් මේ තුලට ඇදගන්නා බව මිනිස් විශ්වාසයයි. කුඩා කුහර මෙන්ම ඉතා විශාල කුහරද විශ්වයේ තැන් තැන්වල පිහිටා ඇති අතර ඉතා විශාල විකිරණ පදාසයක්ද මේ තුළ අන්තර්ගත වේ. කළුකුහර තුල ඇති අධික ගුරුත්වය කාලය අවකාශයද සඟවා තබයි. එම නිසා කළුකුහර කාලය හරහා ගමන් කල හැකි දොරටුවක් වශයෙන්ද හැදින්වේ.
කළුකුහර සංකල්පය මුලින්ම සොයාගන ඇත්තේ Karl Schwarzschild විසින් 1916 දීය. ඔහුගේ නිගමනයට අනුව මෙම කළුකුහර සෑමවිටම විශාල වෙමින් පවතින අතර විශ්වයේ ඇති විශාල වස්තු පවා විනාශ කල හැකි supermassive black hole තත්වයට පවා පත් වෙමින් තිබේ.

කිසිදු පදාර්ථයකයට තබා ආලෝක කිරණයකටවත් පිටවිය නොහැකි අභ්‍යවකාශ ප්‍රදේශ හෙවත් කළුකුහර ඉතාම ඝනවූ ස්කන්ධයක් විසින් අවකාශ කාලය “විරූපී” කරයි. අභ්‍යවකාශයෙිදී කළුකුහර හඳුනාගැනීමටද නොහැක. තාපගති විද්‍යාවේදී අප ඉගෙන ගත් කෘෂ්ණ වස්තු මතකද?? ආලෝකය පරාවර්ථනය නොකර උරාගන්නා බැවිනි කළු නම් යෙදී ඇත. ක්වොන්ටම් විද්‍යාවට අනුව මෙම කුහර තුල උෂ්ණත්වයද අඩුය සිදුර විශාල වන විට උෂ්ණත්වයද අඩුවේ. එම නිසා මෙම කුහර නිරීක්ශනයද ඉතා අපහසු වේ. මෙම කුහර නිරීක්ශනය අපහසු වූවත් එවා වෙනත් පදාර්ථ සමග සිදුවන අන්තර්ක්‍රියා නිරීක්ෂනය කිරීමෙන් මේවා යම්දුරකට නිරීක්ෂනය කල හැක. අවකාශ ප්‍රදේශ වටා භ්‍රමණය වන තරු පොකුරු අධ්‍යණයෙන් කුහරයක පිහිටීම සොයාගත හැක. එනම් කුහරය තුලට අභ්‍යවකාෂ පදාර්ථ ඇදගන්නා විට ඇතිවන අධික උෂ්ණත්වය දුරේක්ෂ මගින් නිරීක්ෂනය කිරීමෙන් කුහර සොයාගනු ලබයි.

මෙහි ශක්තිය මනින ඒකකය වශයෙන් සුර්ය-ස්කන්ධ භාවිතා වේ. ඔබ දන්නවාද අප පෘතුවිය පිහිටා ඇති ක්ශීරපථය මධ්‍යයේ සූර්ය-ස්කන්ධ මිලියන දෙකක් තරම් ප්‍රභල supermassive වර්ගයේ ඉතා විශාල කළු කුහරයක් 1998 දී සොයාගන ඇති බව ? තවද මේ වන විට එය පදාර්ථය උරාගනිමින් සූර්ය-ස්කන්ධ 4ක් පමණ තරම් වර්ධනය වී ඇති බවත් හඳුනාගන ඇත. විද්‍යාඥයින් පවසන අන්දමට අපගේ පෘතුවියට කළුකුහර අවධානමක් “තවමත් නොමැති” අතර, මතු දිනක අපගේ මවුගෝලයටද කළුකුහර අවධානමක් ඇතිවිය හැක. එහෙත් ඊට පෙර මිනිසා විසින්ම අපගේ මවුගෝලය හෙවත් “පෘතුවිය” විනාශ කර අවසන් කරනු ඇත.
©හසිත හේරත් | Athirasa [ Science & Technology ]