ලොකු පොඩි ඇත්තෝ | Biggest & Smallest Bones Of Human Body
ලොකු පොඩි ඇත්තෝ.
ඔබ ඔබගේ ශරීරය උජාරුවෙන් තබා ගැනීමට කෙතරම් වෙහෙසෙනවාද ? බාහිර ඔපය කෙතරම් රසවත් වුවත් මෙී මිනිස් ශරීරය මිනිසාට වත් සිතාගත නොහැකි අභ්‍යන්තර ක්‍රියාවලීන් සහ පද්ධතීන් රැසක් සමග ලොවට බිහිවී තිබේ.භාහිර ඉන්ද්‍රියයන් මෙන්ම අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ද මනා ක්‍රියාකාරීත්වයෙන් යුතුව ඔබ මියෙන තෙක් සුරැකීව තිබෙන්නට සියළු කටයුතු සම්පාදනය වී තිබේ.
අප පොළව මත සිටගෙන සිටින්නේ අපගේ ශරීරය තුල පිහිටා ඇති අස්ථි පද්ධතියේ නිවැරදි පිහිටීම නිසයි.මිනිසාට වයස අවුරුදු 30 වන තෙක් පමණ අස්ථි පද්ධතිය වර්ධනය වීම සිදුවේ.අප සැමගේම ශරීර තුල අස්ථි 206 ක් තිබේ. අත් හා පය , හිස්කබල , ඉලඇට කූඩුව , කොඳුඇට පෙළ , ශ්‍රෝණි මේඛලාව ආශ්‍රිතව මෙම අස්ථි 206 ස්ථානගතවී තිබේ.
ඒ අතරින් විශාලතම අස්ථිය වන්නේ Femur නමින් හඳුන්වන කකුලේ උඩුකොටසේ දිගු අස්ථියය.එය සාමාන්‍ය පුද්ගලයකුගේ අගල් 19 ත් 20 ත් අතර දිගක් ගනී(රූපයේ වම්පස දැක්වේ). එමෙන්ම මුළු ශරීරයේම කුඩාම අස්ථිය ස්ථාන ගතවී ඇත්තේ මිනිස් හිස්කබලේ කන් ආශ්‍රිතවයි.Malleus , Incus හා Stapes යන කුඩා අස්ති තුනත් එකිනෙක සම්බන්ධවී තිබෙන අතර එයිනුත් කුඩාම අස්ථිය වන්නේ Stapes නම් අස්ථියයි. අපගේ කන්බෙරය කර්ණ ශංකය හා සම්බන්ධ වී තිබෙන්නේ මෙම අස්ථි තුන මගිනි. ශබ්ධයට අනුව කම්පනය වන කන්බෙරයට අනුව කම්පනය වෙමින් ශබ්ධ සංවේදනය මොළය වෙත ගෙනයනු ලබයි(රූපයේ දකුණුපස දැක්වේ).එම අස්ථියේ ප්‍රමාණය මිනිස් ඇඟිල්ලේ ප්‍රමාණය සමග ඔබට මැනගැනීමට හැකිය.
©හසිත හේරත්.