ගෙදරදීම බූට් සිංදුවක් සකසාගනිමු | A Home Made Song
ගෙදරදීම බූට් සිංදුවක් සකසාගනිමු..
♪♪අවශ්‍ය ද්‍රව්‍ය(වචන)
►ඔයා , ඹයාගේ
►සංසාරේ , කඳුළු
►හැරදමා ගියා
►දුක , දුකට , දුකවගේ
►මැවෙනවා , ගලනවා , යා කලා
►සිහිනේ , හැඟුම්
►මට , මගේ
►ඉන්නවා , දෙනවා , තියෙනවා
වැනි නිවසේදී සොයාගත හැකි සරල වචන , අතට අසුවෙන ඕනෑම ප්‍රමාණයක්.
♪♪සකසා ගනිමු.
මුළින්ම පළමු පෙල ලියමු.ඒ සඳහා කිසිම ගැලපීමක් හෝ තේරුමක් අවශ්‍ය නැත , පහත පෙළ බලන්න
♫සංසාරේ කදුළු වලට ඉඩදෙනවද ඔයා මට
♫දුකට ඔබේ හැඟුම් වලට සසර මදිදෝ
මේ ආකාරයට දිගටම ඔබට රිසි පරිදි ඇස් පියාගෙන වචන ලියාගෙන ලියාගෙය යන්න.
♫සංසාරේ කදුළු වලට ඉඩදෙනවද ඔයා මට
♫දුකට ඔබේ හැඟුම් වලට සසර මදිදෝ
♫හිත දිගේ ඔබෙ කඳුලු ගලනවා මට මගේ
♫ඇවිත් ඔයා මට අනින්න පිහියක් අරං
♫මල් වට්ටියක් තිබ්බා මං බුදු සාධුට
♫ඉල්ලලා ඔයාගේ පණකෙන්ද මටම
♫ඒ වට්ටිය මැවෙනවා මට ඔයාගේ මූන වගේ
♫දුක පිපුරුවා පන්සලේ වැලි මලුවේ
♫ලේ වගේ රතු පාටයි සිහිනේ මගේ
♫ආදරේ මං හැමදාම එදා වගේ
♫ඔයා ගිය තැනින් එන්නා සොයා මා
♫මැරෙනවා සත්තමයි පාලමෙන් පැනලා මා
මේ ආකාරයට සැකසූ වචන වලට නැගී එන සංගීන මල්ලී කෙනෙකු මාර්ගයෙන් සරලව අන්තර්ජාලයෙන් බාගත කොටගත හැකි තනුවක් යොදා ඩිජිටල් එෆෙක්ට් පුරවා ගායනා කරන්න. ඉන්පසුව අඩු ඇඳුම් සහිත නව යොවුන් තරුණියකගේ යට ඇඳුම් පෙනෙන ලෙස ආලිංගන රූප රචනාවක් සකසන්න.ඔබ පපුවට ගසාගනිමින් හොටු පෙරමින් හඬමින් එය බොක්කෙන් ගායනා කරන ආකාරක් පෙන්වන්න ( එම රූප රචනාව ඔබගේ සිංදුවට අදාල විය යුතුම නැත) හැකි පමණ එම තරුණියගේ ඇඳුම් අඩුකරන්න උත්සහා කරන්න.අතර මැද සිපගැනීමේ දර්ශන කීපයක් ඇතුල් කරන්න. ගීතය සංස්කරණය කරන ගමන් කුඩා පූර්ව ප්‍රචාරක පටයක් සකසා මුහුණුපොතේ පළකරන්න.අමුතුම වර්ගයේ නමක් යෙදූ මෙම සිංදුව අද සවස 3ට ඔබට දෙනවා වැනි වදනක් දමා කුතුහලය අවුස්සන්න.
දැන් ඔබ සුප්‍රසිද්ධ වීමට සූදානම්. සකස් කරගත් ගීය මුහුණු පොත හා යූටියුබ් වෙත දමා හට වැටෙන කොමෙන්ට් රස විඳින්න.
©හසිත හේරත්