දොළොස් මහ | The Calendar
කවුරු හරි දන්නවාද ඔයා මිය යන දිනය? ඒත් ඔබ දන්නවා ඔබ උපන් දිනය. හැත්තෑ ගණන් වල, අසූ ගණන් වල, අනූ ගණන් වල ඊටත් පස්සේ දෙදහස් ගණන් වල. එහෙම කිවුවට ඊටත් කලින් ඉපදුනු අය ඒ වගේම මුතුන් මිත්තන්. ඒ වගේම දින වකවානු අස්සේ සැඟවුනු අපේ ඉතිහාසය කෙතරම් දිගුද. මේ හැම දේම අපිට මතක තියාගෙන ඉන්න හැකිද? දවස, දිනය කාටවත් මතකයේ තියාගත හැකිද? පෘථිවිය තමා වගේ එක වටයක් ගමන් කිරීම සඳහා පැය23 කුත් මින්තු කිහිපයකුත් වැය කරනා අතර අප එම සංසිද්ධිය දවසක් ලෙස හඳුන්වනවා. ඒ වගේම පෘථිවිය සූර්‍යයා වටා එක් වටයක් ගමන් ගන්නා විට අප එයට වසරක් ලෙස හඳුන්වනවා. ඒ සඳහා දින 365කුත් විනාඩි14 යි ගණනකුත් අයිති වනවා. එම නිසා වසර 4කට වරක් තවත් අතිරේක දිනක්ද සමග අධික වසරත් ඉපැදෙනවා. මේ සියලු සංසිද්ධීන් අපට දැක බලාගන්නට හැකි එකම එක ලියැවිල්ල “ දින දසුන “ යි
මේ කතාව දින දසුන පිළිඹඳ නොවේ. මේ කතාව මාස 12 සහ ඒවා උපන් ආකාරය ගැනයි. ලොව පැරණිම දින දර්ශණය බැබිලෝනියවරුන් සැකසූ එකක් වන අතර අප දැන් භාවිතා කරන්නේ ක්‍රි.පු. 45 දි සැදු ජනවාරියෙන් පටන් ගන්නා රෝම මාස ක්‍රමයයි. පැරණි රෝම දින දර්ශනයට තිබුනේ මාස 10 ක් පමණයි. මාර්තු මාසයේ සිට දෙසැම්බර් තෙක් පැවති එම දින දසුන දෙවන රෝම රජු වූ “නුමා පොම්පිස්“ විසින් යාවත්කාලීන කලා. ඒ අනුව අළුත් දින දර්ශනයට තවත් මාස 2ක් එකතු වූ අතර එ්වා ජනවාරි හා පෙබරවාරි ලෙස නම් කලා. එම දින දසුනේ පෙබරවාරී මාසයට දින 30 ක් තිබූ අතර පසුව දිනයක් අඩුවූවා.
බොහොමයක් මාස වලට නම් ලැබී ඇත්තේ රෝම රෝම අධිරාජ්‍යවාදීන්ගේ හා දෙවිවරුන්ගේ නාම ආශ්‍රිතවයි.
•ජනවාරි මාසය –
රෝමයේ ගෞරවයෙන් සලකන “ජානුස්” දෙවියන් සිහිකිරිමට යොදා ඇත.රෝම විශ්වාසය අනුව මෙම දෙවියන්‍ට මුහුණු 02 ඇති බවත් වසරේ මුල්ම මාසයේ මේ මුහුණු දෙකෙන් අතිතය හාඅනාගතය බලන බව පැවසේ

•පෙබරවාරි මාසය –
රෝමන්වරු වනයට අයිති “ෆෙබ්රුස්” නම් දෙවියන් සිහිකිරිමට යොදා ඇත. එමෙන්ම “පෙබ්රු” හෙවත් පවිත්‍රත්වගේ උත්සවය සිහිපත් වෙන්න යෙදූවක්ද වේ. මෙම උත්සවය පෙබරවාරි 15 වනදා පවත්වා ඇත.

•මාර්තු මාසය –
“මාර්ස්” හෙවත් කුජ ග්‍රහයාට සැලකු රෝමවරුන් ඔහු අස්වැන්න ලබා දෙන හා යුද්ධයට අධිපති දෙවියන් ලෙසද සැලකු අතර එම නිසා මෙම මාසය “ මාර්ච් “ විය.එකල වසරේ පළමු මාසයයි.

•අප්‍රේල් මාසය –
මේ මාසය නාම ගැන්වූ මත 03 ක් තිබී ඇති අතර ඒවා නම්
1 නම් “ඇපරේස්” නම් දෙවියා වෙනුවෙන් ඒප්‍රිල් නමින් හෝ
2 මල් පිපෙන යන රෝම වචනයෙන් “ අප්රිපේ “ යන්නෙන් හෝ
3 “ඇප්‍රිලීස්” නොහොත් “ ඇප්‍රියිඩියියෙට් (Aphrodite)” යන ආදරය හා ප්‍රියමනාප බවට අධිපති ග්‍රීක දේවතාවිය නමින් නම් කිරීම.
•මැයි මාසය –
මේ මාසය නාම ගැන්වූ මත 02 ක් තිබී ඇති අතර ඒවා නම්
“මෙයි” ( Maia)දේවතාවිය හෙවත් සිසිර සෘතුවට අධිපති දේවතාවිය වෙනුවෙන් හෝ රෝමයේ වැඩිහිටියන් හදුන්වන “මාජෝරස් “ යන්නෙන් මෙය “ මේ” වු බවත්
මැයි මාසය වැඩිහිටියන්ගේ මාසය ලෙස අර්ථ ගන්වා ඇති බවත් සඳහන් වේ.

•ජුනි මාසය –
“ජුනියෝරෙස්” යනු රෝම තරුණයින් හැදින් වු නම වන අතර
තරුණයන්ගේ මාසය ලෙස මෙය ජුනි ලෙස නම් කර ඇතැයි අදහස් වේ.
තවච “ජුනෝ” නැමති රෝම දේවතාවිය වෙත උපහාර ලෙස මෙම මාසය නම් කොට ඇති බවද සඳහන් වේ.

•ජුලි මාසය –
පෙර දින දසුනේදී “ක්වින්ටිලීස්” ලෙස නම් වු මෙම මාසය පසුව ජුලියස් සීසර් විසින් තමාගේ නම සිහිවීම පිණිස “ ජුලයි” ලෙස නම් කොට තිබේ.

•අගෝස්තු මාසය –
ජුලියස් සීසර්ට පසු රාජ්‍ය පාලනය කල “ඔගස්ටස් සීසර්” වෙනුවෙන් මෙම මාසය නම් කල අතර පසු කාලයේ මෙය “ ඕගස්ට්” විය.

•සැප්තැම්බර් මාසය –
පැරණි රෝමානු කැලන්ඩරයේ හත් වැනි මාසය වූ නිසා මේ මාසය “සෙප්ටිමස්” ලෙසනම් කල අතර කාලයත් සමඟ සෙප්ටෙම්බර් විය (මුලදී කැලැන්ඩරයේ පළමු මාසය වූයේ මාර්තු වේ).
•ඔක්තෝම්බර් මාසය –
“ඔක්ටෝ” හෙවත් අට වැන්න යන රෝම තේරුම සහිතව ඔක්තෝම්බර් මාසය සැදී ඇත.
•නොවැම්බර් මාසය –
“නොවෙම්” යන ලතින් වචනයෙන් නොවෙම්බර් යන්න ලැබි ඇත.ශීත උදාව සිදුවන නිසා නොවෙබර් වු බවටද මතයක් ඇත.
•දෙසැම්බර් මාසය –
දස වන මාසය යන රෝම භාෂාවෙන් “ඩිසෙම්” ලෙස නම් වී තිබූ අතර පසුව ඩිසෙම්බර් විය.
ජූලි මාසයට නම ලැබී ඇත්තේ ජුලියස් සීසර් වෙනුවෙන් නිසාත් , අගෝස්තු මාසයට නම ලැබී ඇත්තේ ඔගොස්ටස් සීසර් වෙනුවෙන් නිසාත් එකල දින 30 ක් පමණක් තිබූ එම මාස දෙකට වසරේ අවසන් මාසය වූ පෙබරවාරියෙන් දින දෙකක් අඩු කොට එම දින දෙක ජූලි මාසයට හා අගෝස්තු මාසයට එකතු කල බව අතීත කතාවල සඳහන් වේ.
හසිත හේරත් | Athirasa [ History ]