Categories

History

Casados | කසාදය

1.24Kviews

ආවාහය, විවාහය, හිර ගැනීම, දීගය යන වචන වලින් කියනවාට වඩා ඔබට දැ‍‍නේවී “කසාදය” කියන වචනය බොහෝ හුරුපුරුදු බව. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් “කසාදය” යන වචනය මා අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. එහෙත් ඔබ දන්නවාද මේ වචනය අපේ සිංහල වචනයක් නොවෙන බවත් එය පසුකාලීනව අපේ භාශාවට එකතු වූ වචනයක්ද යන්න වගත්.

1505 වසරේදී ලංකාව ආක්‍රමණය කරන පෘතුගීසීන් පසුකාලීනව ලාංකික කාන්තාවන් සමග විවාහවීමෙන් පසුව මෙහිම පැළපදියම් වුනා. පෘතුගීසි බසින් විවාහය හඳුන්වන “Casados – කසැදෝස්” වචනය බිඳී යෑමෙන් මෙම “කසාදය” කියන යෙදුම අපේ වචන ගොන්නට ඇතුල් වී තිබෙනවා.

‍පෘතුගීසින් ලාංකික කාන්තාවන් සමග විවාහ වීමෙන් පසුව සෑදූ දරුවන් “Topaze – තොපෑස්” ලෙස හැදින්වූවා. “දෙමුහුන්” යන වදන ඇති, ඔවුන් හැඳින්වූ මෙම වදන පසුකාලීනව බිඳී යෑමෙන් “තුප්පහි” නම් වදන අප අතරට පැමිණෙනවා.

පෝරු මස්ථකව අෂ්ඨක කීවද, අදටත් ලාංකික පුරවැසියන් “නීතිමය ආකාරයට” විවාහ වන්නේ පෘතුගීසීන් හා ලන්දේසි මෙරට ස්ථාපිත කළ රෝම ලන්දේසී නීතියට අනුකූල ක්‍රිස්තියානි දේවස්ථානයේ විවාහ ක්‍රමවේදයටමය.

හසිත හේරත් | Athirasa [History]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker