Categories

Art & Entertainment

පින්සලේ මායාව | Cesar Santos

1Kviews

කියවීම මිනිසා සම්පූර්ණ කරයි සේම කලාව මිනිසා ජීවත් කරවයි කීවාට වරදක් නැත. අතීතයේ දිනකදී මිනිස් සෙවනැල්ලක් පිටපත් කරමින් ඇරඹුනු චිත්‍රයේ ඉතිහාසය ඉතා රසමුසු තැන් වලින් පිරෙමින් අනාගතය වෙත ගමන් කරමින් තිබේ. තමාට හිතෙන, දැනෙන, පෙනෙන ඕනෑම දෙයක් චිත්‍රයක් ලෙස කෙනෙකුට නිර්මාණය කළ හැකිය. තම චිත්‍රය හරහා බොහෝ දෑ කතා කල චාවින්චි, පිකාසෝ වැනි බොහෝ චිත්‍රශිල්පීන් අප ජීවත්වන මේ ලෝකයේ ඉපැදී මියැදී ගොස් ඇත. ඔවුන් මියගියද ඔවුන්ගේ කලාව අමරණීයව තවමත් ඉදිරියට ගමන් කරමින් තිබෙන බව අපට පෙනේ.

චිත්‍රකරණය බොහෝ පැති ඔස්සේ විස්ථාපනය වුවද එහිදී මිනිස් රූප සැබෑම ජීවත් වන ලෙස නිර්මාණය සැබෑම මායාකාරී වික්‍රමයකි. එවැනි වික්‍රමයන් පානා මායාකරුවෙකි කියුබානු සම්භවයකින් පැවත එන ඇමරිකානු ජාතික  චිත්‍රශිල්පී සෙසාර් රවුල් පෙරේස් සැන්ටොස්. 1982 ජූලි මස 10 වනදා උපත ලද මොහු සජීවී ලෙස මිනිස් රූප චිත්‍රකරණයේ කෙළවර පැමිණියෙකි. කුඩා පැන්සල් ඉරකින් ආරම්භ වන මොහුගේ මිනිස් රුව අවසාන වන්නේ නරඹන්නන් මෙය ඡායාරුවක්දැයි කියා සිතන තැනට පත්කරමිනි.

කුඩා කලදී බොක්සින් ශූරයකු වීමට සිහින දකිමින් සිටි සැන්ටොස් තමාගේ තුළ සැඟවී සිටි චිත්‍ර ශිල්පියාව එළියට ඇදගැනීමට සමත් විය. ඔබත් ඔහුගේ චිත්‍ර කිහිපයක් නරඹන්න. කරුණාවෙන් සළකන්න මේවා ඡායාරූ නොවේ.

සෙසාර් රවුල් පෙරේස් සැන්ටොස්
සෙසාර් රවුල් පෙරේස් සැන්ටොස්

හසිත හේරත් | Athirasa [ Art ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker