චැලෙන්ජර් | The Challenger
1986 වසරේ ජනවාරි 28 ඇමරිකා එක්සත් ජනපදයට හිිරු එළිය පතිත වූයේ හාත්පස පැතිරී ගිය අධික ශීතල මධ්‍යයේය. හිම මිදෙන සීතලේ වුවද අමෙරිකාවේ කේප් තුඩුව සූදානම් වන්නේ නාසා ආයතනයේ 25 වන අභ්‍යවකාශ ව්‍යාපෘතිය වූ “චැලෙන්ජර් ෂටලය” 10 වෙනි වතාවටත් අභ්‍යාවකාශගත කිරීමටයි. වසර තුනකට පෙර 1983 දී පළමු වතාවට අභ්‍යාවකාශ ගතවූ මෙම ෂටලය ඉතා සාර්ථකව 09 වරක් අභ්‍යාවකාශගත කොට තිබුණි. සය සහෝදරියන් වූEnterprise, Columbia, Challenger, Discovery, Atlantis, Endeavour අතරින් නාසාහි අභවකාෂ ෂටල් අතරින් වයසින් අඩුම ෂටලය වන්නේද චැලෙන්ජර් ෂටලයයි. අභ්‍යවකාශය වෙත මිනිසුන් රැගෙන යාමේ මෙහෙයුම් සඳහා විශේෂයෙන් නිපදවා තිබූ මෙම ෂටලයන්හි ආරාක්ෂාව ඉතාමත් ඉහළ මට්ටකම තිබුණි.


මෙවර චැලෙන්ජර් මෙහෙයුමේ විශේෂත්වයක් තිබුනි. වෘත්තිමය අභ්‍යාවකාශගාමීන් සය දෙනෙකුට අමතරව සිවිල් පුද්ගලයෙකු වූ ශැරෝන් ක්‍රිස්ටා මැකලිෆ් නම් ගුරුවරියක්ද අභ්‍යාවකාශගත කිරීමට සූදානම් වී සිටීමයි. දින 6ක් පෘතිවි කක්ෂයේ ගතකොට නැවත පෘථිවිය වෙත පැමිණීම මෙවර චැලෙන්ජර් යානාවට පැවරී තිබූ රාජකාරියයි. ක්‍රිස්ටාට අමතරව චැලෙන්ජර් අභ්‍යවකාශගාමින් පිරිස වූයේ බරභාණ්ඩ විශේෂඥ ජෝර්ජි ජාවිස් , අභ්‍යාවකාගාමී ජුඩිත් ඒ රෙස්නික් , ව්‍යාපෘති විශේෂඥ ෆ්‍රැන්සිස් ආර්. ස්කූබි , අණදෙන නිළධාරී රොනල්ඩ් ඊ. මැක්නීර් , ව්‍යාපෘති විශේෂඥ මයික් ජේ ස්මිත් හා යානා නියමු එලිසන් එස් ඔනිසූකා වේ.
අධික ශීතල නිසා කේප් තුඩුවේ 39B ලෝන්ච් පෑඩයේ සුදානම් කොට තිබූ චැලෙන්ජර් යානාව ශීතලෙන් වැසීගොස් තිබුනත් දුර්වල කාලගුණ තත්වය නිසා 22 , 23 , 24 හෝ 25 වන දින වලින් එකකදී වත් ගුවන් ගත කිරීමට නොහැකි 28 වනදා යානාව අනිවාර්ය ගමනට සූදානම් විය. හාත්පස අධික ශීතලට අමතරට කේප්තුඩුව අවට දැඩි සුළඟක් ද දක්නට ලැබුණි. එමෙන්ම ආකාශයේ ඉහළ තල වලද අධික සුළඟක සේයාවක් නිරීක්ෂණය විය. සෙන්ටිමීටර් 7ක් පමණ වන අයිස් මිදීමක් යානාවේ සමහර උපකරණ මත දක්නට ලැබුනු අතර පරිසර උෂ්ණත්වය සෙල්ශියස් අංශක 2ක් පමණ විය. ද්‍රව ඔක්සිජන් හා ද්‍රව හයිඩ්‍රජන් ගබඩාකොට තිබූ තැඹිලි පැහැ විශාල ඉන්ධන ටැංකියත් දෙපස සවිවූ අධිවේගී රොකට් විදිනයන් ද්විතිවයට සවිකල චැලෙන්ජර් යානාව තවත් සුළු මොහොතකින් පිටත් වීමට සූදානම් වෙමින් තිබිණ. CNN නාලිකාව මෙම ගුවන් ගත කිරීම සජීවීව ලොවපුරා විකාශනය කිරීමට සියලු විදිවිධාන යොදා තිබූ අතර සියලුම අභාවකාගාමීන් සජීවීව ලොව අමතා චැලෙන්ජර් යානාවට ගොඩවූයේ නියමිත පරිදි යානාවේ අසුන් ගැනීමටයි. මුලු ඇමරිකාවේම හා ලෝකයේ බොහෝ රටවල් වල ඇස යොමුවී තිබුනේ මෙම සජීවී රූපවාහිනී විකාශයටයි. එය සජීවීව අභ්‍යාවකාශ ෂටල ගුවන් ගත කිරීමක් ආවරණය කරන්නට යෙදුනු ලොව පළමු අවස්ථාවයි.

සියලුම ගගන ගාමීන් යානාවට ඇතුලත්වී සියලු තත්ව සකස් කිරීමෙන් අනතුරුව යානාවේ දොරටු වසා සීල් කරනු ලැබූ අතර ගුවන් ගත කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙමින් තිබුණි. මෙය එම සියලු ගගනගාමීන්ගේ අවසාන අවස්ථාව ලෙස ඔවුන් දැනගෙන තිබුනේ නැත. යානාවේ අණදෙන නිළධාරී රොනල්ඩ් මැක්නීර් හා ප්‍රධාන මෙහෙයුම් මැදිරිය අතර සිදුවන කතාබහ අතරතුර නියමිත වේලාව ආරම්භ වෙමින් තිබිණ. වේලාව උදෑසන 11.38 ට ආසන්න වීය. යානාවේ ප්‍රධාන එන්ජිම ක්‍රියාත්මක වූ අතර රොකට් විදිනයන් තුල ද්‍රව ඔක්සිජන් හා ද්‍රව හයිඩ්‍රජන් එකිනෙක මුසුවෙමින් පහළට පුපුරා විදීමට ආසන්න වී තිබිණ.
හතර , තුන , දෙක , එක යනුවෙන් ප්‍රධාන මෙහෙයුම් මැදිරියෙන් සංඥා කිරීමෙන් අනතුරුව යානාව ඉතා වේගයෙන් හිස් අහස පලාගෙන ඉදිරියට ඇදෙන්නට විය. අහසේ ඉහළ තල වල තිබූ අධික සුළං තත්ව නිසා රොකට්ටුව සහිත යානාව වේගයෙන් සෙළවෙමින් තිබිණ.තත්පර කිහිපයක් ඇතුළත යානාවේ වේගය පැයට කිලෝමීටර් 1700 ට ආසන්න වූ අතර යානාව ගුවන් ගත කොට විනාඩියක් අවසන් වන විට පොළවේ සිට අඩි 46,500 ක් ඉහළ අහසට ගමන් කොට තිබුණි.

මේ මොහොත වන විට CNN කැමරා රූප රාමු වලින් දිස් වූයේ දකුණු රොකට් විදිනයෙන් ආගන්තුක දැල්ලක් විහිදෙන බවයි. තවත් තත්පර 60කින් පමණ යානාව ප්‍රධාන රොකට් විදිනයන් ද්විත්වයෙන් වෙන්වීමට තිබුණත් සිදුවූයේ වෙනකකි. ගුවන් ගත කිරීමෙන් 73 න් වෙනි තත්පරයේදී අධික ගිනි ජාලාවක් තුළ ගිලී ගිය රොකට්ටුව පුපුරා , විනාශවී හිස් අහස පුරා සී සී කඩ විසිරී ගියේය. අධික දුමක් සමඟ රොකට් විදිනයන් ද්විත්වය ඉබාගාතයේ ගමන් කලේය. ගගනගාමීන් රැගත් චැලෙන්ජර් යානාව පුපුරා විනාශවනු ලොව පුරා බොහෝ දෙනෙක් සජීවීව රූපවාහිනියෙන් නරඹමින් සිටි අතර බොහෝ දෙනාට එය අදහා ගත නොහැකි විය. පිපිරූ යානාවේ අබලි ද්‍රව්‍ය අත්ලාන්තික් සාගරයේ වර්ග සැතපුම් ගණනක ගිලී ගියේය.
මෙම හදිසි අනතුරෙන් අනතුරුව සජීවීව ජාතිය ඇමතූ එවකට ඇමරිකානු ජනාධිපති වූ රොනල්ඩ් රේගන් තම ශෝකය ප්‍රකාශ කල අතර දින දෙකකට පසුව මියගිය සියලුම දෙනා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීම සඳහා සූදානම් විය. මෙම හදිසි අනතුරින් පසුව නාසාහි අභශාවකාශ මෙහෙසුම් අවුරුදු දෙකක් දක්වා නවත්වා දමන්නට තීරණය වූ අතර මාස කිහිපයකට පසුව අනතුර සිදුවූ අයුරු පරීක්ෂණ මගින් අනාවරණය කර ගන්නට නාසා සමත් විය

අධික ශීතල නිසා දකුණු රොකට් විදිනයේ අභ්‍යන්තරයේ O-Ring සීල් පටිය නොඇදෙන ලෙස ඝණ වීමෙන් දැල්වෙන දැල්ල රොකට් විදිනයේ සීල් සිදුරක් මගින් එළියට පැමිණ තැඹිලි පැහැති විශාල ඉන්ධන ටැංකියට සවිකොට ඇති පාදම පුළුස්සමින් තිබිණ. අධික උෂ්ණත්වය දරාගැනීමට නොහැකිව පාදම ගැලවී යාමෙන් දකුණු රොකට් විදිනය ගැලවී තැඹිලි පැහැ ටැංකියේ මුදුනේ වැදී එහි තිබූ ද්‍රව ඔක්සිජන් වලට හා පහළ ද්‍රව හයිඩ්‍රජන් වලට ක්ෂණිකව ගිනි ගැනීමෙන් යානාව පුපුරාගොස් තිබුනි. පිපිරීමත් සමග මගී කුටිය යානාවෙන් ගැලවී විසිවූවත් ගගනගාමීන් 7 දෙනාගෙන් කිහිප දෙනෙක් එහිම මියගියත් තවත් කිහිපදෙනෙක් තවත් මොහොතක් ජීවතුන් අතර සිටි බවට ශාක්ෂි ලැබී තිබිණ.එහෙත් පැයට කිලෝමීටර් 250 කට අධික වේගයෙන් පැමිණ මුහුදු ජලයේ ගැටුනු මගී කුටියේ සිටි ඉතිරි කිහිප දෙනාද මිය යන්නට ඇති බව සඳහන් විය.
ලොවක් බලා සිටියදී ඇමරිකානු අහසේ පුපුරාගිය චැලෙන්ජර් යානාවේ සිටි සියලුම දෙනාගේ ජීවිත හිස් අහසට මුසුවී ගියේය. තවමත් අහස දෙස බලාසිටින කේප් තුඩුව චැලෙන්ජර් නැවත පෘථිවිය කරා පැමිණෙන තුරු බලා සිටී. 1986 ජනවාරි 28 වැනි අදවැනි දිනක පුපුරා යමින් අවසන් වූ චැලෙන්ජර් මෙහෙයුම ලොව පුරා බොහෝ දෙනෙකුට අමතක නොවන සිහිනයක් වී හමාරය. අදට(28) චැලෙන්ජර් යානාව පුපුරා ගොස් වසර 32 ක් වන අතර ඇමරිකානුවන් බොහෝ දෙනෙකුට හා නාසා ආයතනයට මෙය සදා අමතක නොවන දිනයක් වී හමාරය.
©හසිත හේරත් | Athirasa [ History ]