Categories

History

හරිය ලකුණ | The Check Mark

1.52Kviews

ඔබට මෙම සළකුණ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් අපි දන්නා කියන සලකුණක්. අදටත් ගුරුවරු පාවිච්චි කරන සලකුණක්. ඒ වගේම පරිගණක පාවිච්චි කරන අපි හැමෝම, ඉඳලා හිටලා හරි අයඳුම් පතක් පුරවනකොට පාවිච්චි කරන සලකුණක්. “චෙක් මාර්ක්” එහෙමත් නැතිනම් “නිවැරදියි” ලෙස සලකුණු කරන සලකුණ.

පාසල් යන කාලෙනම් පිළිතුරු පත්‍ර වල දකින්නට කැමති මේ සළකුණෙහි උපත ක්‍රි.පූ. 27 න් ඇරඹි රෝම අධිරාජ්‍යය දක්වා දිව යන්නක්. ඔබ කිසිම තේරුමක් නැතිව පෑනෙන් අඳින්නේ වක්වූ ඉරි කෑල්ලක් වුවත් මෙහි සැබෑවටම සැඟවී ඇත්තේ ඉංග්‍රීසි හෝඩියේ V අකුරේ හැඩැති රෝමන් අක්ශරයකි. Veritas යන රෝම වචනයේ තේරුම True යන්නයි. නිවැරදි යන්න සළකුණු කිරීම සඳහා මෙම රෝම වචනයේ පළමු අකුර මෙසේ සටහන් කිරීම අරඹා තිබෙනවා. දකුණු අණ්ඩ දික්වූ මෙම සළකුණේ සැබැවින්ම තිබෙන්නේ V අක්ශරයයි.

කෙසේ වුවත් ස්වීඩන් පාසල් වල මෙම සළකුණ පිළිතුර වැරදි ලෙස දැක්වීමටත් , නිවැරදි පිළිතුරු දැක්වීමට R අක්ශරයත් යොදා ගන්නවා.ජපානයේදී නිවැරදි පිළිතුරු වෙනුවෙන් O අක්ශරය යොදාගෙන තිබෙනවා.පුරුදු පරිදි වැරදි බව දැක්වීමට රෝම අධිරාජ්‍ය සමයේම උපත ලද X සළකුණ යොදා ගනු ලබනවා.

හසිත හේරත් | Athirasa [ History ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker