Categories

Kitchen

Cheese Garlic Bread

835views

“අතිරස Kitchen” යටතේ ඔයාලට ඉස්සරලාම කියලා දෙන්න යන්නේ Cheese Garlic Bread හදාගන්නා විදිහ. පුංචි උන් ආසාවෙන් ආහාරයට ගන්නා කෑමක් තමයි Cheese Garlic Bread

අවශ්‍ය ද්‍රව්‍ය:-

පාන් පෙති කීපයක් (පවුලේ සාමාජිකයින් අනුව )
බටර් මේස හැඳි 4 -5
ගම්මිරිස් තේ හැඳි 2
කෑලි මිරිස් තේ හැඳි 1
ලුණු ස්වල්පයක්
හීනියට කපා ගත් කරපිංචා ටිකක්
Grate කර ගත් මොසරැල්ලා චීස් හෝ Cheddar චීස්

සාදන අයුරු :-

  • මුලින්ම බටර් ටික භාජනේකට දාලා චීස් ඇරෙන්න අනික් දේවල් ඔක්කොම දාලා හොඳ paste එකක් එන විදියට කවලම් කරගන්න.
  • ඊට පස්සේ පාන් පෙති ටික අරගෙන (වාටි කපන්න එපා) හදාගත්ත paste එක හොඳට පාන් පෙති වල තවරගන්න.
  • Paste එක තවරගත්තට පස්සේ ඊට උඩින් grate කරගත්ත චීස් අතුරගන්න.
  • ලිප පත්තු කරලා පෑන් එක ලිපෙ තියල වහන්න. (ඒක හොඳට රත් වෙන්න ඕන නිසා)
  • පෑන් එක රත් වුණාම ඒකට බටර් ටිකක් දාලා ඒ එක්කම පාන් පෙත්ත දාලා වහන්න.
  • චීස් ටික දියවුණාම පාන් පෙත්ත පෑන් එකෙන් එළියට ගන්න.
  • රස්නෙන්ම රස බලන්න.