චොකලට් | Chocolate
චොකලට්
අපි රසකර කෑවත් මුල අමතක කරන්න හොඳනැහැ. බොහෝ දෙනෙක් චොකලට් වල මුල කොහෙද කියලා ඇහුවොත් දන්නේම නැති තරම්. ඇත්තට චොක්ලට් වල මුල ආරම්භවෙන්නේ අද ඊයෙකින් නම් නොවේ. මායන්වරුන්ගේ අතීතය දක්වාම ඒක දිව යනවා. චොක්ලට් වල තිඹිරිගෙදර ග්වෝතමාලාවයි. මායන්වරුන්ගේ රාජකීය ආහාරයක් ලෙස පැවති මෙම ආහාරය අද වගේ ලස්සන පැකට් වල , ලස්සන දවටන වල ආවේ නෑ.එයාලා ඒක කෑවේ කොකෝවා ඇට කුඩුකරලා හදාගත්තු පිටිවලින් හදපු උණුසුම් තලපයක් විදිහට.
මායන්වරු ඒ කෑම හඳුන්වලා තියෙන්නේ food of the gods කියලා. ඒවගේම මායන්වරු කොකෝවා ගහට වන්දනාමාන පවා කරාලු. මුල් කාලයේ චොකලට් කන්න සුදුකම් තිබුනේ මායන්වරුන්ගේ රාජකීය පුද්ගලයින්ට විතරයි. ඒ අය මේ උණුසුමේම ගිලදමන තලප ආහාරය මගින් ඔවුන්ගේ ලිංගික කටයුතු සඳහා උත්තේජනය ලබාගත් බව සඳහන්.(චොකලට් අනුභවය මගින් ලිංගික උත්තේජනය ඇතිකරන අතර ලිංගික ශක්තිය වැඩි කරයි )
©හසිත හේරත්