නව විලාසිතාකරු | cK
“cK” ඔබට මෙම ඉංග්‍රීසි අකුරු දෙක බොහෝ හුරු පුරුදුයි නේද ? පිරිමි ඇඳුම් , සුවඳ විළවුන් වර්ග , ගමන් මළු , පිරිමි අත් ඔරලෝසු වැනි දේ මත බොහෝ විට දැක ඇති මෙම අකුරු දෙකේ තේරුම කුමක්ද ?ඔබ දැනටමත් මෙම ck යනුවෙන් හඳුන්වන්නේ Calvin Klein බව දන්නවා ඇත.කවුද මේ කැල්වින් ක්ලෙන්.
1942 නොවැම්බර් 19 වනදා ඇමරිකාවේ උපන් කැල්වින් ක්ලේන් උපදින්නේ හන්ගේරියන් යුදෙවු පියෙකුට දාවය. හන්ගේරියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ මොහුගේ පියාට හා ඕස්ට්‍රියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ මවට බොහෝ මුදල් තිබුනේ නැත. කුඩා කල සිටම චිත්‍ර හා නිර්මාණයට දක්ශ වූ කැල්වින් විලාසිතා නිර්මාණකරණයට එක්වූයේ නිතැතිනි. 1962 දී ඔහු ආධුනික ඇඳුම් විලාසිතා ශිල්පියෙකු ලෙස වසර පහක් ඇමරිකාවේ නිවු යෝර්ක් නගරයේ විලාසිතා ආයතනයක සේවය කලේය. 1968 දී ඔහු තම මිතුරකු වූ බැරී ශ්වාට්ස් සමග එකතුවී ස්වකීය වෙළඳ ආයතනය ඉතා කුඩාවට ඇරඹුවේය. ඇමරිකානු ඩොලර් 10,000 ක ප්‍රාග්ධනයක් පමණක් යට කල එය නමින් Calvin Klein Inc විය. එනම් සුප්‍රසිද්ධ cK ආයතනයේ ආරම්භයයි.
ඉතාමත් නිර්මාණශීලී ලෙස එළිදැක්වූ කැල්වින්ගේ නව විලාසිතා ඉතා වේගයෙන් ඇමරිකාව පුරාම පැතිරී ගියේය. පිරිමි මෙන්ම කාන්තාවන් සඳහාද නිර්මාණය කර නව විලාසිතා ඇමරිකාවෙන් එපිට යුරෝපය දක්වාම පැතිරී යන්නට වැඩි කාලයක් ගතවූයේ නැත.කාන්තා පිරිමි යට ඇඳුම් සඳහා ඉතාමත් ප්‍රසිද්ධ cK පසු කාලීනව සුවඳ විළවුන් නිෂ්පාදනය සඳහාද එකතු විය.මේ වන විට ලොව පුරාම අස්සක් මුල්ලක් නෑරම පැතිරී ඇති cK නිෂ්පාදන , භාවිතා නොකල අයෙක් පවා සොයාගැනීමට නොහැකි වේවි.
හසිත හේරත් | Athirasa [ Idol ]