Categories

History

Coca Cola | කොකා කෝලා

1.04Kviews

සුප්‍රසිද්ධ කෝකකෝලා පානය මුල් කාලයේදී නිපදවා ඇත්තේ කවුරුත් දන්නා “කෝක Coca” නම් ශාක පත්ර වලින් වෙන් කර ගත් සාරය සහ “කෝලා Kola” නම් ගසේ ගෙඩියෙන් පෙරා ගත් සාරය වැඩි දියුණු කරමින්ය.

කවුරුත් දන්නා “කොකේන්” නම් මත්ද්‍රව්‍ය නිපදවන්නට මෙම කෝක නම් පත්ර භාවිතා කරනු ලබන අතර, මුල් කාලයේදී මෙම පානයේද කොකේන් සාරය අන්තර්ගත වී තිබූ බව පැවසේ. එහෙත් පසු කාලයේදී මෙම පානය කොකේන් සාරයෙන් තොර පානයක් බවට පත් කොට තිබුනාලු.

කැෆේන් නම් උත්තේජකය අධිකව ඇති මෙම කෝලා නම් ගෙඩි වර්ගයද මෙයට භාවිතා කොට ඇති නිසා මෙම පානයේ නාමයට කෝලා නම් කොටස එක්වී තිබුනා. අද ⁣වනවිට මේ තුළ කොකේන් සාරය නොමැති බව පැවසූවත් එහි නාමයෙන් “කෝක” නම් කොටස ඉවත් කොට තිබුනේ නැහැ.

1886 වසරේ මැයි මාසයේ 8 වනදා ඇමරිකානු ජාතික ජෝන් පෙම්බර්ටන් විසින් මෙම පානය නිපදවන ලැබූ අතර 1890 වසරේදී ආසැ කැන්ඩ්ලර් විසින් එම වට්ටෝරුව සම්පූර්ණයෙන්ම මිළදී ගෙන සැකසූ නව සංයෝජනයෙන් යුතු පානය ලොව පුරා වේගයෙන් ප්රචලිත කළේය.

අපි “කොකා-කෝලා” ලෙස වරදවා උච්චාරණය කරන මෙම “කෝක-කෝලා” නම් මෙම සුප්රසිද්ධ පානයේ වට්ටෝරුව නම් අදටත් රහසක්.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker