පළමු මාරයා | Computer Virus

පළමු මාරයා | Computer Virus

පරිගණක ගැන කතා කරන විට කතා නොකරම බැරි අනෙක් වචනය වන්නේ “වයිරස්“ ය. පෙන් උපකරණයකින් , ඩීවීඩි තැටියකින් , අන්තර්ජාලයෙන් , පැමිණිය හැකි වයිරස් ගැන අප කෙරතම් සුපරික්ෂාකාරීදැයි අමුතුවෙන් කිවයුතු නොවේ. මේ වන විට ලොව පුරා නිපදවෙන හා පැතිරි යන වයිරස් විවිධාකාර වේ.පරිගණක තුල කිසිම් වූ නපුරු ක්‍රියාවක් සිදු නොකරන ඉතාමත් අහිංසක හා පරිගණක ක්‍රමලේඛ පවා විකෘති කරමින් තුන් වැනි පාර්ශවයක් අතට පාලනය ලබා දෙන , පරිගණක දෘඩාංග පවා ක්‍රියා විරහහිත කොට දමන බොහෝ “මාරක“ වයිරස් ක්‍රමලේඛ පවා අද ලෝකයේ බොහෝ දක්නට ලැබේ.

ෆාරුක් අල්වි හා අහමඩ් ෆාරුක් අල්වි

ලොව පළමු පරිගණක වෛරසය නිපදවා ඇත්තේ පාකිස්ථාන ජාතිකයින් දෙපළක් වූ බසිට් ෆාරුක් අල්වි හා අහමඩ් ෆාරුක් අල්වි යන සහෝදර දෙපළක් විසින් 1986 දී පාකිස්ථානයේ ලාහෝර් නුවරදීය. පරිගණකයේ ඩොස් මෙහෙයුම් පද්ධතියට කෙළින්ම පහර දුන් මෙම වයිරසයේ නම “Brain“ වේ.අල්වි සහෝදර දෙපළගේ පරිගණක ආයතනය වූ Brain Computers ආයතනයේ නමින් නිපද වූ මෙම වයිරසය නිපදවා තිබුනේ IBM පරිගණක යන්ත්‍ර වල මූලික සැකසුම් මෘදුකාංගයට(BIOS) පහරදීමටයි.බාහිරව ඇතුලත් කරන ෆ්ලොපි තැටි හරහා පැතිරී ගිය මෙම වයිරසය පරිගණකයේ සැකසුම් පද්ධතියේ මූලික ගොණු මකාදමා කෙටි වේලාවක් ඇතුලත වයිරසයේ ඇති ගොණු ස්ථාපනය කොට ගෙන තිබිණි.

වයිරසය පරිගණකයේ ස්ථාපිත වූ විට පරිගණකය ගුප්ත කේතනය වී(Encrypt) රූපයේ දැක්වෙන පහත පණිවුඩය ඇරඹුම් තිරයේ දර්ශණය විය.

Welcome to the Dungeon © 1986 Brain & Amjads (pvt). BRAIN COMPUTER SERVICES 730 IZANAMI BLOCK ALLAMA IQBAL TOWN LAHORE-PAKISTAN PHONE: 430791,443248,280530. Beware of this VIRUS. Contact us for vaccination.

වෛරසය දිස්වූ ආකාරය

මෙම වයිරසය ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ බොහෝ පරිගණක වලට පහර දී ගොණු මකා දැමූ අතර එයින් කිපුනු පරිගණක හිමිකරුවන් ඉහත ඇති දුරකථන අංක වලට අමතා අල්වි දෙපළට බොහෝ දොස් පවරන්නට විය. ලෝකය පරිගණක වයිරස් යනු කුමක්දැයි හඳුනා ගෙනවත් නොතිබූ මුල්ම අවධිය නිසා අල්වි සහෝදර දෙපළට ක්‍රියාත්මක කිරීමට නීති පොත් වල කිසිම නීතියක් පවා තිබුනේ නැත.

අද වන විට පාකිස්ථානයේ අන්තර්ජාල සේවා සපයන ප්‍රධාන ආයතනයක් වූ Brain Telecommunication නමින් ස්ථාපිත වී ඇත්තේ එකල Brian වයිරසය නිපදවූ අල්වි සහෝදර දෙපළගේ Brain Computers ආයතනයයි.

©හසිත හේරත් | Athirasa [ History ]