කාට කාටත් කේන්ති ගියාම කුණු හබ්බ පනින්න තියෙන සම්භාවිතාව බොහොම වැඩියි.කුණු හබ්බෙ පන්නගන්න බැරිම තැනකදි කටින් පනින අන්තිම වචනේ “බම්බු ගහපිය” , එහෙමත් නැතිනම් “මොන බම්බුවක්ද කරේ” වගේ “බම්බුව” සම්බන්ධ වචනයක්.කාගේ කාගේ කටේ තියන මොකද්ද මේ බම්බු කතාව.
අද වෙගේ නෙවෙයි අතීතයේදී මිනිස්සු ගවයින් එක්ක ලොකු සම්බන්ධයක් තිබ්බා. කරත්තේ බඳින්න , ගොයම් පාගන්න , ගොම ටික කිරි ටික ගන්න, කුඹුර පෝරු ගාන්න වගේ වැඩ කටයුතු ගවයින්ගෙන් කරගත්තා.මේ ගවයින් අසනීප වුනාම බෙහෙතක් හේතක් කරන්න ගමේ වෙද මහත්තයාගෙන්ම උපදෙස් ගත්තා.බොහෝ විට ගවයින්ට වැළඳෙන්නේ බඩේ අජීර්ණ.ඔය වෙලාවට උණ ගහකින් කපාගත්තු පුරුකක් විද සුද්ද කරන ලද උණ බම්බුවක් ගවයගේ උගුරටම බස්සා ටිකක් විතර විශාල අජීර්ණ ගුලියක හා තවත් විරේක බෙහෙතක් ද්‍රවයක් ලෙස බමිබුව තුලින් ගවයාගේ උගුර හරහා ශරීරගත කරනවා.ඒ ශරීරගත කරන බෙහෙත එක් උණ බම්බු පුරුකකට අල්ලන ප්‍රමාණයක් විය යුතු යැයි නියමයක් තිබුනා.මෙය “බම්බු ගැසීම” නම් වුනා.වඩි තුනක් ගවයාට “බම්බු ගැසීමෙන්” පසු විරේක වන ගවයා සම්පූර්ණයෙන් සුවය ලබනවා.
අදටත් අප තේරුමක් නොදැන කතා කරන බම්බු ගැහිල්ලේ ජනශ්‍රැතිය එයයි.මෝඩ හෝ තකතීරු වැඩක් කල විට එම පුද්ගලයා ගවයෙක්ට ආරෝපණය කොට සමච්චලයට ලක් කිරීමමේ අරමුණින් මෙම බම්බු ගැහිල්ල මිනිසුන් වෙනුවෙන් එකල සිට උප සංස්කෘතියක් තුල භාවිතා කරන්නට ඇති.
හසිත හේරත් | Athirasa [ Life / Feature ]