Categories

Science & Technology

පිටවීමේ යාත්‍රාව | The Deth Machine

739views

පිටවීමේ යාත්‍රාව

බැලූ බැල්මට ඔබට මෙම උපකරණය ගැන සිතෙන්නේ මොනවාද ? පිටසක්වල යාත්‍රාවක් එහෙමත් නැතිනම් අභ්‍යාවකාශ යාත්‍රාවක් වැනි යමක් ? ඇත්තෙන්ම කියනවානම් මෙය ස්ව්‍යංක්‍රීය සියදිවි නසාගැනීමේ උපකරණයකි.

එක්වරකට තනි පුද්ගලයෙකුට ඇතුලුවිය හැකි ලෙස නිපදවා ඇති මෙම කැප්සූලය නිපදවා ඇත්තේ “ඩොක්ටර් ඩෙත්“ යනුවෙන් හඳුන්වන ඕස්ට්‍රේලියානු ජාතික ෆිලිප් නිශ්ච්ත් විසිනි.ෆිලිප් නිශ්චිත් යනු මරණය කරා යමින් සිටින රෝගීන් වේදනාවන් නොදැනෙන ඖෂධ මගින් මරණයට පත්වීමට සලස්වන වෛද්‍යවරයෙකි. සාර්කෝ Sarco යනුවෙන් නම්කොට ඇති මෙම උපකරණය තුලට ඇතුල්වන ඕනෑම කෙනෙකු තමන් විසින්ම තද කරන එක බොත්තමක් මගින් තමන්ට නොදැනෙන ලෙස , වේදනාවක් නොදැනෙන ලෙස මරණයට පත්වීම හැකියාවක් ලැබේ.

මෙම සාර්කෝ නම් මරණ යාත්‍රාවට ඇතුල්වන පුද්ගලයෙකු මුලින්ම එම කැප්සූලය තුල ඇති තිරය තුලින් ගෙන එන මානසික ඒකාග්‍රතාව පිළිබඳ පුහුණු සැසියට විනාඩියක් තුල මුහුණ දිය යුතුය සහ එයින් සමත් විය යුතුය .එම පුද්ගලයා එයින් සමත් වූ විට යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අංක 4 කින් යුතු පින් අංකයක් ලබා දෙනු ලබනවා. පින් අංකය ඇතුල් කිරීමෙන් පසු මරණය සඳහා සූදානම් වීමට උපදෙස් ලබාදෙනවා.මානසික ඒකාග්‍රතාව සකසා ගැනීමට තවත් විනාඩි කිහිපයක් ලබාදීමෙන් අනතුරුව කැප්සූලය ද්‍රව නයිට්‍රජන් වලින් පිරෙන්නට පටන් ගන්නා අතර ඊට සමානුපාතිකව කැප්සූලය තුල ඔක්සිජන් මට්ටම පහත වැටෙන්නට පටන්ගන්නවා.අධික ශීතලකින් යුතු ද්‍රව නයිට්‍රජන් සම්පූරණයෙන් පිරීගිය පසු කැප්සූලය තුල සිටින පුද්ගලයා මරණයට පත්වනවා.එය වේදනාවක් රහිත ස්ව්‍යංක්‍රීය මරණයක් ලෙස හඳුන්වාදිය හැකි මෙම මරණය ක්‍රමයෙන් සිදුවන විට එකම එක බොත්තමක් තද කිරීමෙන් ක්ෂණිකව නවතා දැමිය හැක.පද්ධතිය ක්‍රියාත්මක කිරීමෙන් මිනිත්තුවක් ඇතුළත ඇතුලට සිටින පුද්ගලයා මිය යනු ඇත.මෙය බාහිරව ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති අතර ඇතුලත සිටින පුද්ගලයා විසින්ම ක්‍රියාත්මක කොටගත යුතු ලෙස නිපදවා ඇත.

පසුගිය වසර 20 තුළදී ඇමරිකාවේ සහ යුරෝපයේ රටවල් කිහිපයක් හා ඕස්ට්‍රේලියාව “අවශ්‍යතාවය මත‘ වෛද්‍යවරයෙකුගේ උපදෙස් හා උදවු මත ශරීරයට ඇතුල් කරන මාරක ඖෂධ වර්ග මගින් සියදිවි නසා ගැනීමේ ක්‍රමවේදයන් සඳහා නීතිමය අවකාශක් සකස් කොට තිබේ.මෙම සාර්කෝ කැප්සූලය ඒ සඳහා විවෘත කල නවීන තාක්ෂණික උපකරණයකි.

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker