අලුත්ම පිම්ම | A Drone To Mars
1.09Kviews
ශ්‍රී ලංකාවේ අපි හරිම බය ග්‍රහයෙක් තමා මේ කුජ ග්‍රහයා. එහෙමත් නැතිතම් දන්නා භාශාවෙන් කියනවා නම් අඟහරු ග්‍රහයා. රතු ග්‍රහයා නමින් හඳුන්වන මේ අඟහරු ග්‍රහයා කේන්දරේ හිටගෙන ඉන්න තැන අනුව අපේ ජීවිතේ වෙනස් වෙනවා කියලා තමා වැඩිහිටියෝ කියන්නේ. කුජ බලවත් වීම සහ කුජ දෝශ හරිම අමාරුකාර ජෝතිශ්‍යමය ගැටළු කියලා තමා ජෝතිශ්‍යෙව්දීන් කියන්නේ. පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 54.6 දුරින් පිහිටා තිබෙන මේ අඟහරු ග්‍රහයාට මිනිස්සු ඒ තරම්ම බයයි.
අපේ ලංකාවේ මිනිස්සු අඟහරු ග්‍රහයාට බය වුනාට ඇමරිකාවේ මිනිස්සු නම් පොඩ්ඩක්වක් බය නැති හැඩයි. නාසා ආයතනයෙන් අඟහරු ගැන නිතර නිතරම නිරීක්ෂණ කෙරුණු අතර 1964 වසරේදී පළමු වරට අඟහරු ලොවට පිටත සිට එහි ඡායාරුවක් නාසා ආයතනය ලබාගන්නේ මැරිනර් 3 චන්ද්‍රිකාව උපයෝගී කරගෙන. ඒ අනුව 1971 දී අඟහරු ග්‍රහයා වෙත මැරිනර් 8 පතිත කිරීමට පිඹුරුපත් සැකසෙනවා.එහෙත් අතරමගදී සිදුවූ කාර්මික දෝශයක් නිසා මෙම මැරිනර් 8 යානාව අඟහරු වායුගෝලයට ඇතුළුවීමේදී විනාශ වී ගියා.ඉන්පසුව 1976 වසරේදී අඟහරු වෙත යොමු කළ වයිකින් 1 යානාව නිරුපද්‍රිතව අඟහරු තලය මත ගොඩබස්සවන ලදි. එයින් පෘථිවිය වෙත එවූ පළමු කළුසුදු ඡායාරුව “අඟහරු මත සිට පෘථිවියට එවූ පළමු ඡායාරුව“ බවට පත්වුනා.
කෙසේ වුවත් ඉන්පසු Mars Observer-1992 , Mars Pathfinder – 1996 , Mars Global Surveyor – 1996 Mars Climate Orbiter – 1998 , Mars Polar Lander/Deep Space 2 – 1999 , Phoenix – 2007 යනුවෙන් අඟහරු ගවේශණ ව්‍යාපෘති ගණනාවක් නාසා ආයතනය විසින් ක්‍රියාත්මක කරන ලද්දේ අඟහරු පිළිබඳ ඉතා විශේ්ෂ තොරතුරු රැසක් අනාවරණය කරගැනීමේ බලාපොරොත්තුවෙන්. ඒ ජීවයක් පැවතුනේ නැති වුවත් අඟහරු මත ජලය තිබෙන බව ඇතිවූ බලාපොරොත්තුවයි. කොහොම වුනත් අඟහරු මත ඝන වූ ජලය තිබෙන්නට හෝ තිබී ඇති බව නාසා ආයතනය විසින් නිගමනයකට එන්නේ අඟහරු පෘෂ්ඨයේ ඇති භූවිශමතාව වැඩි වැඩියෙන් අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි.
ඒ නිසාම නාසා ආයතනය නැවතත් අඟහරු මෙහෙයුමකට අත තියනවා. ඒ අඟහරු නිරීක්ෂණය සඳහා විශේෂයෙන් සකස් කරන ලද අති නවීන ඩ්‍රෝන් වර්ගයේ ද්වී තල හෙලිකොප්ටරයක් සකස් කරමින්. අඟහරු මත ගොඩබස්වන යානාවකින් අඟහරු මතට යවන රෝවරයක රඳවා යවන මෙම ඩ්‍රෝනය බරින් කිලෝග්‍රෑම් 1.8 ක් පමණ වනවා. මෙම ඩ්‍රෝන් කොප්ටරය රෝවරය සමඟ ගමන් කරමින් අඟහරු මත අධි විස්තෘත ඡායාරූ මෙන්ම නවතම සැඟවුනු දත්ත රෝවරය හරහා පෘථිවිය වෙත එවීමට නියමිතයි. ඊට අමතරව මෙම ව්‍යාපෘතියේ තවත් එක් රාජකාරියක් වන්නේ අඟහරු හා පෘථිවිය අතර අධිවෙීගී සන්නිවේදන පද්ධතියක් ස්ථාපනය කිරීමයි.
මෙම ඩ්‍රෝනයේ තල වේගය තත්පරයට රවුම් 3000(rpm) ක් විතර වනවා.රාත්‍රියට අතිශය සීතල අඟහරු පෘෂ්ඨය මතදී මෙම යානාව සිසිලසින් මිදීම වළක්වාගැනීමට නාසා විද්‍යාඥයින් විශේෂයෙන් උණුසුම් උපකරණ මේ ඩ්‍රෝනය තුළ සවිකරන්නට නියමිතයි.මෙම ඩ්‍රෝනය තත්පර 90 ක් තුළදී මීටර් 100ක් ගමන් කරමින් තමා පසු කරන සියලුම භූමිය නිරීක්ෂණය කරනවා.මේ නවීන රෝවරය හා ඩ්‍රෝනය 2020 වන විට අඟහරු මතට යවන්නට නියමිතයි. ඒ අනුව 2020 වසරේදී අඟහරු නිරීක්ශණයේ තීරණාත්මක වසරක් වෙමින් මිනිස් සංහතියේ උන්නතිය උදෙසා අති විශේෂ තොරතුරු රැසක් පෘථිවිය වෙත ලබාදේවී. ඒ වනතුරුත් අපි අඟහරු ග්‍රහයාට බියේ කුජ දෝශ හා අඟහරුගෙන් අපට ඇතිවන අපල ගැන සොයමින් ජෝතිශවේදීන්ට අපගේ ජීවිත භාරදෙමින් කල් ගත කරාවි.
හසිත හේරත් | Athirasa [ Science & Technology ]