ආදරණීය මහපොළව | Earth From Sky
ආදරණීය මහපොළව..
හතර , තුන , දෙක , එක ඇන්ජින් දෙකෙහි මහා ගොරබීරමත් සමග අප රැගත් රොකට්ටුව ශබ්දයේ වේගය පරයා ඉහළට ඇදුනා.කෙනඩි ගුවන් මධ්‍යස්ථානයෙන් ඉහළට ඇදෙන අපිට දැනුනේ ඉතා විශාල භූමි කම්පාවකට අපව මැදිවි සිටින ලෙසයි.තද බල කම්පනයන් සහ වේගවත් ගමන් කිරීම ඇගට දැනෙන්ට විය.පපුව පෙරටත් වඩා වේගයෙන් ගැහෙන්නට වුනා.ජිවිතයේ පළමු වතාවට පය ගසා සිටින මහපොළවෙන් ඉවත්ව වි මා අභ්‍යවකාශයට යමින් සිටිමි.මැදිරියේ සියලු කවුලු සියල්ල තවමත් සිල් තබා තිබේ.පෘතිවියෙන් උපදෙස් ලැබෙන තුරු ඒවා විවෘත කරන්නට අපට තහනම් වේ.හාත්පස වූ මීටර් හා දර්ශන පුවරු විවිධ ගණනය කිරීම් දක්වන්නට විය.2017 දුරකථනය හරහා පෘතිවියෙන් පණිවිඩයක්. අප රැගෙන ආ ඉන්ධන ටැංකි සහිත රොකට් විදිනයන් අපගෙන් වෙන්වී ගොසිනි.මද වේලාවක් අප අපගේ ආසන මතම රැදී සිටියෙමු.දැන් අපට මැදිරියේ කවුලුවල වානේ වැසුම් ඉවත් කරන්නට අවසර ඇත.අප ක්‍රමයෙන් කවුලු වල වානේ ආවරණ ඉවත් කළෙමු.
මාගේ දෑස තෙත් වන්නට විය.මා දුටුවේ හාත් පස පැතිරුණු නිල්පැහැති වීදුරු බෝලයක් මෙන් පැතිරී ඇති අපගේ පෘතිවියයි.එය අහිංසක ලෙස අඳුරු විශ්වයේ පාවෙමින් තිබින.තවත් පසෙකින් කුඩා කල සිට මා ආදරයෙන් කතා කල සඳ අළු පැහැතිව පිහිටා තිබිණ.වෙනදා පොළවේ සිට වළාකුළු දුටු මා අද විශ්වයේ සිට වළාකුළු නරඹමි.මාගේ දෑස තවමත් තෙත්ව ඇත.අප සිටියේ අත්ලාන්තික් සාගරයට ඉහළින් පාවෙමින් බව උතුරු ඇමරිකා මහද්වීපය දැකීමෙන් හඳුනා ගතිමි.කලකට පෙර ටයිටැනික් නෞකාව ගිලී ගියේ මෙම සාගරයේ බැවු මට ආවර්ජනය විය.අප කෙතරම් ඉහළකින් සිටිනවාදැයි මට තවමත් නිච්චි නැත.මාගේ ඉහළ නිළධාරියාගෙන් මා එය අසා දැනගත යුතුය. අහම්බෙන් හෝ ඉපදුනු අපේ පෘතිවිය මුල් අවධියේ සිට පැමිණ ජීවයද ඇරඹී මයෝසීන යුගය ඩයිනෝසර් යුගය හා තවත් යුග ගණනාවක් පසුකරගෙන වානරයාද ඉපැදී මිනිසා තෙක් පැමිණ හිස් කබලක් තුල සැගවුනු සෛල ගණනාවකින් යුතු මිනිස් මොළයක විශ්ම කර්ම බලය කෙතරම් අප අගය කල යුතුද.විද්‍යාවේ සොයාගැනීමත් විද්‍යා සංකල්ප මත සිට ක්‍රමයෙන් මිනිසා තාක්ෂණය ප්‍රගුණ කරමින් ටිකෙන් ටික පෘතිවියෙන් එපිටට පැමිණීමත් කෙසේ අප සුළුකොට තකමුද.
ගුරුත්වයෙන් මිදුනු අප යානය තුල පාවෙමින් එහේ මෙහේ ගමන් කළෙමු.මාද පුහුණු සැසියන්හි ලද උපදෙස් වලට අනුව මාගේ රාජකාරිය ඉටුකරමින් යානයේ තවමත් රැඳී සිටිමි.අප හට වූ ප්‍රධානම කර්ථව්‍යය වූයේ ජාත්‍යන්තර අභ්‍යවකාෂ මධ්‍යස්ථානය යාවත්කාලීන කිරීම සඳහා රැගෙන ආ නවතම උපකරණ එහි රැඳවීමයි.මා හට වූ අභ්‍යවාකාශ ඇදුම ඇඳ ගැනීමෙන් අනතුරුව අප පිටවීමේ කුටිය වෙතට පැමිණියෙමු.වායුරෝධනය කිරීමෙන් අනතුරුව පිටවීමේ දොරටුව විවෘත කරන්නට අණ ලැබිණ.මා සමග යානයෙන් පිටතට පැමිණීමට තවත් නිළධාරීන් දෙදෙනෙකු මා අසල විය.දොරටුව සෙමින් විවර විය.
පුහුණුවලදී ලද උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වීමට ප්‍රථම මා මාගේ නිරුවත් දෑසින් මාගේ නිවස දෙස බලා සිටිමි.ඇත්තෙන්ම එය මා කෙසේ වචනයෙන් විස්තර කරන්නද.පැතිරීගිය පෘතුවිය මත පිහිටා ඇති සාගර දූපත් හා මහද්වීපද මට පෙණින.මිනිසුන් නොපෙනන මහ පොළවේ මහද්වීප දකින විට මට මහා ආදරයක් පෘතුවිය පිළිබඳ ඇතිවන්නට විය.අපි එකම ලෝකයක එකට ජීවත් වන එකම මිනිස්සු කොට්ඨාශයකි.මෙය තුල මිනිසුන් ආගම් ලෙසද,ජාතින් දෙසල,කලු සුදු ලෙසද රටවල් ලෙසට බෙදී ඇත.මා හට ඒ කිසි දෙයක් මෙහි සිට බැලූ විට පෙනෙන්නට නැත.මට පෙනෙන එකම දේ මා ජීවත්වන පෘතුවිය පමණී.මිනිසුන් තම තමන්ගේ අනවශ්‍ය අවශ්‍යතා වෙනුවෙන් බෙදී වෙන්වී ඇත.එහෙත් එය නොදන්නා මාගේ පෘතුවි මාතාව අපද දරමින් නිසොල්මනේ අඳුරු විශ්වයේ සැරිසරමින් සිටී.ආලෝකය හා අඳුර අතර දින ගෙවෙමින් ගතවී යන නීල පැහැති ග්‍රහලොවේ ආදරය ලබමින් නැවත පෘතිවිය වෙත ගෞරවයෙන් පැමිණීමට අදිටන් කරගනිමින් පැමිණි රාජකාරිය නිමකිරීමට යානයෙන් පිටවී යානයේ බඳෙහි C අංශය වෙත ඇදී යන්නෙමි.
©හසිත හේරත්