ඔයාගේ නමින් Fake ගිණුමක් ?
839views
FB එකට ආවම ගොඩක් අය කරන වැඩක් තමා යාලුවන් සමග chat කරන එක. පෞද්ගලිකවම හඳුනන යාළුවෙක් හරි FB එකෙන්ම හඳුනාගත්ත යාලුවෙක් හරි Online දැකලා Chat එකේ කතා කළොත් අපිත් ඒ යාලුවා එක්ක Chat කරන්න දෙපාරක් හිතන්නේ නෑ.
එහෙම එන යාලුවෙක් Chat එකේදී ඔයාට කියනවා ඔයාගේ Fake Account එකක් FB එකේ දැක්කා ඔයාට ඒ ගැන දැනගන්න ඕනද කියලා. ඉතින් එහෙම වෙලාවක අපේ නමින් කවුරු හරි හොර ගිණුමක් හදලා තියෙනවාද කියලා බය වෙලා අපිත් කියයි “අනේ ඔව් දැනගන්න ඕන තමයි” කියලා. එතකොට ඒ යාලුවා ඔයාට මෙන්න මේ පින්තූරේ තියනවා වගේ ලින්ක් එකක් එවනවා. ඒ ගමන් එයා මෙහෙමත් කියනවා “ඔයා මෙන්න මේ ලින්ක් එකට ගිහින් FB ලොග් වෙනවා වගේ User Name / Password ඇතුළත් කරලා ලොග් වෙන්න, එතකොට ඔයාගේ නමින් තියෙන Fake FB Accounts ඔක්කෝම බලාගන්න පුළුවන්, ඒ වගේම දවස් තුනක් ඇතුළත ඒවා අපිටම ඩිලීට් කරන්නත් පුළුවන්” වගේ කතාවක්.
මේ වෙලාවෙදී ඔයා දෙපාරක් හිතන්නේ නෑ ඒ ලින්ක් එක ඕපන් කරලා ඔයාගේ දත්ත ඇතුළත් කරන්න. එකක් ඒ ලින්ක් එක ඔයාට එවන්නේ වෙනදා ඔයා එක්ක Chat කරපු යාලුවා. අනිත් එක ඔයා දැන් බය වෙලා ඉන්නේ ඔයාගේ නමින් Fake Account එකක් තියෙනවා කිවුව නිසා. අනිත් එක මේ ලින්ක් එක පෙනුමෙනුත් ටිකක් FB ලොගර් එකක් වගේත් පේනවා.ඒ වගේම ඒ යාළුවා ඔයාට ටිකක් බල කරාවි අනිවාර්යයෙන් ඒකට ලොග් වෙලා ඒවා ඩිලීට් කරගන්න වගේ ඒවා කිය කියා.
හැබෙයි ඔයා හදිස්සි වෙලා ඒ ලින්ක් එක විවෘත කරලා ඔයාගේ User Name / Password ඇතුළත් කරලා ඉදිරියට ගියොත් ඔයාගේ ඔය FB ගිණුම සදහටම ඔබට නැති කරගන්න සිද්ධ වේවි. මොකද ඒ තියෙන්නේ ඇත්ත FB ලොගර් එකක් නොවෙන නිසා.
ඒ වගේම ඔයා එක්ක චැට් කරපු මේ ලින්ක් එක එව්වා යාලුවා එයාට කලින් ආව ඒ වගේ ලින්ක් එකකට ඇතුල් වෙලා එයාගේ User Name / Password මේ වෙනකොටත් පිට කෙනෙක් අතට යවාගත්තු නිසා වෙනත් කෙනෙක් එයා වගේ ඔයා එක්ක Chat කරා වගේ ඔයාගේ ගිණුමෙනුත් අපි නොදන්නා කෙනෙක් ඔයාගේ තවත් යාළුවෙක්ට ඔයා වගේ Chat කරලා අර ලින්ක් එක යවාවි. එතකොට ඒ යාලුවක් ඒ ගැටේට අහුවෙලා එයාගේ User Name / Password ඇතුළත් කරාවි.
බලන්න ඒ ලින්ක් එකේ තියෙන වෙබ් ලිපිනය! පෙනුමෙන් FB ලොගර් පිටුව වගේ පෙනුනට ඒකේ තියෙන්නේ psbusiness. ru කියන කොහේවත් නැති වෙබ් ලිපිනයක්.

හිතලා බලන්න මේ සිදුවීම කොච්චර දරුණු තත්වයක්ද කියලා. ඒක නිසා තමන් Chat කරන යාලුවාගේ Chat කරන විලාසය ගැනත් අවධානයෙන් සිටින්න. ඒවගේම මේ වගේ ලින්ක් එකක් ආවොත් වහාම එම Chat එකෙන් ඉවත් වෙලා ඒ යාලුවාගෙන් වෙනත් පෞද්ගලික විමසීමක් කරන්න. මෙවැනි කපටි වැඩ කරමින් අනෙකාගේ දත්ත පැහැරගන්නා ව්‍යාජ ක්‍රියාදාම ගැන නිතරම අවධානයෙන් සිටිමින් සයිබරය තුළ තමාගේ පෞද්ගලිකත්වය රැකගන්න.
ඒ වගේම මේක ඔයාගේ යාලුවන්ට දැනගන්න පුළුවන් තරම් ශෙයාර් කරන්න !!
හසිත හේරත් | Athirasa [ Cyber ]