Categories

LifeWorld

අරුම පුදුම කැරට් අලය | Finding RING

872views

කැනඩාවේ මාරි ග්‍රෑම්(84) තම ස්වාමියා සමග විවාහ දිවියට ඇතුලත් වූයේ 1951 වර්ශයේ එක වසන්තයේ දිනකදීය. විවාපත් වී දරුවන් පවා ලද වයෝවෘද මාරි තම ජීවිතය ගත කරන අතර පසුකලෙක කාලය ගෙවා දැමීමට ගේ පිටුපස තිබූ තම සැමියාගේ කැරට් වගාවට නිතරම සාත්තු කරමින් කල් ගෙවුවා. 2004 වර්ශයේ දිනක ඇය කැරට් වගාවට සාත්තු කරමින් සිටියදී විවාහ දිනයේ තම ස්වාමියා පැළැන්ඳු ඉතා වටිනා මැණිකක් සහිත රන් මුදුව නැතිවී ඇති බව දුටුවා ඒ වන විට ඇගේ වයස අවුරුදු 71 ක්.ඇය තනිවම එය දින කිහිපයක් තිස්සේ සෙවූ නමුත් ඇයට එය හමුවුයේ නැහැ.ස්වාමියා තමාට බනීවී යැයි සිතමින් ඔහුට නොකියා ඇය නැතිවූ මුද්දට සමාන බාල වර්ගයේ වෙනත් මුදුවක් සාදවා පැළඳ ගත්තේ වටිනා මගුල් මුදුව ගැන තිබූ සියලු බලාපොරොත්තු අත්හරිමින්.

මාරි ග්‍රේ විවාපත් වූ දිනය

 

මුදුව සහිත කැරට් අලය

2017 අගෝස්තු මාසයේ ඇයට ඇගේ මිණිබිරිය දුරකථනයෙන් අමතමින් තම මගුල් මුදුව නැතිවුනාදැයි අසන විට , තැතිගත් ඇය “ඔවු එය එහෙම වුනා” යැයි කියා සුසුම් හෙළන විට දුරකථනයේ එහා කෙළවර සිටි මිණිබිරිය මහ හඬින් සිනාසී තිබුනා.මාරි පුදුම කළ ප්‍රවෘත්තිය ඇගේ කනේ තැබූ මිනිබිරිය ඇය වෙත ආවේ මුදුව රැදී වැඩී තිබුනු කැරට් අලයද රැගෙනයි. තමා කැරට් වගාවේ පළදාව නෙලක විට මෙය හමුවූ බව වැඩිදුරටත් කියා තිබුනා.තම ස්වාමියාට මෙය නැතිවූ බව නොකී නමුත් මෙම අරුම පුදුම සිද්ධියද පැවසීමට හැකියාවක් නොමැති වූයේ 2012 වර්ශයේදී ඔහුද ජීවතුන් අතරින් සමුගෙන තිබීම හේතු කොටගෙනයි.වසර 13 කට පසුව ඇය එය නැවත පළදින්නේ තමාට තවමත් එය ඉතා වටිනා සමරුවක් බව කියමින්.

 

මාරි ග්‍රෑම් මුදුව සහිත කැරට් අලය සමග

 

නැවත මුදුව පළඳමින්

නැතිවූ දා බලාපොරොත්තු අත් හැරියත් තමාට ලැබෙන්නට ඇති දෙයක් වේ නම් කෙසේ හෝ කවදා හෝ නැවත ලැබෙන්නට වරම් ඇති බව කැරට් අලයක රැදී මාරි වෙත නැවත ආ මගුල් මුදුව අපට පසක් කර දෙනවා.

හසිත හේරත් | Athirasa [ Life / World ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker