Onboard Fligh Safty | ගුවනේ ආරක්ෂාව
සාර්ථක ගුවන් ගමනක් අවසාන වන්නේ සාර්ථක ගොඩබෑමකිනි. ඔබ ගමන්ගන්නා ගුවන්යානය ගොඩබෑමට ආසන්න වන විට ඔබ විසින් නොකෙරුවත් ගුවන් සේවිකාවක් ඔබ අසලටම පැමිණ සිදුකරන්නා වූ රාජකාරි කිහිපයක් ඇත. ඒවා නම් ඔබගේ ආරක්ෂක බඳපටිය තද කිරීම, ඔබට ඉදිරියෙන් ඇති ආහාර තබාගන්නා කුඩා මේසය හකුලා අගුලු දැමීම, පසුපසට කොට ඇති සියලු අසුන් මුල් අවස්ථාවට ගෙන ඒම හා අවසාන වශයෙන් වසා ඇති සියලු ජනෙල් කවුලු වල ආවරණ පියන් විවෘත කිරීම යන කාරණා වේ. ඔබ ගුවන් ගමනක යෙදී ඇතිනම් ඔබ මෙම අවස්ථා අත්විඳ ඇතුවාට සැක නැහැ. එහෙත් ඔබ දන්නවාද ගුවන් සේවිකාවන් විසින් මෙම ක්‍රියාවන් සිදුකරන්නේ ඇයිදැයි කියා ?
ඔබ ගමන් ගන්නා ගුවන් යානය සාර්ථකව ගොඩබැසීමක් බලාපොරොත්තු වුවත් අවාසනාවකට එහි දෝශයකින් ගුවන් යානය හදිසියේ අනතුරකට පත්වෙමින් ගොඩබෑවා යැයි සිතමු. එවිට ඉතා ඉක්මනින් බියවූ මගීන් (ජනේලයට ආසන්නයේ සිටින) අවහිරතාවයකින් තොරව ඉවතට පැමිණීමට හැකිවන ලෙස ඔබ ඉදිරියේ ඇති කුඩා මේසය හකුලා තැබීම සිදුකරයි.
යානය ගොඩබස්වන අවස්ථාවේ එහි බාහිර පෘෂ්ඨයේ සිදුවන සියලු දේ නිරීක්ෂණය කිරීමට ජනෙල් පියන් විවෘත කිරීම සිදුකරයි. පියාපතෙහි හදිසි ගින්නක් වැනි දෙයක් ඇතිවුවහොත් එය දැකගැනීමට හා ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට පහසුවන සේ.
හදිසිගොඩබෑමකදී මගීන් විසින් සිදුකලයුතු ප්‍රධානතම ආරක්ෂක ක්‍රියාමාර්ගය වන්නේ තම හිස පහළට ගෙන ඉදිරි අසුනේ ඔබා ගැනීමයි. නමුත් තමාට ඉදිරියෙන් සිටින පුද්ගලයා අසුන පසුපසට ගෙන තිබුනහොත් පසුපසින් සිටින මගියාට හිස ඔබා ගැනීමට ඉඩ මදිවේවි. එය වැළැක්වීමට පසුපසට ගත් අසුන් සියල්ල මුල් තත්වයට ගෙන ඒවි.
ඊට අමතරව ගුවන් සංඥා පද්ධතියට සිදුවිය හැකි විද්යුත් අවහිරතා මගහරවාගැනීමට ජංගම දුරකථන ක්‍රියාවිරහිත කරන්නටත් සිදුවේවි.
අත්දැකීම් බහුල ගුවන් කපිතාන්වරයෙකු සාර්ථක ගුවන්ගමනක් අවසානයේදී තම ගුවන්යානය සාර්ථක ගොඩබෑමකට ලක් කලද ඉහත සඳහන් කළ සියලු ක්‍රියාවක් ගුවන් සේවිකාවන් විසින් සිදුකරාවි. ඒ ඔබගේ ආරක්ෂාව උදෙසායි.
හසිත හේරත් | Athirasa [Science & Technology]