Categories

World

අප්‍රේල් මෝඩයා ! April Wonder

583views

අප්‍රේල් මෝඩයා !!

ඔබ අප්‍රේල් පළමු වැනිදා ගැන දන්නේ මොනවාද ? ඔවු ඔබ හරි “මෝඩයාගේ දවස” , අප්‍රේල් පළමුවැනිදාට කාටහරි “ළණුවක්” නොදුන්නොත් ඉතින් එදාට කෑවේ නෑ වගේ තමයි. අපි කාට හරි ළණුවක් දෙන්න කලින් අපි කාගේ හරි ළණුවක් කෑවෝතින් ඒක ඉතින් අපේ අවාසනාව තමා.මේ දෙන ළණු අතරේ අහිංසක ළණු වගේම , බොහෝම භයානක හිත රිදෙන ළණුත් තියෙන්න පුළුවන්. ඒත් ඉතින් හරියට හොයලා බැලුවොතින් ළණුව මොකද්ද ඇත්ත මොකද්ද කියලා අපිටම හොයාගන්නත් බැරි නැහැ.

මේ කියන්න යන්නේ අප්‍රේල් පළමුවැනිදාක රටකටම දුන්නු ඇති දැවැන්ත ළණුවක් ගැන කතාවක්. හරියටම 2015 අප්‍රේල් පළමුවැනිදා නවසීලන්ත පුවත්පතක පළවූයේ තම පැරණි මෝටර් රථයට අළුත්ම සීරියස් 01 BMW රථයක් නොමිලේම ලබාදෙන බව කියමින් එරට BMW ආයතනය පළකලා යැයි පෙර දැනුම් නොදුන් දැන්වීමකි. ඇත්තෙන්ම අප්‍රේල් පළමුවැනිදා බොහෝ ළණු එහේ මෙහේ හුවමාරු වන බැවු දන්නා රටවැසියන් මෙම දැන්වීම කිසිසේත්ම විශ්වාස කලේ නෑ. කිසිම කෙනෙක් මෙම දැන්වීමට ප්‍රතිචාර දැක්වූවේ නෑ.

එහෙත් ටියානා මාෂ් නම් තරුණිය පමණක් තම අවුරුදු 15 ක් පැරණි නිසාන් ඇවනිර් රථයද ගෙන දැන්වීමත් රැගෙන BMW ආයතනය වෙත පැමිණියා. පුදුමයක මහත ඇය ළණුවක් ලෙස සිතා පැමිණියද සැබැවින්ම එය ළණුවක් නොවීය.පුවත් පතේ පළකොට තිබූ ආකාරයටම BMW ආයතනය ඇගේ පැරණි නිසාන් කාරය වෙනුවට BMW සීරීස් 01 රථයක් එවෙලේම තෑගි කලා. මෙම රථයේ වටිනාම ඇමරිකානු ඩොලර් 50,000 ක් පමණ වූවා.

අප්‍රේල් පළමුවැනිදා මෙම දැන්වීම පළකල NZ Herald නම් පුවත් පතෙහි පිටපත් 145,000 පමණ විකිණී තිබුනද එරට කිසිම පුද්ගලයෙකු මෙය සැබෑවක් ලෙස සිතා තිබුනේ නැත.මෙම දැන්වීම විශ්වාස කර පැමිණෙන පළමු පුද්ගලයාට මෙම කාරය ලබා දීමට සියලු පිඹුරුපත් සකසා තිබුනා.කෙසේ වෙතත් ටියාෂා මාෂ් විසින් දිනාගත් මෙම අගනා වටිනා රථයේ නොම්මරය NOFOOL ලෙස BMW ආයතනය විසින් ලියපදිංචි කොට තිබුනා.

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker