Categories

History

ජනවාරි | God Janus

696views

අළුත් ජනවාරිය.

සිංහල ක්‍රමයට දුරුතු මාසය ලෙසින් හඳුන්වා ඇති වසරේ පළමු මාසය සීතල කාලසීමාවක් පසු කරන බැවින් සීත දුරුත්ත යන තේරුම ගෙන එන “දුරුතු” ලෙස නම් කොට ඇත.මෙම සීත කාලය නිසාම ජනවාරි මාසය අතීතයේ හඳුන්වා ඇත්තේ month of the wolf (වෘකයාගේ මාසය) ලෙසයි.එම තේරුම එන ලෙස ඔවුන් යොදා තිබූ රෝමානු නාමය වන්නේ Ianuarius යන්නයි.

එකල රෝම අධිරාජ්‍යයෙකු වූ “නූමා පොම්පිලස්”

අතීත රෝමානු කැලැන්ඩරයේ වසරේ පළමු මාසය වූයේ මාර්තු මාසයයි.පසුව එකල රෝම අධිරාජ්‍යයෙකු වූ “නූමා පොම්පිලස්” විසින් 11 වෙනි හා 12 වෙනි මාස දෙකක් වැඩිපුර එකතු කල අතර අතීතය හා අනාගතය එක්වර දැකිය හැකි රෝම මිත්‍යා විශ්වාසයක එන “ජානුස්” නම් දෙවියාගේ නම යොදා 11 වන මාසය කැලැන්ඩරයේ පළමු මාසය බවට පත් කරනු ලබන අතර 12 වෙනි මාසය කැලැන්ඩරයේ 2 වන මාසය(පෙබරවාරි) බවට පත් කරනු ලබනවා(අධික අවුරුද්දකදී පෙබරවාරි මස අගට 29 වැනි දිනය එකතු වන්නේ ඒ අනුවය)

මුහුණු දෙකක් සහිත ජානුස් දෙවියා

ජානුස් දෙවියාගේ නම යෙදීම නිසා එම මාසය January බවට පත්වනවා.මෙම වසරේ ජනවාරි මාසයේ පොහොය දෙකක් තිබෙන අතර.හෙට පායන සඳ වෘකයාගේ සඳ(Wolf Moon) නමිනුත් , 31 වනදා පායන සඳ නිල් සඳ( Blue Moon) ලෙසක් හඳුන්වනවා.සෑම වසර 2.5 කට වරක්ම තනි මසක් තුල සඳ දෙවරක් පෑයීමේ සංසිද්ධිය(අධි පොහොය) ඇතිවේ.

©හසිත හේරත් | Athirasa [ History ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker