824views
වියට්නාමයේ ඩා නාන් ප්‍රදේශයේ මුහුුදු මට්ටමේ සිට මීටර් 1000ක පමණ උස කඳුකරය ආශ්‍රිතව පසුගිය ජූනි මාසයේ අපූරූ ඉදිකිරීමක් විවෘත කළා. අතිවිශාල ගල් දෙකක් ඔප මට්ටම් කරමින් ඉදිකළ අත් දෙකක් මත තබාගෙන සිටින ලෙස පෙනෙන රත්‍රන් ආලේපිත පාලමක් වූ මෙය දිගින් මීටර් 150 ක් පමණ වනවා. ප්‍රදේශයේ සංචාරක ආකර්ශණය වැඩි කරගැනීම උදෙසා ඉදිකළ මෙම පාලම වියට්නාමයේ රත්‍රන් පාලම (Golden Bridge -Vietnam) ලෙස නම් කොට තිබෙනවා. මෙම දෑත දෙවියන්ගේ දෑතක් ලෙසද හඳුන්වනවා.