Categories

World

කුණුමුල්ල | The Great Pacific Garbage Patch

925views

පරිසරය කෙතරම් පිරිසිදුව තබාගමු කීවත් ඔබ සහ අපගෙන් කීයෙන් කී දෙනෙක් ඒ ක්‍රියාව නිවැරදිව සිදුකරනවා දැයි අප දන්නේ නැහැ. නිවැරදිව කසළ බැහැර කරමින් පරිසරයට කෘතීම අපද්‍රව්‍ය එකතු වීම වැළැක්වීම වර්ථමානයේ කෙසේවත් නවත්වාගත නොහැකි තැනට පත්වෙලා. ඒ කතාව එහෙම වුනත් මේ කියන්න යන්නේ ඒ වගේම වෙනත් කතාවක්. සාගරයට අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා දැනට පැසිෆික් සාගරයේ නිර්මාණය වෙලා තියෙන The Great Pacific Garbage Patch එහෙමත් නැතිනම් “පැසිෆික් සාගරයේ මහා කුණු ලපය“ ගැනයි.

ලපයක් කීවාට මෙය ඇත්තෙන්ම ලපයක් නොවේ. වර්ග කිලෝමීටර් මිලියන 1.6 ක් පුරා පැතිරී ඇති මෙම කලාපය ලොව වැඩිම සාගර අපද්‍රව්‍ය එකතුවී ඇති කලාපයයි. කැස්බෑවන්, මසුන් වැනි සාගර ජීවීන් ගණනාවක් අනතුරු වලට හෙලා ඇති මෙම කලාපය පැසිෆික් සාගරයේ උතුරු ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ සහ හවායි දූපත් අතර මැද සාගර කලාපය පුරා පැතිරී ඇති අතර මෙය ප්‍රංශය හා ස්පාඤ්ඤය මෙන් තුන් ගුණයක්ද ජර්මනිය මෙන් සිවුගුණයක්ද විශාල වේ. මෙම කලාපය පුරා විසිරී ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය වල බර ටොන් 80,000 ක් පමණ වේ. එය විශාල ප්‍රමාණයේ ජම්බෝ ජෙට් 500 ක බරට සමාන වේ. එම කලාපයේ විසිරී ඇති ප්ලාස්ටික් කැබලි ප්‍රමාණය දළ වශයෙන් කැබලි ට්‍රිලියන 1.8 ක් වේ. එය ලෝකයේ සිටින සියලුම පුද්ගලයින්ට කැබලි 250ක් එන ලෙස බෙදා දිය හැකි අති විශාල ප්‍රමාණයකි

මේ වන විට මෙම කලාපයේ සිදුවී ඇති පාරිසරික තර්ජනයෙන් ගලවා ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය තම අලුත්ම මෙහෙයුම වන Ocean Cleanup මෙහෙයුම ආරම්භ කොට තිබේ. ඉංග්‍රීසි හෝඩියේ C අකුර ආකාරයේ හැඩයකට සාගරයේ පාවෙන්නට සලස්වන අතිවිශාල නලයක් මැදිකොටගත් තවත් දැලක් උපයෝගී කොටගෙන මෙම නොදිරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මෙහෙයුම ඇමරිකාව විසින් අරඹා ඇත. ඒ වෙනුවෙන් ඔවුන් වියදම් කරන මුදල අතිමහත්. වසර පහකින් මෙහි ඇති අපද්‍රව්‍ය 50% කින් ඉවත් කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර 2040 වන විට මෙම කලාපය සම්පූර්ණයෙන් අපද්‍රව්‍ය වලින් තොර සාගර කලාපයක් බවට පත් කිරීමට ඇමරිකාව බලාපොරොත්තු වේ.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker