Categories

Health

කොණ්ඩ කිරිල්ලී | Hair Protection

1.5Kviews

හැමෝම කැමතියි ලස්සනට ඉන්න. පිරිසිදුව ඉන්න. ඒ වගේම ලස්සන කොන්ඩයක් තියාගන්න. ඔබ ඔබගේ කොන්ඩය ගැන දන්නේ මොනවාද? කොන්ඩය කැපීම, පීරීම, හිස තෙල් දැමීමට අමතරව අප අපගේ කොණ්ඩය ගැන දන්නා දෙයක් නැත. හිස් මුදුනේ වැවෙන දිගු පිරිපුන් හා පිළිවෙලට තබාගන්නා කොණ්ඩය අපගේ මුහුණට ප්‍රියත්වයක් ගෙනදෙනවා. ලංකාව වැනි සමකාසන්න රටවල ජීවත්වන අපගේ කොණ්ඩා බොහෝවිට තද කළු පැහැතිය. ඉඳහිට දුඹුරු හෝ වෙනත් පාටක ලා වර්ණයක් දැකගත හැකි වුවත් අද වන විට බොහෝ කාන්තාවන්, පිරිමින් විලාසිතාවක් ලෙස හිස කෙස් වර්ණ ගන්වමින් සිටිති. එයින් හිස කෙසට වන හානිය ඔවුන් දන්නේ නැතුවා වන්නට පුළුවන.

රැකගත යුතු හිසකෙස්

හිසකෙස් අවුරශ්මියෙන් අපගේ හිස් කබල රැකගනු ලබයි. ඊට අමතරව සීතල දිනවලදී ශරීර උෂ්ණත්වය රැකගැනීමටද රුකුල් දේ. අවම වශයෙන් මිනිස් හිසක් මත කෙස් ගස් 110,000 පමණ තිබේ.මිනිස් ශරීරයේ කේෂ මූල මිලියන 5ක් පමණ තිබේ. ස්ත්‍රීන්ට වඩා පිරිමින්ගේ ශරීර වල ඇති කේෂ මූල ප්‍රමාණය වැඩි අගයක් ගනී. කෙස් ගසක් දිගුවීමට අදියර 3ක් පසු කරයි. පළමු අවස්ථාවේදී කේෂ කූප තුල ප්‍රෝටීන මගින් කෙස් මුන්ඩය සාදයි. දෙවෙනි අදියරේදී රුධිරය මගින් ලබාදෙන අතිරේක ඛණිජ මගින් කෙස් ගස දිගුවීමට අවස්ථාව සලසයි. අවසාන අවස්ථාව කෙස්ගස සම මතුපිටට පැමිණෙන අවස්ථාවයි. මෙම කෙස්ගස වියළි තත්වයෙන් හා දුර්වල තත්වයෙන් වැළැක්වීමට කේෂ කූප මගින් “සීබම්” නම් තෛලමය ද්‍රාවණයක් නිපදවා කෙස් ගස් මූලය අවට පතුරුවා හරිනවා.මෙය නිතරම පිරිසිදු නොකලහොත් දුඟදක් ඇතිවන අතර සැවොම දන්නා “ඉස්සොරි” නම් අපද්‍රව්‍ය ලෙස හිස මත තැම්පත් වනවා. තවද දිනකට සාමන්‍ය පුද්ගලයෙකුගේ හිසකෙස් 50 සිට 100 දක්වා ගැලවී යාමටද හැකියි. මීට අමතරව මානසික ආතතිය, කාන්තාවන් ගැබ්ගැනීමේදී, අධික ලෙස විටමින් A වැඩිවීම, ප්‍රෝටීන් මද වීම, පියාගේ කෙස් නොමැති වීම ( ජානීය උරුමය), උපත් පාලන පෙති භාවිතය, රක්ත හීනතාවය, තයිරොයිඩ් හීනතාවය, විටමින් B ඌණතාවය, බර අඩු කිරීමට නොකා නොබී සිටීම, විවිධ ඖෂධ වර්ග නිසා, හිසකේ වර්ණ ගැන්වීම වැනි කරුණු නිසාද හිසකෙස් ගැලවී යාම සිදුවිය හැක.

පැසුනු හිසකෙස්

අපගේ හිස කෙස් වල වර්ණය හා එයට වර්ණ ලැබෙන ආකාර පිළිබඳව ඔබ දන්නවාද ? සැවොම අසා ඇති “මෙලනින්” නම් රසායනිකය අපගේ හිසකෙස් වලටද වර්ණ ලබා දෙනවා. මෙම මෙලනින් වර්ණයේ ප්‍රභේද දෙකකි.දුඹුරු හෝ කළු කෙස් ඇතිවීමට බලපාන්නේ “ඉයුමෙලනිින්” ප්‍රභේදය වන අතර “ෆියුමෙලනින්” අනෙක් ප්‍රභේදය වේ. ඒ මගින් රතු පාටට හුරු හෝ බ්ලොන්ඩ් නමින් හැදින්වෙන කහ වර්ණයට හුරු හිසකෙස් ඇති කරයි. මෙම ප්‍රභේද දෙක විවිධ අනුපාත වලට එකතු වීමෙන් විවිධ වර්ණ සහිත කොන්ඩා ලෝකය පුරා ඇතිකරනු ලබයි.සමකාසන්න රටවල කොන්ඩා කලුපැහැති වන්නේ “ඉයුමෙලනින්” ප්‍රභේදය වැඩීවීමෙනි. අපගේ මවුපියන්ගෙන් පැමිනි ජාන එයට බලපානු ලබනවා.කේෂ මූල වලදී එකට එකතු වන මෙම මෙලනින් රසායනය කෙරටින් නම් වර්ණයකින් තොර කේෂ ප්‍රෝටීන වලට වර්ණය එකතු කරනවා.එමගින් කෙස් නම් සිහින් තන්තු කේෂ මූල වලින් එළියට ඇදී එනවා.තරුණ අවදියේදී මෙම මෙලනින් සංයුතිය හොඳ මට්ටමක පවතින් නිසා බොහෝ කළු වර්ණයෙන් පවතින් කෙස් වයසට යන විට සුදු වන්නේ මෙලනින් නිපදවන සෛල දුර්වල වීමෙන් නිපදවන මෙලනින් රසායනය දුර්වල වීමෙනි. තරුණ වියේදී පවා මෙම මෙලනින් නිපදවන සෛල දුර්වල වීමෙන් කෙස් සුදු පැහැගැන්වීමකට ලක්විය හැක.එයට විවිධ හේතු සාධක බලපානු ලබයි.සුදු කෙස් නැවත වර්ණගැන්වීමට මෙලනින්න උත්පාදක සෛල බලගැන්විය යුතු අතර එ් සඳහා උත්සාක කර බැලීමට අපට හැකිය.බටර් යොදා හිස සම්බාහනය කොට සෝදා හැරීම , තල තෙල් හිස ගැල්වීම හා තල බහුල ආහාර අනුභවය , මීකිරි-කඩලපිටි හා කිරි එකට එකතු කොට තලපයක් සාදා හිස සම්බාහනය කිරීම, ලූණූ තලා හිස මත ආලේපය , කැරට් යුෂ පානය හෝ වෛද්‍ය උපදෙස් අනුව සින්ක් හා තඹ අන්තර්ගත මල්ටිවිටමින් ඖෂධ පානය කිරීම තුලින් මෙලනින් උත්පාදක සෛල බලගැන්විය හැක.

විවිධ වර්ණ වල හිස කෙස්
හිසකෙස් වලට වර්ණ ලැබෙන අයුරු

නිවැරදි ආහාර පාන ලබාගනිමින් වැඩි ජල පානයක් හා හිසට වැඩිපුර ප්‍රෝටීන් හා ඇමයිනෝ අම්ල ලබාදීම තුලින් හිස කෙස් ගැලවී තට්ටය පැදීමෙන් වැළකිය හැක. සතියකට කිහිප වරක්ම තෙල්වර්ගයක් යොදා හිස් කබල සම්බාහනය කිරීමෙන් කේෂ කූප තුලට ගලනා රුධිර ප්‍රමාණය වැඩිවී කෙස්වලට අවශ්‍ය ඛනිජ ලවණ ලැබෙනු ඇත.ප්‍රෝටීන්, විටමින් B හා විටමින් E අත්‍යවශය වන අතර ඒවා වැඩි ආහාර පාන ලබාගත යුතුය. විටමින් E අධිකව ඇති ඔලිව් ඔයිල් සම්බාහනය හිස කෙස්වලට වඩා සුදුසුය. ඖෂධ වර්ග ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු අතර, මානසික ආතතියෙන් පෙළීම අඩුකර ගැනීමද කල යුතුය. ඊට අමතරව රූපය වැඩිකරගැනීමට කෙස් වර්ණ කිරීමට අනතුරුදායක වන අතර එම වර්ණක තුල ඇති රසායනිකයන් කේෂ කූප තුල වැඩෙන අනාගත කේෂ මුන්ඩ පවා විනාශ කර දමනු ඇත. සමකාසන්න රටවල ජීවත් වන අප අනවශ්‍ය ලෙස කෙස් වර්ණ ගැන්වීම නම් කෙසේවත් අනුමත කල නොහැකි අණුවන ක්‍රියාවකි.

හසිත හේරත් | Athirasa [ Health ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker