තල්ලුව | How Plane Fly

තල්ලුව | How Plane Fly

තල්ලුව

ටොන් ගණනාවක් බරැති ගුවන් යානාවක් අහසේ කෙසේ පාවී යාදැයි ඔබ නිකමටවත් සිතුවාද. එය මීට ශතවර්ෂ කිහිපයකට පෙර නම් විය නොහැකි අරුම පුදුම කාරණාවක් වුවත් එය නිවුටන් , බර්නූලි වැනි විද්‍යාඥයින්ට පින්සිදුවන්නට අද වන විට ඉතා සරල විද්‍යාත්මක කාරණාවකි.

ගුවන් යානාවක මෙවැනි එන්ජින් 2ක් හෝ 4ක් තිබේ.

ගුවන් යානයේ සවිකොට ඇති අධිවේග පංකා ඇන්ජින් මගින් වායු අංශු ඉතා වේගයෙන් පසුපසට තල්ලුකොට දමන විට පියාපතේ පැති හැඩය නිසා පියාපතට පහළින් තල්ලුවන වායූවේ පීඩනය ඉතා අධික වන අතර පියාපතට ඉහළින් තල්ලුවන වායුවේ පීඩනය ඉතා අවම වේ.පියවි ඇසට නොපෙනුනත් මෙම වායු අංශු මගින් මෙම අති විශාල තටු එහි පහළින් ඇතුවූ පීඩන වායුව මගින් ඉහළට තල්ලු කරනු ලබයි(එය ගුවන් යානයේ බරට වඩා අධික තල්ලුවකි).මෙම තටුවලට සම්බන්ධ කොට ඇති යානාවේ මධ්‍ය කොටසද මේ සමග ඉහළට තල්ලුවේ.ගුවන් නියමුවන් විසින් යානාවේ තටුවල කෝණය වෙනස් කරන ආකාරය අනුව ගුවන් යානය ඉහළට එසවීම , පොළවට සමාන්තරව ගමන් කිරීම හෝ පහළට පැමිණීම තීරණය වේ. මේ සෑම අවස්ථාවකදීම පියාපත් දෙකෙහි ඉහළ සහ පහළ වායු පීඩන වෙනස ප්‍රයෝජනයට ගනී.

ගුවන් යානා ඇන්ජින් මගින් ඇති කරන අධික පීඩන වෙනස නිසා පියාපතට පහළින් එකතුවන වායු අංශු ධාරා මගින් ටොන් ගණනක් බර ලොව විශාලම ගුවන් යානා පවා උඩුගුවනට එසවීමට වන්නේ තත්පර ගණනක් පමණි.බලන්න ! ඇසට පවා නොපෙනෙන වායු ධාරා වල ශක්තිය.

හසිත හේරත්