Categories

Gadgets

Huawei Nova 3i

1.54Kviews

Huawei ආයතනය විසින් දිගින් දිගටම ඉදිරිපත් කරන ද්වී කැමරා දුරකථන මාදිලියේ නවතම ස්මාර්ට් දුරකථනය පසුගියදා ඉන්දියාවේ වෙළඳ පොළට නිකුත් කෙරුනා. ඊට සමගාමීව මෙම දුරකථන දැන් ලංකාවේදීද ඔබට මිළදී ගත හැකියි.

බරින් ග්‍රෑම් 169 ක් පමණ වන මෙහි තිරයේ විකරණ ප්‍රමාණය අඟල් 6.3ක්.ද්වී හෝ තනි සිම් පතක් සඳහා වන මොඩල දෙකක් ලෙස ඇති මෙම දුරකථනයේ බැටරියේ ප්‍රමාණය 3340 mAh ක් වනවා. ඇන්ඩ්‍රොයිඩ් 8.1 ඔරිඕ මෙහෙයුම් පද්ධතිය පිහිටුවා ඇති මෙම දුරකථනය් රැම් මතකය 6GB වනවා. මෙහි ප්‍රධාන ප්‍රොසෙසරය Octa-core (4×2.2 GHz Cortex-A73 & 4×1.7 GHz Cortex-A53) වන අතර ග්‍රැෆික් සකස් කිරීම සඳහා ඇති ප්‍රොසෙසරය Mali-G51 MP4 වනවා. චිප්සෙට් පද්ධතිය පෙරට වඩා යාවත්කාලීන කරමින් Hisilicon Kirin 710 නම් නව චිප්සෙට් පද්ධතියක් ඇතුළු කොට තිබේ. පසුපස කැමරාවේ විස්තෘත අය 16MB වන අතර මුහුණතේ(Selfie Camera) විස්ථෘත අගය 24MB වේ.

 

මීට පෙර නිකුත් කෙරුණු Nova 2i දුරකථනයට වඩා වැඩි පහසු කම්වලින් යුතු මෙම දුරකථනය මධ්‍යම ගණයේ ඉතා හොඳ ස්මාර්ට් දුරකථකයක් වන අතර ලංකාව තුළදී රුපියල් 47,900 වැනි මිළකට ලබා ගත හැකියි.

හසිත හේරත් | Athirasa [ Gadgets ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker