ඉසිදාසි | Isidasi
පාරතොට එහේ මෙහේ ගමන් බිමන් යනකොට පිරිමි අපි කාන්තාවන් දිහාත් , කාන්තාවන් පිරිමි අය දිහාත් බලන එක සාමාන්‍ය දෙයක්.ඒක ජෛව විද්‍යාත්මක ආකර්ශණයක්. ඒත් ඒ සංසිද්ධිය වුවත් සීමා වෙනවා සමහර අවස්ථාවලදී, ආශ්‍රය කරන සමහර විරුද්ධ ලිංගික යහළුකම් වලට පවා සීමාවන් පැනවෙන්න පුළුවන් විවාහයක් වුනාට පස්සේ.
ඉස්සර බුදුන්ගේ කාලයේ ඉන්දියාවේ කුසුම්පුර කියන නගරයේ ධනවත් සිටුවරයෙක්ට හිටියා දුවක් නමින් ඉසිදාසි. ඉතාම මනරම් රූ සපුවකට හිමිකම් කියූ ඇය ඉටි රුවකට සමානව හැදි වැඩී තිබුනා. ඇය දෙස බලන්නෙකු නිරායාසයෙන් දෙවැනි වතාවක් ඇය දෙස බැදුවා. සුදුසුම කාලයේදී ඇයට සිටු කුමරෙක්ව විවාහ කර දීමට ඇගේ දෙමාපියන් සමත් වූවා.
තම පුරුෂයාට කෙතරම් සාත්තු සප්පායම් කොට දෙපා සෝදා වැඳ නමස්කාර කොට ඉතා හොඳින් රැක බලාගත්තත් ඇයට ඔහුගෙන් හැමදාම ලැබුනේ බැනුම් සහ ගැරහුම් පමණයි.සති කිහිපයක්ට පසු ඔහු ඇයව එපා කියමින් විවාහයට සමුදී යන්න ගියේ ඇගේ දෙමාපියන්ටවත් සිතාගැනීමට නොහැකි ලෙසින්.
මහ ගෙදර පැමිණි ඉසිදාසිට නැවත වරක් පෙරට වඩා දායාද ලබාදෙමින් තවත් සිටුකුමරෙක්ට විවාහ කොට දුන්නත් ඔහුද පළමු කෙනා මෙන් සති කිහිපයකින් ඇයව දමා යන්නට යනවා. නැවතත් තනිවූ ඇයට තවත් සිටු නොවන පුරුෂයෙකු විවාහ කරදුන්නත් ඔහුත් පෙර දෙදෙනා මෙන් ඇයව දමා යන්නට යනවා.
බොහෝ සිත් තැවුලට පත් ඇගේ සිටුවර දෙමාපියන් ඇයට පාරේ යමින් සිටි තරුණ යාචකයෙකුට විවාහ කරදෙන්නේ පුරුෂයෙකු අවශ්‍ය නිසා නිවසේ සිටම ඇය හා සිටිය හැකි බැවු කියමින්. එම යාචක තරුණයාටද ඇය බොහෝ හොඳින් සැලකුවක් ඔහුත් තම යාචක තැටිය හා කඩමලු නැවත ඉල්ලා රැගෙය ඇය අප්‍රිය බවද ඇය හා පවුල් කෑ නොහැකි බව කියමින් යන්නට යන්නේ ඇයද දෙමාපියන්ද අමාරු අඩියකට දමමිනි.
පුරුෂයින් හතර දෙනෙක්ම තමා දමාගිය නිසා බොහෝ සිත් තැවුලට පත්වුනු ඉසිදාසි නිවසින් පිටවන්නේ එක්කෝ සියදිවි නාසාගනිමි එසේ නැතිනම් මහණවෙමි කියලා සිතාගෙන.ඔහොම යනකොට ඇයට මගදී මුණගැසුනේ “ජිනදත්තා“ කියලා තෙරණිවහන්සේ නමක්.ඇයට තම අතේ තිබූ රොටි කිහිපය පූජා කරමින් ඇගේ සිතේ තිබූ දේ කියූ විට ඇය කැමති නම් මහණ දම් පුරන්නට පැමිණෙන්න යැයි ආරාධනා ලැබුනා.
කසාවත පොරවා මහණ වූ ඉසිදාසි , ඉසිදාසි තෙරණිය නමින් එකත්පස්ව ධ්‍යාන වඩන විට රහත්බවට පත්වූවා.පෙර ආත්ම දැකීමේ “පුබ්බේනිවාසානුස්සතිය“ ලද තෙරණින් වහන්සේ තමාට මෙසේ වීමට හේතුපාදක වූ පෙර භවයන් වෙත එබී බැලුවා.
මීට ආත්ම පහකට පෙරදී ඇය ඉතා මනස්කාන්ත රුවකින් යුතු සිටුකුමරෙක් බවත්.ඔහු බොහෝ විට තම රූපය ගැන උදම් වෙමින් සිටි අතර පර අඹුවන් බොහෝ ගණනක්ද අතට අසුවෙන ඕනෑම ළඳක් තමන්ගේ වසඟයට ගෙන ඔවුන් හා රතියෙහි යෙදෙමින් ඇයට දුක් දී ඇයව පන්නා දමමින් බොහෝ සෙල්ලක්කාර දිවියක් ගතකල අයෙකු බව දුටුවා.එම ආත්මයේදී මිය ගොස් දෙවැනි ආත්මයේ වඳුරු රැලක වඳුරු පැටියෙකු ලෙස උපත ලද බවත්, කුඩාකලදීමට වඳුරු රැලේ නායකයා ඔහුගේ පුරුෂ ලිංගය කඩා අනුභව කල බවත් ඒ වේදනාවෙන් මිය ගොස් තෙවැනි භවය “නාකි“ එළදෙනකගේ අවසන් පැටියා ලෙස උපත දැබූබවත් එම පැටියා තරුණ කලදී උෟගේ අයිතිකරු විසින් පුරුෂ ලිංගය තලාදමා බොහෝ බර වැඩ කරගනිමින් සිටින විට ඔහු අන්ධව මිය ගොස් ගොස් සිවුවන භවය එළිච්චියකයේ කුසේ උපත ලබා පෙර පරිදිම පුරුෂ ලිංග තැලීමකට ලක්වී එය කුණුවී ඒ වේදනාවෙන් මිය ගොස් නගරයේ වෛශ්‍යාවකගේ කුසේ උපත ලැබූවා.එහෙත් ගැහැණු හෝ පිරිමි ලෙස නොව “නපුන්සක“ පුද්ගයයෙකු ලෙසයි. ඔහුට නගරයේ බොහෝ දෙනෙකු විසිළු කරමින් කොන් කරදැමූවා.
පෙර පිනක් නැවත මතුවීමෙන් තමාගේ වත්මන් භවය සිටු පවුලක මනාරූ සපුවක්ද සමග උපත ලැබූවත් පුරුෂයින් සිවු දෙනෙක්ම තමා අප්‍රියව තමාව බොහෝ පිළිකුල් කරමින් පිටවී ගියේ පෙර සිටුකුමාර භවයේදී තමා අතිශය කාමය වරදවා හැසිරීමේ වරදට බව ඇයට පෙනුනා.
කෙසේ වුවත්.අවසන් භවයේදී තම කෙලෙස් නසා පැවිදිව රහත් බව ලැබූ ඉසිදාසි මහ තෙරණියගේ කතාව වත්මන් බොහෝ පිරිසකට බොහෝ ආදර්ශ සපයාවි.නොගැලපෙන විවාහ සිදුකරගනිමින් ජීවිතය අඳුරේ දමාගන්නා පුරුෂයින් හා ස්ත්‍රීන් මෙන්ම , කෙතරම් හොඳ කලත් කෙතරම් හොඳින් සිටියත් තම පවුල් දිවිය විනාශව යන්නේත් බොහෝ ආදරණීය සැමියෙකු ලබන්නේත් , එසේ ලැබූවත් දරුපල අහිමිව දුක් වන්නේත් තම පෙර භව වලදී කරගත් කුසල අකුසල් කර්ම වල බලපෑම නිසා බව අප දැනගත යුතු අතර මේ භවයේදීම හෝ පසු භවයන්හිදී එම කුසල අකුසල කර්ම නියත වශයෙන්ම පඩිසන් දෙන බව අප සිත්හි තබාගත යුතුමය..
හසිත හේරත් | Athirasa [ Life ]