Categories

Science & Technology

ජපන් හපන් | Japan

872views

ලෝකේ දියුණුතම රටවල් අතර මුල්ම කිහිපය අතර තියෙන රටක් තමයි ජපානය කියන්නේ.වාර්ශික දළ දේශීය ආදායම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4.841 වන ජපානය කියන්නේ මුළු ලෝකටයටම ඉලෙක්ට්‍රොනික් උපකරණ සහ වාහන නිෂ්පාදනය කොට බෙදා හරින ප්‍රධානම රටක්.ජපානයේ මිනිසුන්ගේ තාක්ෂණ දැණුමට සම කල හැකි වෙනත් ජාතියක් ලෝකයේ නැති තරම්.

ලෝකයේ ‍ඉන්ධන පරිභෝජනය අතින් තුන්වැනි ස්ථානයේ සිටින්නේ ජපානයයි. පළමු ස්ථානය ඇමරිකාවත් දෙවනස්ථානය චීනය ලෙසත් වනවා.1996දී ජපානයේ වැඩිම තෙල් පරිභෝජනය සිදුවූ වසර වන අතර, පසුගිය වසර අඩුම තෙල් පරිභෝජනයක් සිදුවූ වසරද වේ. අතිශය කාර්මීකරණයට ලක්වූ රටක් වූ ජපානය තම කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් යොදාගන්නා ඉන්ධන ප්‍රමාණය අතිමහත්. විදුලිය නිපදවීම සඳහා න්‍යෂ්ඨික බලශක්තිය භාවිතාව අතරින්ද ඔවුන් සිටින්නේ ලොව තුන් වැනියා ලෙසය.කෙසේ වුවත් ජපානය එරටෙහි ගමනාගමනය සඳහා යොදවන ඉන්ධන ප්‍රමාණය මේ වන විට ඉතා වේගයෙන් අඩුකරමින් සිටිනවා. විදුලි මෝටර් රථ හා හයිබ්‍රිඩ් රථ කරළියට පැමිණෙන්නේ එහි ප්‍රථිපලයක් ලෙසය.

ජපානයේ බොහෝ දුම්රිය විදුලි බලයෙන් ක්‍රියාත්මක වේ. දියුණු බස් සේවයක් ඇති ජපානයේ බස් සේවා උද්ඝෝෂණ නැත. මුදල් ඇති හෝ නැති සියලු දෙනා දුම්රිය හෝ බස් සේවා භාවිතා කරති. එදිනෙදා ගමන් බිමන් සඳහා ඔවුන් පාපැදි භාවිතා කරති. බොහෝ ඉහළ තනතුරු හොබවන හා කම්කරු තනතුරු හොබවන බොහෝ දෙනාගේ ප්‍රියතම වාහනය වන්නේ පා පැදියයි. පා පැදි සඳහා වෙනම මං තීරු ඇති අතර නීති පද්ධතියක් පවා තිබේ. තම එදිනෙදා ගමන් සඳහා පාපැදිය බොහෝ විට යොදාගන්නා ජපන් ජාතිකයින් නිසා මහා මාර්ගවල රථවාහන තදබදයක් නිර්මාණ වීම සිදුවීමට ඇති අවස්ථාව ඉතා අල්පය. පරිසරයට නිකුත්වන විෂ දුම මේ නිසා අවම වී තිබේ. දිනෙන් දින දියුණු වන ජපානයේ පරිසර හිතකර තාක්ෂණය හා මානුෂවාදී සරල බව ඉදිරියේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට උගත යුතු තවත් බොහෝ පාඩම් ඇත.

හසිත හේරත් | Athirasa [ Science & Technology ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker