Categories

Feature

කඩුපුල් | Beauty of Kadupul

6.01Kviews

පිපුනාම දසතම සුවඳ ගන්වන නාගලෝකයෙන් මනුලොවට ගෙන ආවා යැයි ජනප්‍රවාදවල පැවසෙන කඩුපුල් මල් පිපෙන කාලය උදාවෙලා. කඩුවක් මෙන් පෙති ඇති උපුල්(දියේ පිපෙන මානෙල්) මෙන් නිසා කඩු උපුල් ලෙසින් නම් වැටී ඇති කඩුපුල් මල් රාත්‍රියට පමණක් පිපෙන අධික සුවදැති පුෂ්පයකි. පිපෙන්නට ඔන්න මෙන්න ඇති කඩුපුල් මලක ඇති නයි පෙනයක ස්වභාවය මෙම මල නාග ලෝකයෙන් ගෙන ආවා යැයි කියන්නට හේතු වන්නට ඇත.

රාත්‍රියේ රැජිණ(Queen of the Night) නමින් හඳුන්වන ඉන්දියාවේදී භ්‍රහ්ම කමලම් යනුවෙන් හැඳින්වෙන කඩුපුල් ශාඛයේ විද්‍යාත්මක නාමය Epiphyllum oxypetalum නම් වන අතර එය කැක්ටස් නම් වන පතොක් කුලයට අයත් ශාකයක පිපෙන මලකි.මෙය පතොක් මෙන් පොළව මත සිටගන්නේ නැත.වෙනත් ශාඛයක එල්ලුනු අපිශාඛයක් දෙස වර්ධනය වෙයි.දිගු මාංශල පත්‍ර ඇති මෙම ශාඛයට වර්ධනය වීමට විශාල ජල ප්‍රමාණයක් බලාපොරොත්තු වන්නේද නැත.පත්‍ර ගැටිති අගින් පැන නගින මල් රෝස පැහැති බාහිර පෙති සහිත මලේ අභ්‍යන්තර පෙති ඉතා සුදු හා මහත් වූ සුවඳකින් යුතුවේ.පතොක් කුලයේ මල් පිපෙන්නේ රෑට යැයි කතාවක් තිබේ.එයට හේතුව මල් එළියට දැමීමට අවශ්‍ය සිසිල හා අඩ අඳුර එයට ලැබෙන්නේ රෑට පමණක් බැවිණි.උතුරු ඇමරිකාව ජන්ම භූමිය වන මෙම කඩුපුල් ශාඛය මේ වන විට ලොව පුරා පැතිරී ඇත.

ලංකාව තුල කඩුපුල් මල් පිපීම ආරම්භ වන්නේ වෙසක් මාසය අවසාන වීමත් සමගයි. එතැන් සිට මාස 4ක කාලයක් තුල ලංකාව පුරා මල් පිපෙනු ඇත.රාත්‍රි 7ට පමණ භාහිර පෙති විවෘත වන අතර රාත්‍රී 10 – 11 වන විට සම්පූරණයෙන්ම මල පිපී මලේ කලංකයද දොට්ට පනී. පසුදා පාන්දර 5 පමණ වන විට මෙය නටුවේම පරව යයි. පතොක් කුලයට අයිති ශාඛයක් නිසා දවාලට පරාගණය සිදුවීමට මල් දොට්ට දැමන්නේ නැත( පතොක් බොහෝ විට ඇතිවන්නේ අධින අවුරශ්මිය ඇති කලාප වල වීම එයට හේතුවයි). මෙම මලේ නිපදවෙන මීතයිල් සැලිසිලේට් නම් රසායනය නිසා මෙතරම් සුවඳ බව පැවසේ.

කලාතුරකින් වෙර දරා පිපෙන මෙම මල නෙලා අප බුදුන්ට පුදන්නේ සිතේ ඇතිවන මහා භක්තියකිනි. එක්වරකින් රැයකදී පිපී උදයේම පරව යන කඩුපුල් මලේ සුවඳ දසත විහිදෙන්නා සේ අප මහා ගෞතමයාණන්ගේ බුදුගුණ සුවඳ මේ විශ්වයේ දසත විහිදී ගොස් ඇත.

හසිත හේරත් | Athirasa [ Feature ]

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker