කංකං බූරු | The Old Kids’ Game

කංකං බූරු | The Old Kids’ Game

අද කාලේ ළමයින් අසාවත් නැති අපි කරපු ළමා සෙල්ලම් ගොඩක් අපේ කුඩාකාලවලදී තිබ්බා. අල්ලන සෙල්ලම, එළුවන් කෑම, බෝල සෙල්ලම, ටින් පෙරලීම, දුටුතැන ගැසීම සහ තවත් ඒවා. සමහර ඒවා අපි විසින්ම හදාගත්තු සෙල්ලම්. ඒ අතර අපි ආසවෙන් කරපු සෙල්ලමකි “කං කං බූරු”. රැලේ ලොකු ළමයෙක් “කං කං බූරු” කියනවා රැලේ අනිත් ළමයි “සිං සිං නෝරු” කියනවා ඊට පස්සේ “මං කියන එක අහනවාද” කියලා ළමයි “ඔව්” කිවුවම “එහෙනම් දුවල දුවලා ගිහිං බෝලයක්(අවශ්‍ය කරන ඕනැම දෙයක්) අරං එන්න” කියනවා. ඒ පවසන දේ පළමුව රැගෙන එන ළමයා තරගයෙන් දිනනවා. මේ ආකාරයෙන් දිගටම සෙල්ලම යනවා. කරලා තියෙන අපේ යාළුවෝ ඒක දන්නවා ඇති.

මේ සෙල්ලම ලංකාවේ යටත් විජිත සමයේ රටේ තිබූ වහල් තත්වය හා මෙහෙකාර තත්වය ඉල්ලීමට හා රටවැසියා පීඩනය පත් කිරීමට සෑදුනු අමන සෙල්ලමකි. බොහෝවිට “සුදු” ළමයි හා සිංහල අපේ ළමයි මෙම ක්‍රීඩාවේ නිරත වන්නට ඇති.මෙහි “කං කං බූරූ” යනු come come Booru යන වචනයි “බූරු(බූරුවා)” යන නමින් හඳුන්වා ඇත්තේ සිංහල මෙහෙකරුවා හෝ සිංහල ළමයායි. බූරුවා යන සත්වයා ලංකාවට රැගෙනවිත් ඇත්තේ බර ඇදීමට පෘතුගීසි ජාතිකනි විසිනි. ඔවුන්ගේ රටේ “බෝයිර්,බෝරා,බූරු” නමින් මේ සතාව හඳුන්වා තිබෙනවා “සිං සිං නෝරු” යනුවෙන් කියැවෙන්නේ “මහත්තයා , උත්තමයා ( සිංඤෝරේ )” යන පදයයි.”සිං” යනු පෘතුගීසි බසින් “ඔවු(yes)” යන පදයයි.

“වරෙං වරෙං බූරුවෝ”
“ඔව් මහත්තයෝ”
“එහෙනම් ගිහින් මගේ කෝට් එක අරං වරෙං”

අණදෙන විධාන දෙන ක්‍රීඩාව සකස් වී තිබෙන්නේ අන්න ඒ නිසයි. මෙහෙකරුවන්ට අණකරන ආකාරයයි.

මෙම සෙල්ලම පසුකාලීනව විනෝදාත්මකව හැඩගැසුනත් මෙහි ඇත්ත කථාව තමයි ඒ. අපිද කුඩාකල මේ සෙල්ලමෙන් කෙතරම් විනෝද වී ඇත්ද? නිදහස ලැබීමෙන් පසුකාලීනව මේ ක්‍රීඩාව නොකල යුත්තක් බව ප්‍ර‍කාශ කොට ඇති බවද පොතපතෙහි සඳහන් වී තිබෙනවා. මේ ආකාරයේම වහල්බව පෙන්වන පෙර පාසල් ගීතයක් තිබෙනවා ඔබ අසා ඇති “ Ba Ba Black-ship have you any wool “ නම් ගීය.එකල සුදුජාතිකයින් විසින් කළුජාතිකයින්ව පාගාදැමීම අදාල කාරණා මෙහි නිර්මිත වේ.ඒ අනුව මෙම ගීයද පසුකාලීනව ස්කොට්ලන්තයේ හා තවත් රටවල් කීපයක භාවිතය හා ඉගැන්වීම නවතා දමන්නට නියම කරනවා.එයට හේතුව වී ඇත්තේ කළුජාතික සංවිධාන බොහෝ ප්‍ර‍මාණයකින් මෙයට එරෙහිව නැගී සිටීමයි.”බා බා බ්ලැක් ෂීප්” ගීතයෙන් කළු නීග්‍රෝ දරුවන්ව සුද්දාට හා ඔවුන්ගේ ආගමට කීකරු විය යුතුබව උගන්නා තිබෙනවා.

හසිත හේරත් | Athirasa [ History ]