කිරිපුතාගේ කොළම | සිස්සත්තය

කිරිපුතාගේ කොළම | සිස්සත්තය

මං බඩෙන් එළියට ආව දවසේ ඉඳං අපේ අම්මිට තිබ්බ ඩ්‍රීම්ස් එකකි මා සිස්සත්තේ විභාගෙන් පාස් කරලා රටට ලෝකෙට බරක් නැති උත්තමයෙක් කරන එක.මොන්ටිසෝරියේ දාපු දා ඉඳං මාව ටියුසන් කිලාස් වලට එක්කන් ගියේ වඩානය. නින්දෙන් කලිසමේ චූ යන කාලේ ඉදං මට ටියුෂන් සමග හෝම්වර්ක්ස් පිරිලා නිවනක් තිබුනේම නැතිය. මොන්ටිසෝරියේදී සෙට් වීගෙන ආව කෙල්ල මිස් උනේද මොන්ටිසෝරිය ඇරුණු ගමන් අම්මි ඇවිත් මාව උස්සන් ගියපු නිසාය.මොන්ටිසෝරි පන් එක ඉවර වුනේ මාව ලොකු ඉස්කෝලේ එක වසරට ඇටෙන්ඩ් කරපු නිසාය.ඒ ගියත් මට තිබුණු ටියුෂන් කරදර වල වැඩිවීමක් මිස අඩුවීමක් නම් තිබුනේම නෑය. එලකියුෂන් , ඉස්පෝකන් එතනින් ගියාම තවත් විවිධාකර මාරාන්තික ටියුෂන් වලට මාව හිර වුනේ අපේ අම්මීගේ ආදර කරුණාව නිසාය.එක දෙක වුනාය , දෙක තුන වුනාය , තුන හතර වෙලා පහ වසරටත් පාස්වුනේ මොනවා හරි කරලා එක්සෑම්ස් ටික ගොඩ දාගත්තු නිසාය කියලා මට දවසක් හීනෙන් පෙනුනු පිටසක්වල ජීවියා කියලා ගියාය.

මට වඩා සිස්සත්තේ පාස් වෙන් ඕන අපේ අම්මීටය. මට නම් ඔය උලව්ව කොහොමත් එකය. ඉරිගහන්න , පේළි ලියන්න ඕවා නම් මට කජුකන වැඩය. එනමුත් අම්මාගේ බැජියන් එකට සෙට්වූ විට තම තමාගේ කොල්ලා හෝ කෙල්ල ගැන උදම් අනමින් දොඩවනවාය. මා පිළිබඳ උදම් ඇනීමට අපේ අම්මීට එක්කෝ මොලේ අමාරුවක් හෝ ඇස් නොපෙනීමක් තිබිය යුතුමය. මක්නිසාද මා ඒ තරම් උගතෙකි දස්සයෙකි , විස්ලේසකයෙකි , මනෝ විද්දාඥයෙකි.අපේ අම්මී මට එදා ඉදං බනිනවාය , මා වැනි එකෙක් පොල්පිත්තකින් පවා කපාගත හැකි බව දොඩවනවාය. එහෙත් පොල්පිත්තකින් මා වැනි බිළින්දෙක් කපාගන්නා අයුරු පිළිබඳ මට තවමත් තාර්කික දැනුමක් නැතිය. සමහර විට අම්මා එය දන්නවා විය යුතුය. අම්මා පමණක් නොව මා ආදරණීය පියා පවා මා මොටිවේට් කරනවාය. තෝව හදාගත්තට වැඩිය දෙයක් ලැබෙන්න ඉඩතිබ්බා හරකෙක් හදාගත්තානම් කියමින් මාව නිතරම තාත්තා මෝටිවේට් කරනවාය. එහෙත් හරකෙක්ගෙන් ගොම්බෙට්ටක් ඇරෙන්නට ලබාගත හැකි දෙයක් නෑ නේද අසා මා පියාගෙක් දිනක් හොඳට අසාගත්තාය.

එන්න එන්නම සිස්සත්තේ අත ලඟින් කට ලඟටම ආවාය.මගේ බඩ පණුවන් දැන් හෝඳටම පිස්සු වැටී ඇති බව පෙනෙනවාය. කෙතරම් දැනුම තිබුනත් , කටේ කෙළ පැමිණියත් සිස්සත්ත විබාගේ අතිශය භයාණක එකක් ලෙස මට තේරුම් ගියාය. පියා කිවු පරිදි අම්මී දිනක් මා කැටුව බසයේ නැගී ගමනක් ගියාය.ඒ යන අතර අයිස් කිරිමක් ඉල්ලා අසාගත් බැණුම් සමුදාය මට අදටත් අමතක නැත. අම්මී මා රැගෙන ගියේ මාතර ප්‍රදේශයේ දේශපාලන මාමි කෙනක්ගේ සිස්සත්ත සම්න්ත්‍රණයකටය. කොහේදෝ විසාල බිල්ඩිමක් වෙත අපි ගියාය. එහි මා වැනි බිළින්දන් කරගහගෙන ආ අම්මලා ගොඩක් සිටියාය. සම්මන්ත්‍රණය අතරතුර මට නින්ද ගියාය.සොරි ඩොට් කොම්ය. එ්ත් මට බය නැත. ගණදෙය්යො ටෝක් කරලා ජීවන් කරපු පෑනක් ලැබුනාය. එය මට හා අපේ අම්මීට නිදානයක්මය. අම්මී පසුව කීවේ ගණ දෙවි පෑන් රාජයා ලබාගැනිම සඳහාම සල්ලි වියදම් කරමින් මා එකි රැගෙන ගිය බවය.

මා දැන් සිටින්නේ සිස්සත්ත් විබාගයේය. ලොකු මැඩම් පේපරේ බෙදමින් ආවාය. මටත් පේපරයක් ලැබුනාය. අම්මට සිරිය ප්‍රශ්ණ මට තේරෙන්නේ නැතිය. බාසාව පවා අන්ඩර දෙමළ වාගේය. මා ඔලුවේ අතගසාගත්තාය. සුුළු මොහොතකින් මාගේ මොළය අවදිවිය. මට ගණ දෙවි පෑන් රාජයා සිහිවිය. මා හෙමින් මල්ලෙන් පෑන් රාජයා එළියට ගත්තාය. කොප්ප ගලවා උත්තර පත්තරයට ලං කරාය. අම්මට හුඩුය. මෙන්න මා නොදන්න උත්තර ගිසි ගිසි ගා ලියවෙනවාය. මට තිබෙන්නේ පෑන අල්ලාගෙන සිටීම පමණයිය. හිස්තැන් පිරවීම , යාකිරීම , සමාන පද , රබන් පද අරවා මේවා ඔන්කෝම ගණ දෙවි ඌෂ්ණෙන් මෙව්වා කල පෑන් රාජයාගෙන් පිරවීගෙන පිරවීගෙවන ගියාය.විනාඩි කිහිපයකින් සියල්ල ලියා ඉවර වූ අතර මා හට කෙටි නින්දක් ගැසීමටද කල් තිබුනාය.අපේ අම්මී දේසපාලන මාමීගෙන මට ගෙන දුන් ගණදෙවි මහා පෑන් රාජයා මාගේ රෝල්වන්නට තිබූ සියලු පටි බේරා දුන්නාය. අම්මීටද මටද පියාටද දැන් ඉතා සතුටුය.ගණදෙවි පෑන් රාජයා සදා දිනෙවා !!

මීට කිරිපුතා