අම්මාගේ ලියුම | Letter From a Mother
අම්මාගේ ලියුම ! ( සත්‍ය සිදුවීමකි )
පසුගියදා පාපතරයෙකුගේ අතින් දූෂණය වී මරාදැමුනු රාජාංගණය සාලිය අශෝකපුර ප්‍රදේශයේ 17 හැවිරිදි දියණියගේ අවසන් කටයුතු දා සැවොම ඇසූ මීනීමරුවාගේ “මවගේ” ලිපිය.
———————————————————————————-
ආර්.කේ.කුසුමාවතී
යාය 6
ශ්‍රී සුධර්මාරාම මාවත
රාජංගනය
26.08.2017
සාහසික අපරාධකරුවකුගේ මවක් වීමට තරම් අවාසනාවන්ත වූ මගේ හද තුල කකියන වේදනාවට දුකට සවන් යොමු කිරීමට ඔබ සැමට කරන බැගෑපත් ඉල්ලීමයි මේ.
දයාබර නැගණියනි , මලනුවනි
අවාසනාවන්ත ඉරණමකට මුහුණ දුන් ඔබගේ දියණිය පිළිබඳව ඔබගේ හදතුල ඇවිලෙන ගිනිදැල් හා සමානම ගින්නක් මගේ හද තුලද දැවෙන බව කීවද එය ඔබ විස්වාස නොකරනු ඇත. නීච පාපතර අපරාධකාර පුතෙක් බිහිකල පවට ඔබ සැමගේ සාපය මාහට පලදී ඇතිබව මගේ හදවතේ බුර බුරා නැගෙන ගිනිදැල් සාක්ෂි දරණු ඇත. ඔබ ලඟට පැමිණ ඔබගේ දුක බෙදාගැනීමට මහමෙර තරම් ආසාව තිබුනද එයට මට අවසර නොමැත.
හෙට දිනයේ ලොවක් දිනන්නට වෙරදැරූ ආදරණීය දියණියණි, ඔබගේ පරලොව ජීවිතයට ඔබ වෙනුවෙන් මා කරනා කුසලයන් අනුමෝදම් වෙත්වා !
මෙම අවස්ථාවට පැමිණ සිටින ලොකු කුඩා සෑම දෙනෙකුගේ ඇස් වලින් වැටෙනා සෑම කඳුළු බිඳුවකටම පාපතර පුතෙක් බිහිකල පවට මා සමාව අයැද සිටින බවද මෙම පාපතර මිනීමරුවා එල්ලා මැරීමට මාගේ කිසිම අකමැත්තක් නොමැති බව ඔබ සැම දෙනාටත් ගරු අධිකරණයටත් ප්‍රකාශ කර සිටිමි
මෙයට අපරාධකරුගේ මව
කුසුමාවතී
————————————————————————————–
පර පණ නසමින් ඒ අම්මාටත්, මේ අම්මාටත් දුන් දරාගත නොහී වේදනාවට මේ අවාසනාවන්ත පාපතරයා තවත් ආත්ම ගණනාවක් පැසෙන අපායේ අපාදුත් විඳිමින් සසර කෙළවර නොදකිනු ඇත.
ඡායාරුව – ගල්ගමුවේ චන්ද්‍රරත්න ඉලංගකෝන්
හසිත හේරත් | Athirasa [ Life ]