Categories

Life

නොමියෙන බොරුව | The Liar

1.04Kviews

ඔබ සෑම විටම සත්‍ය පවසන කෙනෙක්ද ? එතෙක් මෙතෙක් කාලය තුළ ඔබ එකඳු බොරුවක් හෝ පවසා නැතිද ? එසේ නැත ඔබ අප සෑම දෙනාම ඉඳහිට හෝ බොරු පවසති. හිට හෝ සැබෑව වසන් කරති. බොරුව යනු සැබෑව නොවේ එය මවාපෑමකි නැතිනම් නිර්මාණය කල කතාවකි එසේත් නැතිනම් යථාර්ථය නොවන අප කැමති දේය.

පුද්ගලයන් තමා සකසාගත් සමාජ තත්වය මත බොරුව වසාගනිති. බොරුව කෙතරම් සත්‍ය ලෙස පවසන්නට අප උත්සාහ ගත්තත් , අපගේ උපවිඥානය අපගේ බොරුව සම්බන්ධව ස්ව්‍යංක්‍රීයව හා ඉතා ස්වාධීනව ක්‍රියාත්මක වේ. එවිට අපගේ සිරුර තුළින් විවිධ ස්ව්‍යංක්‍රීය ඉරියව් ක්‍රියාත්මක වී අනෙකාට සත්‍ය මෙය නොවේ යැයි කීමට කෂුද්‍ර අවස්ථා ලබාදේ. බොරුව ප්‍රකාශ කිරීම අරඹන විටම අපේ උපවිඥානය ක්‍රියාත්මක වී ඒ බොරුව පැවසීමේදී එයට විරුද්ධව නැගී සිටියි. බොහෝ විට එය සිදුවන්නේ අපගේ යම් යම් ඉරියවු ක්‍රියාත්මක කිරීමෙනි. දේශපාලනඥයින් , නළු නිළියන් , නීතිවේදීන් , රූපවාහිනී නිවේදකයින්ගේ උපවිඥානය බොරුවේ උපරිම අවස්ථාවට පැමිණි පසු විවිධ අංග චලන කරමින් බොරුව වසා දැමීමට උත්සාහ කරනු ඔබ දැක ඇති. කාලයක් පුහුණු කර ඇති කෙනෙක්ට අංග චලන අඩුවෙන් භාවිතා කර බොරු කීමේ හැකියාවක් ඇත.

බොරුකීමේදී ඔබ ආයාසයෙන් ඔබගේ ඉරියවු නවත්වා ගත්තද ඔබගේ සිරුරේ බොහෝ ක්ෂුද්‍ර ඉරියවු ගණනාවක් නිරික්ෂනය කිරීමට හැකිවේ. මුහුණේ මාංශ පේෂි චලනය , ඇස්වල කණිනිකාව කුඩා හෝ විශාල වීම, දහදිය දැමීම, කම්මුල් රතුවීම, වේගවත් ඇසිපිය ගැසීම, බිමට නැමුනු දෑස් වැනි ක්ෂුදු ඉරියවු නිරීක්ෂණය කල හැක. ඔබට සත්තකින්ම බොරු කීමට අවශ්‍යම නම් ඔබ පෙර පුහුණු විය යුතුමය.

►බොරුකීමේදී , බොරු කියන අය තුළින් දැකිය හැකි ශාරීරික ඉරියවු කිහිපයක් පිළිබඳව ඔබ දැනුවත් වීමට කැමති ඇති.◄

◘ මුඛය වසාගැනීම
රැවටීම සඳහා අනෙකා වෙත පිට කරන වචන නැවැත්වීම සඳහා මොළයෙන් උපවිඥානිකව ලබා දෙන ඉරියවුවකි අතින් මුඛය වැසීම. සමහරු සම්පූර්ණයෙන් මුඛය නොවසනා අතර ඇඟිල්ලක් හෝ කිහිපයක් එසේත් නැතිනම් මිටිමෙළවූ අතක් මුඛය මත තබා ගනී. තවත් සමහරු බොරුවෙහි මුඛ ඉරියවුව වෙනස් කිරීමට බොරු කැස්සක්ද කහිති. උගුර පාදති. ඔබ ඉදිරියෙහි සිටින පුද්ගලයෙකු කතාකරමින් මෙසේ හැසිරේ නම් ඔහු පවසන්නේ බොරුවක් විය හැකි බව අවබෝධ කරගන්න

◘ නාසය ඇල්ලීම
බොරු කියන විට කැටකොලමයින්ස් නම් රසායනිකය ඔබේ සිරුරෙන් නිදහස් වීම ඇරඹෙන අතර එය නාසයේ පටක සියුම් ලෙස මදක් ඉළිප්පීමට සලස්වනු ලබයි.මෙය පියවි ඇසෙන් දැකිය නොහැකි වුවත් අධිවේගී කැමරා යොදාගෙන කළ පරීක්ෂණ මගින් නාසයේ ක්ෂුද්ර විස්තාරණය නිරීක්ෂණය කොට තිබේ. මෙය පිනෝකියෝ බලපෑම ( Pinocchio Effect) ලෙස දක්වනු ලැබේ. එහි ප්රථිපලය වන්නේ අතින් එය අතගා උත්තේජනය වීම ක්ෂණිකව වලක්වාගැනීමට උත්සාහ දැරීමට. එහෙත් සෑම විටම එසේ නොවේ අනෙක් සියළු කාරණා වල එකතුවක් වශයෙන් ගෙන මෙය නිරීක්ෂණය කරන්න. මක් නිසාද සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු අයෙකුගේ ඉරියවුද මෙසේ විය හැක.

◘ ඇස් ඇතිල්ලීම
ඔබ බොරුවක් කියන විට ඔබ ඉදිරියේ සිටින පුද්ගලයා දෙස බැලීම ඔබේ උපවිඥානය මගින් වැළැක්වීමට උත්සාහ කරයි. බොහෝ වීට බොරුවක් කියන පුද්ගලයෙකුට ඉදිරියේ සිටින පුද්ගලයාගේ දෑස දෙස කෙළින් බැලීමේ ශක්තියක් නැත.බොහෝ විට ඔවුන් බිම බලාගෙන හෝ ඔබේ උරහිස මතින් ඉවත බලාගෙන හෝ වෙනත් දෙයක් දෙස බලාගෙන කතා කරයි. ගැහැණු සෑම විටම මුහුණ දෙස බලන විට ඔවුන්ගේ දෑසට යටින් හෝ මුලු දෑසම වසා තමාට හුරු අතින් පිසදමමින් සිටින්නට වෑයම් කරයි.

◘ කණ ඇදීම
තමා බොරුවක් කියන විට තමාගේ බොරුව තමාටම ඇසීමේ ඇති අකමැත්ත තම උපවිඥානය විසින් මේ ආකාරයට පාලනය කිරීමට උත්සාහ කරයි.බොහෝ විට මෙය කන් පෙත්ත කැසීම , කන් පෙත්තෙන් ඇදීම. නැතිනම් කන් කුහරය කැසීම එසේත් නැතිනම් මුළු කනම පොඩි කර කුහරය වැසීමට වෑයම් කිරීම වැනි ඉරියවුවක් විය හැකිය.

◘ බෙල්ල කැසීමට
ප්‍රකාශයක් කරන ගමන්ම හුරු අතේ දබරගිල්ලෙන් කන් පෙත්තට පහළින් කැසීම මගින් තමන්ගේ ප්‍රකාශය අස්ථාවර හෝ ඒ පිළිබඳ තමාට විශ්වාසයක් නැති බවට සංඥාවක් ලබාදේ. එසේ කසන විට ඇගිල්ල පස් වතාවක් ඉහළ පහළ යන බව නිරීක්ෂනය කල හැක. යම් ප්‍රශ්ණයකට පිළිතුරු විමසන විට “මා එයට එකඟ වනවා ” ” ඔබ කී දේ මට තේරුනේ නැහැ” ” ඔබ කීදේ පිළිබඳ මට අවබෝධයක් නැහැ” වැනි පරස්පර ප්‍රකාශ ජනිත වේ.

◘ කමිස කොලරයෙන් ඇඳීම
බොරු කියන විට මුහුණ, බෙල්ල, අත්යට වැනි ප්‍රදේශ වල දහදිය දමනු ලබයි. එය සිරුරේ රසායනය වෙනස් වීම නිසා සිදුවන්නකි. එසේ සිදුවන වට කොළරය යට උණුසුමි වීම නිසා එය මගහරවා ගැනීමට කොළරයෙන් ඇදීම සිදුකරයි. නැතිනම් බෙල්ල යට කසනු ලැබේ. එය සියලු කරුණුවල එකතුවක් ලෙස ගෙන නිරීක්ෂණ කළ යුතුය මක් නිසාද බෙල්ල යටට දහදිය දමන්නේ බොරු කියන විට පමණක්ම නොවේ

◘ ඇගිලි කට තුළ දැමීම
යමක් කියනා විට දැකිය හැකි තවත් ඉරියව්වකි ඇගිල්ලක් කටේ රුවා ගැනීම හෝ යටිතොල් පට අතින් පොඩි කරමින් කතා කිරීම.මෙයින්  ප්‍රකාශ වන්නේ බොහෝ විට තමන් කරන ප්‍රකාශය පිළිබඳව ඇති අස්ථාවරභාවයයි. ඔවුන් සෑම විටම ඉදිරියේ සිටින පුද්ගලයාගෙන් තම ප්‍රකාශයේ නිවැරදි භාවය පිළිබඳව යම් රුකුලක් බලාපොරොත්තු වේ.

Mind Reader නම් කෘතිය රචනා කල සන් ජිඩා ඕ කෝනෙල්ගේ (PhD) පස්මස් පරීක්ෂණයට අනුව ඇය සොයාගත්තේ පිරිමින්ට වඩා කාන්තාවන් වඩා නිර්මාණශීලී බොරු ගොතා කියනා බවය. පිරිමින්ගේ සරල බොරු අසුකරගැනීමට කාන්තාවන්ට සූක්ෂම හැකියාවක් ඇති බවත් කාන්තාවන්ගේ නිර්මාණශීලී බොරු හඳුනාගැනීමට පිරිමින්ට ඇති හැකියාව බොහෝ අඩු බවත්ය. පිරිමි මායම් වලට වඩා ගැහැණු මායම් බොහෝ බලවත් වන්නේ මේ නිසාම විය හැකිය. ඔබත් ඔබේ ඉදිරියේ සිටින පුද්ගලයාගේ ක්ෂුද්ර ඉරියවු නිරීක්ෂණය කරන්න.

හසිත් හේරත් | Athirasa

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker