Categories

Feature

ජීවිතය | Life

517views

ජීවිතය !

ගතට දැනුනු සිසිල සමග බාහිර ලෝකයට නිරාවරණය වූ මා මහපොළවට එකතු කොට තිබිණ.පස් කුට්ටි අතරින් පෙණුනු නැවුම් හිරු එළියද පෙරදින වැටුනු වැස්සෙන් ලද ප්‍රාණයෙන්ද මුසපත්ව මා පස් අතරින් එළියට පැමිණියෙමි.මා අසලින් ඇවිද ගිය හැකරැල්ලන් , ගැඩවිලන් , කුරුමිණියන් මාවෙත බොහෝ පහසුකම් සැළසූහ.දැවැන්ත පොළෝතලය මත ඉතා අපහසුවෙන් නැගීසිටි මාගේ කෝෂය දැබෑ වී මූල පද්ධතිය වැඩෙන්නට පටන්ගෙන තිබිණි.දිනපතා ලද හිරු එළිය මාවෙත ශක්ති පදාර්ථය ලබාදුන්නේය. ආහාර හා ජලය මාගේ පොළෝතලය මගින් නිතිපතා මට ලබාදෙමින් සිටියේය.ළපටි පත්‍ර දෙකක් ලද මා ටිකෙන් ටික වැඩිවියට පත්වන්නට වූයෙන් මාගේ සිරුරටද වෙනසක් අත්වෙමින් තිබිණ. මා අසල සිටගෙන සිටි තවත් මා වැන්නවුන් දකින මා හට ඔවුන් පරයා යාමට අවශ්‍යතාවයක් නොවීය.

දින , සති , මාස ගෙවී යමින් තිබිණ. දිවා , රාත්‍රී මට වෙනසක් නොවීය. අපගේ වැඩිහිටියන්ට පැවරී තිබූ රාජකාරීන් වලට සීමාවල් තිබුනේ නැත.කෙළිකවට කමින් සුළඟ සමග සෙල්ලම් කරමින් මාද මාගේ සමකාලීන මිතුරන්ද වැඩිහිටියන් මෙන්ම රාජකාරීවලට එළඹෙමින් සිටියෙමු. වාතයට ඔක්සිජන් නිකුත් කිරීම අපට පැවරුණු ප්‍රධාන රාජකාරියයි.තවමත් ළපටි අතු ක්‍රමයෙන් දරදඬු වෙමින් තිබුනේ මටත් හොරාය.ගෙවීගව කාලය අපව වැඩිහිටියන් කොට තිබුනි.මේ වන විට ගෙවී ගොස් තිබූ කාලව වසර 50 ක් ඉක්මවා තිබුණි.තවමත් මා වාතයට ඔක්සිජන් නිකුත් කරමින් සිටිමි.මාගේ ඵල කුරුල්ලන්ද , වඳුරන්ද අනුභව කරමික් කුස පුරවා ගනිති. මාගෙන පැණනැගුණු තවත් දරුපරපුරත් මා වටා ගොඩනැගෙන හැටි හරි ආසාවෙන් බලා සිටිමින් ඔවුන්ට ආරක්ෂාවද සපයමි.මා අසලින් එහේ මෙහේ යන සතුන් මාගේ සෙවණෙහි හිඳ ගිමන් හරින හැටිද දකිමි. මා ඔවුන් සියළු දෙනාට අඩුවක් නැතුව ආදරය කරමි.

එහෙත් මිනිසා නම් සත්වයා බොහෝ දරුණු සත්වයෙකු බව මා අසලින් ගිය අනෙකුත් මා මිතුරු සතුන් මා හට නිතරම පවසා තිබිණි.ඔවුන්ගේ ආක්‍රමණය බොහෝ දරුණු එකක් විය හැක.ඔවුන්ට ආසාවේ සීමා නැත. අවශ්‍යතාවේ සීමා නැත. අපගේ වටිනා කම ඔවුන් දන්නේ නැත. එක්කෝ ඔවුන්ට වැඩක් නැත.පසුගිය කාලයේ සිටම ඔවුන් මා වැනි බොහෝ අයගේ හිස සිඳ මරාදමා පොළවටම පෙරලා දමමින් සිටින්නෝය.ඔවුන් මා වෙතටද ඒ යැයි මා සිතුවේ නැත.එහෙත් එය එසේම සිදුවිය.

යන්තරයක් රැගෙන පැමිණී ඔවුන් මාගේ දෙපා සිඳලන්නට දැති තලය ලං කලහ. කැපී යන මාගේ දෙපා තුලින් මහත් වේදනවාක් දැණින.වසර සියයකට ආසන්න කාලයක් මා ඔවුන්ටම ආදරය කලෙමින් සිටියෙමි.ඔවුන් නොදන්නවා වුව ඔවුන් ජීවත් වන්නට ඔක්සිජන් සැපයූවෙමි.එහෙත් අද ඔවුන් මාව මෙලොවින් පිටමන් කරමින් සිටිති.මාගේ දෙපාද , කුස හරහා යමින් තිබූ යකඩ දැති වලින් දැනෙන වේදනාව උහුළාගැනීමට නොහැකිව ගිරියෙන් කෑ ගැසීමි.එය ඔවුන්ට ඇසුනේ නැත.අසල සිටි මාගේ ඥාතීන් මා දකිමින් කඳුළු සැලුවත් තවත් මොහොතකින් ඔවුන්ටද මේ සෙතම අත්වනු ඇත.මහා හඬක් නගා මාගේ දෙපා හා මෙතෙක් කල් මා දරා සිටි මහ පොළව සමඟ තිබූ සම්බන්ධය මිනිසාගේ පැමිණීමෙන් අහවර විය.ශතවර්ෂයක් දිවිය නිමා කරමින් මා කුඩා කල පස්පෙරළමින් එළියට පැමිණි පොළෝතය බදා වැළඳ ගණිමින් මාගේ අවසන් හුස්ම පොදද මේ අසාධාරණ මිනිසා වෙනුවෙන්ම නිකුත් කොට නිසල වීමි..

———————————————————————————-

හඳුනාගෙන ඇති ආකාරයට ලොව තුල ගස් ට්‍රිලියන 3.04 ක් පමණ ඇති අතර මිනිස් විසින් වසරකට ලොව තුළ කපාදැමෙන ගස් ප්‍රමාණය බිලියන 15ක් පමණ වේ.පසුගිය සියවස් ගණනක් තුල සිට ලොව වන ගහණ වලින් 46% ක් මිනිසා විනාස කොට දමා ඇත.

©හසිත හේරත්.

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker