Categories

History

මහා ලිස්බන් භූ චලනය | Historical Lisbon Earthquake

667views

මහා ලිස්බන් භූ චලනය !

මීට වසර 262 කට පෙරදී , 1755 නොවැම්බර් 01 වනදා යුරෝපය හොල්ලා දැමූවේ අති බිහිසුණු භූ චලනයකි. පෘතුගාලයේ අගනුවර වූ ලිස්බන් නගරයට කිලෝමීටර් 200කට දුර අත්ලාන්තික් සයුරේ ඇතිවූ මේ භූ චලනය 18 වන සියවසේදී ලෝකයේ ඇතිවූ අති බිහිසුනු භූචලනය විය. ලිස්බන් වේලාවෙන් උදෑසන 9.30 පමණ ඇතිවූ එය රික්ටර් මාපකයේ අගය 9 ක් වූ භූ චලනයක් විය(පසුකාලීනව කළ ගණනය කිරීම් වලින් සොයාගෙන ඇත)

මිනිත්තු 10 ක් පමණ නොනවත්වා සිදුවූ සෙළවීමෙන් ලිස්බන් පොළව පැලී ගියේය. පෘතුගාලයේ වැඩිම ජනකායක් ජීවත් වූ ලිස්බන් අගනුවර මෙම සිදුවීමෙන් වැඩිපුරම අගතියට පත්විය.භූ චලන ත්‍රිත්වයක් ළඟ ළඟම සිදුවූ අතර ඒවායෙන් දෙවන චලනය බොහා දරුණුතම කම්පනය විය. ගොඩබිමට කඩා වැදුනු අඩි 20ක් පමණ උස්වූ සුනාමි රළ දේපළ මෙන්ම පණ බේරා දිවගිය ජනයාද දියෙහි ගිල්වා දැමීය.සිදුවීම හේතුවෙන් මිනිස් ජීවිත 50,000 කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබුනි‍.

මහා සුනාමි රළ මගින් විනාශ වූ ගොඩනැගිලි අතර අතිවිශාල ගිනි ජාලාවක් පැතිරුනු අතර එය දින පහත් තිස්සේ පැවති බව සඳහන් වේ.අත්ලාන්තික් සාගරයේ ප්‍රධානම පෘතුගීස් වරාය වූ ලිස්බන් වරාය සම්පූරණයෙන්ම විනාශ වී ගියේය.මේ සුනාමි රළ මුළු අත්ලාන්තික් සයුරම කළඹා දැමීය.උතුරු අප්‍රිකානු වෙරළ කලාපයටද කඩා වැදුනු මේ රළ උතුරු හා දක්ෂිණ ඇමරිකා මහද්වීප දක්වාද පැතිර ගියේය.

©හසිත හේරත්

Hasitha Herath

Hasitha Herath

Head Of Athirasa.lk / Author / Content Maker