බැඳීම | Love
බැලූ බැල්මට ඔබට පෙනෙන්නේ මේ කුමක් කියාද ? නිකම් සමරුවක් , එහෙමත් නැතිනම් පාරක් අයිනේ ලස්සනට හදපු නිර්මාණයක් ? ඇත්තටම මේ තියෙන්නේ සොහොන් කොතක් , එකක් නොවෙයි දෙකක්.එක කොතක් තාප්පෙන් මේ පැත්තේ , අනිත් සොහොන් කොත තාප්පෙන් එහා පැත්තේ.හොඳින් බලන්න කොත් දෙකේ කිසියම් සම්බන්ධයක් පෙනේද ? ඔවු අත් දෙකකින් අල්ලාගෙන සිටින සොහොන් කොත් දෙකක්.ඇත්තටම මේ මොකද්ද ??
මේ නෙදර්ලන්තයේ රොඒමන්ඩ් කියල පළාතේ පිහිටලාතියෙන Het Oude කියන සුසාන භූමියක්.මෙම කොත් දෙක එකළ ජීවත් වූ ප්‍රොත්‍රෙස්තන්ත්‍ර ආගම ඇදහූ මහත්මයෙක්ගේ හා කතෝලික ආගම ඇදහූ නෝනා කෙනෙකුගේ දේහ තැම්පත් කොට සෑදූ සොහොන් කොත් දෙකකි.මොවුන් විවාහ වී තිබුනේ 1842 දී. මහත්මයා හිටපු ලන්දේසි යුධ කර්නල් වරයෙක් වූ අතර 1880 දී මිය ගියා.ඔහුගේ දේහය සුසාන භූමියේ ප්‍රොත්‍රෙස්තන්ත්‍ර ආගමිකයින් සඳහා වූ කොටසේ මිහිදන් කෙරුනා.ඉන් වසර 8 කට පසුව 1888 දී ඔහුගේ බිරිඳ ද මිය ගිය පසුව මිහිදන් කල යුතු වූවා.එහෙත් තම ස්වාමියාට ඉතා ආදරයෙන් සිටි ඇයට ප්‍රොත්‍රෙස්තන්ත්‍ර ආගමිකයින් සඳහා වූ කොටසේ මිහිදන් වීමට අවස්ථාවක් හා බලතල නෑ.එම නිසා ඇයට තම සැමියාගේ වල අසල සැතපීමට අවස්ථාව අහිමි වීම වලක්වනු වස් ඇයව කතෝලිකයින් සඳහා උරුම තාප්පෙන් එහා සුසානයේ මිහිදන් කොට මෙසේ එකම අාකාරයේ උස්වූ කොත් දෙකක් මගින් තාප්පයට ඉහළින් තම දෑත් අල්ලා සාමයේ සැතපෙන්නට එකල සිටි අය සලස්වා තිබෙනවා.
1888 සිට මේ වනතුරුත් ඔවුන් දෙදෙනා නෙදර්ලන්තයේ Het Oude සුසානයේ දෙපසට වී තම දෑත් අල්ලා මෙසේ සැතපී සිටිනවා. එදා මෙදා තුර සිට ඔවුන්ගේ දුක සැප දෙකට සිටියේ මෙම තාප්පයම පමණක් වන්නට ඇත.
හසිත හේරත් | Athirasa [ Life ]